එම සංවිධානයේ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසන්නේ, ජනාධිපතිවරණ ජනවරමින් ජනතාව අපේක්ෂා කළේ යුක්ති සහගත හොඳ දේ කරන පාලකයෙක් බව වුවත් මෙම සංශෝධනය මගින් ජනාධිපතිගේ එම ප්‍රතිරූපයට හානි වන බවයි.
ඔහු මෙම අදහස් පළ කළේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමිනි.
නීති කෙටුම්පත් අංශයේ නිලධාරීන් හිතාමතා මෙම සංශෝධනයට ඇතැම් කොටස් දැම්මේද නැත්නම් ඔවුන් පුරුද්දට වභාගයකින් තොරව දැම්මේදැයි සොයා බැලිය යුතු බවත් ඔහු එහිදී කියා සිටියේය.
19 සංශෝධනයේ තිබූ ඇතැම් හොඳ දේවල් මෙම විසිවන සංශෝධනය මගින් ආපසු හරවා ඇතැයිද එය ජනවරමේ අපේක්ෂාව නොබවත් හොඳ දෙයක් නොවන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.
විස්ස සාරාර්ථයෙන් ගත් විට, රාජපක්ෂලාගේම මිස වෙන කිසිවෙකුගේ නොවේ :
මේ අතර ප්‍රකට දේශපාලන විචාරක සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ පවසන්නේ, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය, එහි සාරාර්ථයෙන් ගත් විට, රාජපක්ෂලාගේම මිස වෙන කිසිවෙකුගේ නොවන බවයි.
අලි සබ්රි, ජී. ඇල්. පීරිස් හෝ වෙන ඕනෑම කෙනෙකුට කළ හැක්කේ, රාජපක්ෂලාගේ අදහස සහ අවශ්‍යතාව ඉංග්‍රීසියෙන් ලියා දීම පමණක් බවද ඔහු පෙන්වා දී ඇත.
කාරණය ඉතා සරලව පැහැදිලි කරන වියන්ගොඩ, 20 වැනි සංශෝධනයට අනුව රාජපක්ෂ අභිලාෂයන් මෙසේ පැහැදිලි කරයි.
(1) ව්‍යවස්ථා සභාව අහෝසි කෙරේ. එය රාජපක්ෂ අභිලාෂයකි.
(2) විගණන කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා අකර්මණ්‍ය කෙරේ. එය රාජපක්ෂ අභිලාෂයකි.
(3) ප්‍රසම්පාදන නියාමනය අහෝසි කෙරේ. එය රාජපක්ෂ අභිලාෂයකි. (ප්‍රසම්පාදනය යනු, විනිවිද පෙනෙන සේ අනුගමනය කළ යුතුව ඇති ටෙන්ඩර් පරිපාටි වැනි දේවල් ය).
(4) ජනාධිපතිවරයා කරන කිසිවක් නීතිය ඉදිරියේ වරදක් නොවේ. (මුක්තිය). එය රාජපක්ෂ අභිලාෂයකි.
(5) අලූත් පාර්ලිමේන්තුවක් අවුරුද්දක කාලයක් අවසානයේදී විසුරුවා හැරිය හැකිය. එය රාජපක්ෂ අභිලාෂයකි.
(6) ඉහළ අධිකරණ විනිසුරුවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ආදී මර්මස්ථාන හොබවන තනතුරුවලට අÞළ මෙහෙයවීම ජනාධිපති යටතට ගැනේ. එය රාජපක්ෂ අභිලාෂයකි.
කියවන්න.
20 ලිව්වේ කවුද? (තොඳොල් ප්‍රශ්නයක්) - ගාමිණී වියන්ගොඩ
'විස්සේ වෙනසක් නෑ' - ජනාධිපති ආවේගයෙන් ගුගුලයි : මහින්ද කමිටු යෝජනා කුණු කූඩයට !
'20 හැදුවේ ජනාධිපතිම නම් තත්වය තවත් බරපතලයි' -ජාතික සංවිධාන
T
The Leader Desk
September 18, 2020 • 11:18 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- විසි වන ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත ගෙන ආවේ ජනාධිපතිවරයා ම නම් එම තත්ත්වය ඉතාම බරපතළ බව අමාත්‍ය විමල් විරවංශ විසින් මෙහෙයවන ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි.
- නීති කෙටුම්පත් අංශයේ නිලධාරීන් හිතාමතා මෙම සංශෝධනයට ඇතැම් කොටස් දැම්මේද නැත්නම් ඔවුන් පුරුද්දට වභාගයකින් තොරව දැම්මේදැයි සොයා බැලිය යුතු බවත් ඔහු එහිදී කියා සිටියේය.
- 19 සංශෝධනයේ තිබූ ඇතැම් හොඳ දේවල් මෙම විසිවන සංශෝධනය මගින් ආපසු හරවා ඇතැයිද එය ජනවරමේ අපේක්ෂාව නොබවත් හොඳ දෙයක් නොවන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.
- පීරිස් හෝ වෙන ඕනෑම කෙනෙකුට කළ හැක්කේ, රාජපක්ෂලාගේ අදහස සහ අවශ්‍යතාව ඉංග්‍රීසියෙන් ලියා දීම පමණක් බවද ඔහු පෙන්වා දී ඇත. කාරණය ඉතා සරලව පැහැදිලි කරන වියන්ගොඩ, 20 වැනි සංශෝධනයට අනුව රාජපක්ෂ අභිලාෂයන් මෙසේ පැහැදිලි කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


