BREAKING
Top Ad
පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණය ජනමතය විචාරණයක් ඕනෑ කිව්වොත් ආණ්ඩුව 20 අත්හරී!

T

The Leader

September 26, 2020 • 12:53 AM

 ශ්‍රේෂ්ඨාධිකරණය ජනමතය විචාරණයක් ඕනෑ කිව්වොත් ආණ්ඩුව 20 අත්හරී!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කිරීම ඇතුළු මූලික යෝජනා සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කළහොත් 20 වැනි
  • එසේ, විසිවන සංශෝධනය අත්හැර දැමීමට හේතුව වශයෙන් ආණ්ඩුපක්ෂයේ සාකච්ඡා වල දී අවධානය යොමු කර ඇත්තේ ජනමත විචාරණයක දී 20 වැනි සංශෝධනයට විරුද්ධව සියයට 50 කට වැඩි පිරිසක් ඡන්දය ලබාදීමේ  විශාල ඉඩක් ඇති බව ය.
  •  මේ වන විටත් ආණ්ඩු පක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ නායකයින් හා ආණ්ඩුවට හිතවත් ජාතික සංවිධාන ද විපක්ෂයේ දේශපාලන පක්ෂ ද සිවිල් සංවිධාන ඇතුළු බොහෝ දෙනා විසින් 20 වෙනි සංශෝධනයට විරෝධය ප්‍රකාශ කිරීම් කර තිබීම ඒ සඳහා හේතු ලෙස සාකච්ඡාවට ලක්වී ඇත.
  • විශේෂ කරුණු හතරක් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරමින් යවන ලද ලිපියක මේ බව සඳහන්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සංශෝධනය අතහැර දැමීමට ආණ්ඩු පක්ෂයේ සාකච්ඡාවක් ඇතැයි සති අන්ත 'අනිද්දා' පුවත්පත වාර්තා කරයි. 

තම පුවත්පත සමග අදහස් දැක්වූ කැබිනට් මණ්ඩල සාමාජිකයෝ කීප දෙනෙක්ම එම කාරණය පැවසු බව එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කිරීම විසිවැනි සංශෝධනය මූලික අරමුණ වන නමුත්, එය අහෝසි කිරීමේ දී පත්කිරීම් බලතල ජනාධිපතිවරයා වටා ගොනූ වන නිසා, එය ජනතා පරමාධිපත්‍ය සීමා කිරීමක් ලෙස සලකමින් ශ්‍රේෂ්ඨාධිකරණය ජනමත විචාරණයක් නියම කිරීමේ ඉඩක් ඇතැයි ආණ්ඩුවේ නායකයින්ගේ අවධානයට යොමු වී ඇත.

''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කිරීම විසිවැනි සංශෝධනය මූලික අරමුණ වන නමුත්, එය අහෝසි කිරීමේ දී පත්කිරීම් බලතල ජනාධිපතිවරයා වටා ගොනු වන නිසා, එය ජනතා පරමාධිපත්‍ය සීමා කිරීමක් ලෙස සලකමින් ශ්‍රේෂ්ඨාධිකරණය ජනමත විචාරණයක් නියම කිරීමේ ඉඩක් ඇතැයි ආණ්ඩුවේ නායකයින්ගේ අවධානයට යොමු වී ඇත.''

 ඡන්දයෙන් පරදී යයි අනුමානයක් !

එසේ, විසිවන සංශෝධනය අත්හැර දැමීමට හේතුව වශයෙන් ආණ්ඩුපක්ෂයේ සාකච්ඡා වල දී අවධානය යොමු කර ඇත්තේ ජනමත විචාරණයක දී 20 වැනි සංශෝධනයට විරුද්ධව සියයට 50 කට වැඩි පිරිසක් ඡන්දය ලබාදීමේ  විශාල ඉඩක් ඇති බව ය.

 මේ වන විටත් ආණ්ඩු පක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ නායකයින් හා ආණ්ඩුවට හිතවත් ජාතික සංවිධාන ද විපක්ෂයේ දේශපාලන පක්ෂ ද සිවිල් සංවිධාන ඇතුළු බොහෝ දෙනා විසින් 20 වෙනි සංශෝධනයට විරෝධය ප්‍රකාශ කිරීම් කර තිබීම ඒ සඳහා හේතු ලෙස සාකච්ඡාවට ලක්වී ඇත.

 ජනමත විචාරණයක් පවත්වන්නට සිදුවුවහොත් සමාජය ඉදිරියේ විසිවෙනි සංශෝධනය සාධාරණීකරණය කරමින් ඒ වෙනුවෙන් පෙනී සිටීමට ආණ්ඩුවේ නායකයන් බොහෝ දෙනෙක් මැලිකමක් දක්වන බව 'අනිද්දා' පුවත්පතට අදහස් දැක්වූ කැබිනට් මණ්ඩල සාමාජිකයින් පෙන්වාදී ඇත. 


20ට එරෙහිව ආණ්ඩුවට පක්ෂ විද්වත් වෘත්තික සංවිධානත් නැඟී සිටියි

Screen Shot 2020 09 26 at 11.22.57 AM
19 වන ව්‍යවස්ථා සංශෝධනය  මගින් රාජ්‍ය දුර්වලවීම නිසා රටට සිදුවූ අගතිය පිළිබඳව මහජනයා අතර විවාදයක් ඇති බැවින් රටට යහපත් ආකාරයට එම සංශෝධන නැවත සංශෝධනය  විය යුතු බව ආණ්ඩුවට පක්ෂපාති වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ පවසයි.

වැරදි නිවැරදි කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කොට ඇති 20 වන සංශෝධනය මගින් යම් වැරදි නිවැරදි කිරීමට අමතරව අනාගතගේදී රටට අහිතකර ගැටළු ප්‍රමාණයක් නිර්මාණය වීමේ අවධානමක් ඇති බව මේ වන විට විද්වතුන් පමණක් මහා සමාජය තුල කතිකාවක් ඇතිවී තිබෙන බව ඔවුන් පෙන්වා දෙයි.

විශේෂ කරුණු හතරක් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරමින් යවන ලද ලිපියක මේ බව සඳහන්වේ.


Letter to HE GR 0003 20 වන සංශෝධනය තුළ අඩංගු ජනතා අභිලාෂයන්ට හානිකරන කරුණු කිහිපයක් සම්බන්ධව copy 20 වන සංශෝධනය තුළ අඩංගු ජනතා අභිලාෂයන්ට හානිකරන කරුණු කිහිපයක් සම්බන්ධව copy

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...