BREAKING
Top Ad
විදේශ

හිස්බුල්ලා සතු ගමන් කථන තොගයක් පුපුරා යයි - 20ක් මරුට

T

The Leader

September 19, 2024 • 4:32 AM

හිස්බුල්ලා සතු ගමන් කථන තොගයක් පුපුරා යයි - 20ක් මරුට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෙබනනයේ, හිස්බුල්ලා සන්නද්ධ කැරළිකරුවන් සතු ගමන් කථන තොගයක් ඊයේ (18) පුපුරා ගියේය. සිද්ධියෙන් 20 දෙනකු මරුමුවට පත්ව, 450ක ට වැඩි පිරිසක් තුවාළ ලැබූහ.
  •   එම සමාගමේ සන්නාන්මය යටතේ පවතින සන්නිවේදන උපකරණ සියල්ල ජපන් නිෂ්පාදන බවත්, ප්‍රශ්නගත උපකරණ තොගය කොටස් වශයෙන් නැව්ගත කළේද යන්න පිලිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවත් එම සමාගම පවසයි.
  • කෙසේවුවත්, පුපුරාගිය මාදිලියට අයත් ගමන් කථන මීට වසර 10 කට පෙර නිෂ්පාදනයෙන් ඉවත් කර ඇති බව සමාගම ප්‍රකාශ කරයි.
  • සමාගම විසින් දැනට නිෂ්පාදනයේ නොමැති, පෙර නිෂ්පාදනවල අනුකරණ, වෙළඳපොළෙහි පැවතිය හැකි බවට ද ඔවුන් විසින් ප්‍රකාශ කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

පුපුරාගිය ගමන් කථන, ජපානයේ ගුවන් විදුලි සහ දුරකථන සන්නිවේදන සමාගමක් වන අයිකොම් (ICOM) ලේබලය යටතේ නිෂ්පාදිත IC-V82 මාදිලියට අයත් උපකරණ තොගයක් බව අනාවරණය වී තිබේ.

 

එම සමාගමේ සන්නාන්මය යටතේ පවතින සන්නිවේදන උපකරණ සියල්ල ජපන් නිෂ්පාදන බවත්, ප්‍රශ්නගත උපකරණ තොගය කොටස් වශයෙන් නැව්ගත කළේද යන්න පිලිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවත් එම සමාගම පවසයි. කෙසේවුවත්, පුපුරාගිය මාදිලියට අයත් ගමන් කථන මීට වසර 10 කට පෙර නිෂ්පාදනයෙන් ඉවත් කර ඇති බව සමාගම ප්‍රකාශ කරයි. සමාගම විසින් දැනට නිෂ්පාදනයේ නොමැති, පෙර නිෂ්පාදනවල අනුකරණ, වෙළඳපොළෙහි පැවතිය හැකි බවට ද ඔවුන් විසින් ප්‍රකාශ කර තිබේ.

 

ඉකුත් අඟහරුවාදා (17) පුපුරාගිය හිස්බුල්ලා පේජර තොගය මිලදී ගත් කාලයට ආසන්න කාලපරිච්චේදයක් තුළ; මීට මාස කිහිපයකට පෙර මෙම ගමන් කථන තොගයද එම සංවිධානය විසින් මිලදී ගෙන තිබේ. 

වසර මුලදී, හිස්බුල්ලා සංවිධානය විසින් මිලදීගෙන, සිය සන්නද්ධ සාමාජිකන්, නායකයින් සහ වෛද්‍ය කණ්ඩායම් වෙත බෙදා හරින ලද පේජර 3000ක් අඟහරුවාදා, ලේබනනයේ ස්ථාන රැසකදී පුපුරා ගියේය. මේ වන විට, එම අනතුරින්, මියගිය සංඛ්‍යාව 12 තෙක්  ඉහළ ගොස් තිබේ. සිද්ධියෙන්, 3000කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. 

බරපතල තුවාල ලැබුවන් අතර, ලෙබනනයේ, ටෙහෙරාන් (Tehran) තානාපතිවරයාද වන බව  (Fars) ෆාර්ස් පුවත් ඒජන්සිය පවසයි. අනතුරින් ඔහුගේ එක් ඇසක් අහිමි ව, අනෙක් ඇසට බරපතල හානි සිදුවී තිබේ.

 

ඊශ්‍රායල මොසාඩ් (Mossad ) ඔත්තු සේවය මෙම නවතම ආකාරයේ සයිබර් ප්‍රහාරවල වගකීම භාර ගතයුතු බව හිස්බුල්ලා සංවිධානය පවසයි. එක්සත් ජනපදය, ඊට සිය කිසිදු සම්බන්ධයක් නැති බව කියා තිබේ. 

2024 09 18T181827Z 1070377874 RC243AAR9TRG RTRMADP 3 ISRAEL PALESTINIANS HEZBOLLAH SIDONහිස්බුල්ලා සංවිධානය විසින් අඩු-තාක්ෂණික සන්නිවේදන උපකරණ භාවිතා කෙරේ.

 

ඊශ්‍රායල බුද්ධි තොරතුරු සේවාවන්ගෙන් හැකිතාක් වසන් වීම පිණිස, හිස්බුල්ලා සංවිධානය විසින් අඩු-තාක්ෂණික සන්නිවේදන උපකරණ භාවිතා කෙරේ.

අඟහරුවාදා සිද්ධියට ප්‍රතිචාර වශයෙන්, ඊශ්‍රායල හමුදා මර්මස්ථානයන්ට රොකට් ප්‍රහාර එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය පවසයි. එහෙත්, එම ප්‍රහාර වලින් හමුදා භටයින්ට හෝ යුද උපකරණවලට හානි වූ බවට වාර්තා නැතැයි ඊශ්‍රායලය විසින් තහවුරු කර තිබේ. නවතම ප්‍රහාර මාලාවත් සමග ඊශ්‍රායල සහ ලෙබනනය අතර දරුණු යුද පෙරනිමිති පහළ වී තිබේ. 

2019 වසරේ සිදුවූ මූල්‍ය අවපාතය සහ 2020 වසරේ  බීරූත් (Beirut ) වරායේ සිදුවූ දැවැන්ත පිපිරීමත් සමග, වත්මන් ලෙබනනය පිට පිට දෙවතාවක් දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටී.  

(Reuters ඇසුරින් සටහන :  හර්ෂ උදයකාන්ත) 

මූලාශ්‍ර:
Hezbollah devices explode again in Lebanon, raising fears of wider Israel conflict


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...