BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

ගුවන් ගමන් තහනමින් රටවිරුවන් 200 ක් ඩුබායිවල මහපාරේ! (වීඩියෝ)

T

The Leader Desk

November 10, 2020 • 2:13 AM

ගුවන් ගමන් තහනමින් රටවිරුවන් 200 ක් ඩුබායිවල මහපාරේ! (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරටට පැමිණීමට නියමිතව තිබු ගුවන් ගමන් අවලංගු කිරීම හේතුවෙන් කාන්තාවන් ඇතුලු
  • පසුගිය මාසයේ ඩුබායි සිට කොළඹට ආපසු ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් අවලංගු කිරීමෙන් ඔවුන් බොහෝ දෙනෙක් මෙලෙස අතරමං වී ඇති ආකාරය සමාජ මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.
  • එම පිරිසෙන් 50 ක ප්‍රමාණයක් සැට්වාහි උද්‍යානයක රාත්‍රිය ගත කරන අතර, ඉතිරි 150 දෙනා  තාවකාලික කඳවුරුවල වාසය කරන බව වාර්තා වේ.
  • සමාජ මාධ්‍ය තුළ සංසරණය වන විඩීයෝවක  දැක්වෙන පරිදි එක් කාන්තාවක් ඉතා බැගැපත්ව බලධාරීන් ඉල්ලා සිටින්නේ නොවැම්බර් 10 දිනට පියාසර කිරීමට නියමිත ගුවන් යානයෙන්  තමන් ඇතුලු පිරිස  ශ්‍රී ලංකාවට  පිටත් කර යවන  ලෙසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 ශ්‍රී ලාංකිකයන් දෙසියක පිරිසකට ඩුබායිහි මහ මග ජීවිතය ගෙවා දමන්නට සිදුව තිබේ.

පසුගිය මාසයේ ඩුබායි සිට කොළඹට ආපසු ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් අවලංගු කිරීමෙන් ඔවුන් බොහෝ දෙනෙක් මෙලෙස අතරමං වී ඇති ආකාරය සමාජ මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

එම පිරිසෙන් 50 ක ප්‍රමාණයක් සැට්වාහි උද්‍යානයක රාත්‍රිය ගත කරන අතර, ඉතිරි 150 දෙනා  තාවකාලික කඳවුරුවල වාසය කරන බව වාර්තා වේ.

Rataviruwo 3

Rataviruwo 2

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන විඩීයෝවක  දැක්වෙන පරිදි එක් කාන්තාවක් ඉතා බැගැපත්ව බලධාරීන් ඉල්ලා සිටින්නේ නොවැම්බර් 10 දිනට පියාසර කිරීමට නියමිත ගුවන් යානයෙන්  තමන් ඇතුලු පිරිස  ශ්‍රී ලංකාවට  පිටත් කර යවන  ලෙසයි.

 "17 වෙනිදයින් පස්සේ අපිට පොදු සමා කාලය ඉවරයි.  අපිට ඊගාවට දඩ මුදල් ගෙවන්න සල්ලි නෑ. අපි ගොඩක් අසරණ වෙලා ඉන්නේ. ඕගොල්ලන් ඇවිල්ලා බලන්න. පාක් එකේ තමයි අපි ඉන්නේ. අපි එම්බසියේ මැඩම්ලත් එක්ක කතා කරා. මැඩම්ලා කිව්වා දහ වෙනිදා ප්ලයිට් එකට දාලා නැහැ. ඊගලට ප්ලයිට් එකක් තියනවා ඒක කවදද කියලා දන් නැහැ  කිව්වා.

එහෙම කරන්න එපා අපිට. ඉතා බැගැපත්ව ඉල්ලනවා අපිව එන ප්ලයිට් එකට දහ වෙනිදා එන  ප්ලයිට් එකට අපි සේරම දාලා ලංකාවට යවන්න " ඇය වැඩි දුරටත් ඉල්ලා සිටියාය. 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...