BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
පුවත්

''දැන් පොහොට්ටුව දැක්කම මතක් වෙන්නේ 'මාටියා ගහපු' කෝටි 200''

T

The Leader Desk

September 17, 2019 • 5:24 AM

''දැන් පොහොට්ටුව දැක්කම මතක් වෙන්නේ 'මාටියා ගහපු' කෝටි 200''

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නෙළුම් කුලුනේ පිටුපස කතාව එතරම් සුන්දර නොවන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නෙලුම් කුළුණ විවෘත කරමින් ඊයේ (16) සිදුකළ ප්‍රකාශය
  • ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ පොස්ටුවක් පළකර ඇති නිහාල් රත්නායක මෙසේ සටහන් කර ඇත.
  • කොළඹ නගරය අලංකාරවත් කරමින් සහ ශ්‍රී ලංකාව දැවැන්ත සන්නිවේදන ශිෂ්ටාචාරයකට යොමු කරමින් දකුණු ආසියාවේ නවීනතම පහසුකම්වලින් සමන්විත උසම කුලූන ලෙස ඉදිකෙරුණු කොළඹ නෙළුම් කුලූන ජනාධිපතිවරයා  අතින් ඊයේ (16)පස්වරුවේ විවෘත කෙරිණි.
  • මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා, ජාතික සම්පතක්, සංනිවේදනයේ පරිවර්තනයක් ලෙස මෙම ඓතිහාසික කාර්යභාරය පිළිබඳ සතුටුවනවා සේම, ඒ පිටුපස කතාව එතරම් සුන්දර නොවන බවද අවධාරණය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් සංවාදයක් මතුව ඇත. ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ පොස්ටුවක් පළකර ඇති නිහාල් රත්නායක මෙසේ සටහන් කර ඇත.

FB 11

කොළඹ නගරය අලංකාරවත් කරමින් සහ ශ්‍රී ලංකාව දැවැන්ත සන්නිවේදන ශිෂ්ටාචාරයකට යොමු කරමින් දකුණු ආසියාවේ නවීනතම පහසුකම්වලින් සමන්විත උසම කුලූන ලෙස ඉදිකෙරුණු කොළඹ නෙළුම් කුලූන ජනාධිපතිවරයා  අතින් ඊයේ (16)පස්වරුවේ විවෘත කෙරිණි.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා, ජාතික සම්පතක්, සංනිවේදනයේ පරිවර්තනයක් ලෙස මෙම ඓතිහාසික කාර්යභාරය පිළිබඳ සතුටුවනවා සේම, ඒ පිටුපස කතාව එතරම් සුන්දර නොවන බවද අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් කරුණු ඇතුලත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කළ අතර "කොළඹ නෙළුම් කුලූන ජනතා අයිතියට පවරාදෙනු ලබන්නේ මතභේදාත්මක ගිවිසුමකින් ශ්‍රී ලංකාවට අහිමිවීමට ගිය විශාල මුදල් ප්‍රමාණයක් රටට ඉතිරිකර දෙමින් බව එම නිවේදනයේ සඳහන් විය.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට අනුව, නෙළුම් කුලූන ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත සමස්ත පිරිවැය රුපියල් බිලියන 19ක් වූ අතර එම මුදල සම්පූර්ණ ණය මුදලක් වශයෙන් ශ්‍රී ලංකා රජයට ලබා දීමට චීනයේ EXIM බැංකුව එකඟවී තිබිණි.

එම එකඟත්වයට අදාළව මෙම ඉදිකිරීම් සඳහා වන කොන්ත්‍රාත්තුව 2012-01-03 වන දින චීනයේ CEIEC සහ ALIT යන සමාගම් සහ විදුලිසංදේශ නියාමන කොමිසම අතර ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක් ලෙස ඇතිකර ගැනිණි.

පසුව 2015 දී සිදුකරන ලද විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ එයින් එක් පාර්ශ්වයක් වන ALIT නමින් වන සමාගමක් පිළිබඳව කිසිදු තොරතුරක් සොයාගත නොහැකිබවය.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදිමේ පිළිබඳව බීජිංනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා චීන රජයට ද දැනුම්දී තිබේ.

ඒ අනුව ALIT  සමාගම පිළිබඳ තොරතුරු ලබා ගැනීමට උත්සාහයක් ගනු ලැබූ නමුත් එ නමින් කිසිඳු සමාගමක් චීනය තුළ හෝ ඉන් බැහැරර ටකින් සොයා ගැනීමට නොහැකි වි ඇත.

 

ලිපිනයත් ව්‍යාජ එකක් !

එකී සමාගමට අදාළව ගිවිසුමේ අන්තර්ගත ලිපිනය ද ව්‍යාජ එකක් බවට තොරතුරු හෙළි විය.

මේ අතර ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 02ක මුදලක් චීනයේ ALIT සමාගමට ප්‍රථමයෙන්ම අත්තිකාරමක් ලෙස ගෙවා ඇතත් එම රුපියල් බිලියන  02ක මුදලට සිදුවූ දෙයක් පිළිබඳව ද කිසිදු වාර්තාවක සඳහන් නොවේ.

ඒ අනුව 2017 නොවැම්බර් මාසයේ දී ගිවිසුම්ගත ත්‍රෛපාර්ශ්වීය එකඟත්වයෙන් එක් පාර්ශ්වයක් වූ ALIT නමින් සඳහන්ව තිබු සමාගම බැහැර කරන ලද අතර එම සිදුවීමෙන් පසු චීනයේ EXIM බැංකුව ලබා දෙමින් පැවති ණය මුදල අත්හිටුවන ලදී.

එහි ප්‍රතිඵලයක් ලෙස චීන EXIM බැංකුවෙන් ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටි රුපියල් බිලියන 16ක ණය ප්‍රමාණය රුපියල් බිලියන 12කට සීමාවිය.

එහෙත් ඒ වනවිටත් ලබාගෙන තිබූ එකී ණය මුදල  සඳහා සෑම වර්ෂයකම ණය වාරිකය ලෙස රුපියල් මිලියන 2400ක මුදලක් හෙවත් රුපියල් කෝටි 240ක මුදලක් ශ්‍රී ලංකාව ගෙවමින් සිටී.

2018 වසරට අදාළව ද ශ්‍රී ලංකාව එකී ණයවාරිකය වන රුපියල්කෝටි 240ක මුදල ගෙවා අවසන් කර ඇති අතර, එය තවත් වසර 10ක කාලයක් ඒ ආකාරයටම වාර්ෂිකව ගෙවීමටසිදුව ඇත.

එමෙන්ම 2019 වර්ෂයට අදාළ ණය වාරිකයේ ප්‍රථම අර්ධය වන රුපියල්කෝටි 120ක මුදලක් මේ වන විටත්ගෙවා තිබේ.

මෙවන් පසුබිමක නෙළුම් කුලූන ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව රුපියල් බිලියන 04ක දායකත්වයක් දරමින් අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළ ඉතිරිකර ගැනීමට දායක්තවයක් ලබාදී තිබේ.

 

'ජනාධිපතිගේ කතාව බොරුවක්' -අනුෂ පැල්පිට ගෙන් පිළිතුරක්

anusha palකොළඹ නෙළුම් කුළුණ ඉදිකිරීම සඳහා ඇලිට් නැමති චීන සමාගමකට 2012 වසරේදී රුපියල් බිලියන දෙකක අත්තිකාරමක් ගෙවා ඇතත් එවැනි සමාගමක් චීනයේ නොමැති බවටත් එම සමාගම චීනයෙන් අතුරුදන් වී ඇති බවටත් ජනාධිපතිවරයා ඊයේ (16) කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ එවකට අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ අනූෂ පැල්පිට සිය නිළ ෆෙස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබා ඇත.

''නෙළුම් කුළුණ විවෘත කිරීමේදී ජනාධිපතිතුමා විසින් බිලියන 2 ක අත්තිකාරම් මුදලක් ALIT සමාගමකට ගෙවා ඇතත් එවැනි සමාගමක් චීන නොමැතිබව නිවැරදි තොරතුරු ලබා ගැනීමකින් තොරව ප්‍රකාශ කර ඇති බව පැහැදිලි වේ. '' යයි අනුෂ පැල්පිටගේ සටහන සඳහන් වේ.

Anusha FP 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

''දැන් පොහොට්ටුව දැක්කම මතක් වෙන්නේ 'මාටියා ගහපු' කෝටි 200'' | The Leader