BREAKING
Top Ad
පුවත්

මළ කඳ තම බිරින්දෑවරුන්ගේදැයි දැන ගන්න ඇමැතුම් 200ක් ආ කතාව බොරුවක්

T

The Leader

March 4, 2021 • 8:20 AM

මළ කඳ තම බිරින්දෑවරුන්ගේදැයි දැන ගන්න ඇමැතුම් 200ක් ආ කතාව බොරුවක්  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නැහැ. මෙය තනිකර බොරුවකි. ඇමතුම් 200ක් ආ බව ඇත්ත වුවද, ඒ ඇමතුම් පැමිණ ඇත්තේ තම බිරිඳ ගැන දැනගැනීමට නොවේ. එවැනි බොරුවක් නිර්මාණය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?
  • එහෙත්, එය පොදු ප්‍රශ්නයක් නොවන බවට මෙම වාර්තාවම සාක්ෂියකි.
  •   මෙවැනි බාල ජනමාධ්‍ය වැඩ නිසා පොලිසියට මළසිරුර හඳුනාගැනීම සඳහා සහාය පිණිස තොරතුරු දැනුම් දුන් පුද්ගලයන්ට පවා අපහාසයක් සිදුවේ.
අකුරු ප්‍රමාණය (Font Size):
ඇතැම්විට එය මෙම පුවත්පතේ සංස්කාරක පිරිමින්ගේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් විය හැකිය. එය ප්‍රශ්න නොකර පිළිගන්නා අයද ඒ හා සමාන ප්‍රශ්න තිබෙන අය විය හැකිය. එහෙත්, එය පොදු ප්‍රශ්නයක් නොවන බවට මෙම වාර්තාවම සාක්ෂියකි.
 
 
 police killing aruna 693x1024
 
අරුණ පුවත්පතේ වාර්තාව
 
 
 
වේල්ලවීදියේ මළ කඳ තම බිරින්දෑවරුන්ගේදැයි දැන ගන්න ඇමැතුම් 200ක් යන සිරස්තලය සහිතව අරුණ වෙබ් අඩවියේ පළ වූ වාර්තාවේම දැක්වෙන පරිදි, “පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පෙරේදා (2 වැනිදා) මෙම සිරුර ගැන තොරතුරක් ඇත්නම් දන්වන්නැයි මාධ්‍ය ඔස්සේ කළ ප්‍රචාරයෙන් පසු මෙම ඇමැතුම් ගලාවිත් ඇත.”
 
එම ඇමතුම් දුන් අය “පැනගිය දියණියන් හා බිරින්දෑවරුන්ගේ සිරුරුදැයි තහවුරු කරගැනීමට විවිධ පුද්ගලයන් මෙම දුරකථන ඇමැතුම් ලබාදී තිබේ,” යි එම වාර්තාවේ සඳහන් වේ. 
 
ඒ අනුව 2දා ලැබුණු ඇමතුම් 200ම මළසිරුර තම බිරින්දෑගේදැයි දැනගැනීමට දුන් ඇමතුම් යයි කීම පට්ටපල් බොරුවකි.
 
මෙවැනි බාල ජනමාධ්‍ය වැඩ නිසා පොලිසියට මළසිරුර හඳුනාගැනීම සඳහා සහාය පිණිස තොරතුරු දැනුම් දුන් පුද්ගලයන්ට පවා අපහාසයක් සිදුවේ.
 
එම ප්‍රවෘත්තිය ඉන්පසු රූපවාහිනියේ කියවන්නේ සිරස්තලය පමණක් කැපීපෙනෙන අන්දමින් ප්‍රදර්ශනය කරමිනි.
 
ඉන් අනතුරුව සමාජ මාධ්‍යවල ඒ ගැන සංවාද ගොඩනැගෙන්නේ ඉහත මුල් රූපයේ දැක්වෙන අන්දමිනි. 
 
කපුටු පිහාට්ටක් උඩ තිබූ වමනෙ ගොඩක් අවසානයේදී මිනිහකු කපුටන් හත්දෙනෙකු වමනය කළායැයි කතාවක් ගෙතෙන්නට හේතු වූ අන්දම පිළිබඳ කතාව මතකද?
 
(praja.lk)
 

 

 

 

වී ගොවින්ට තර්ජනය කරලා ආණ්ඩුවේ බැරිකම වහගන්න බෑ

 

ගෝඨාභය නෙමෙයි, රට පාලනය කරන්නෙ, බල කේන්ද්‍ර තුනක්! - නිශාන්ත හෙළිකරයි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...