BREAKING
Top Ad
විදේශ

පස් වෙනි මහලේ සඳලුතලයෙන් වැටුන දැරිය උඩපන්දුවක් සේ රැකගත් වීරයා

T

The Leader

August 29, 2023 • 11:27 AM

පස් වෙනි මහලේ සඳලුතලයෙන් වැටුන දැරිය උඩපන්දුවක් සේ රැකගත් වීරයා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉතාලියේ ටියුරින් නගරයේ මහල් නිවාස සංකීර්ණයක පස් වෙනි මහලේ සඳළු තලයෙන්
  • දැරියගේ ජීවිතය බේරා ගත් මටියා අගුස්සි නම් 37 හැවිරිදි මෙම පුද්ගලයා මේ වන විට ඉතාලියේ මෙන්ම සමාජ මාධ්‍ය තුළද වීරයෙක් වී ඇත.
  • මටියා සිදුවීම විස්තර කරමින් පවසා ඇත්තේ සිය පෙම්වතිය සමඟ වෙළඳසැලට යමින් සිටියදී මහල් නිවාසය දෙසින් ඝෝෂාවක් ඇසුණු බවයි.
  • ඒ හේතුවෙන් මහල් නිවාසය අසලට ගොස් බැලු විට කුඩා දැරියක් පස්වෙනි තට්ටුවේ සඳළු තලය අයිනට පැමිණෙනු දුටු බවත් තවත් පුද්ගලයකු කෑ ගසන අයුරු දුටු බවත් ඔහු ප්‍රකාශ කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

පහළට වැටුණු තුන් හැවිරිදි දැරියක් පොළවට පතිත වීමට පෙර උඩ පන්දුවක් රැක ගන්නා ආකාරයෙන් මහල් නිවාසය අසලින් ගමන් ගත් පුද්ගලයෙකු පහළ සිට අල්ලා ගැනීම හේතුවෙන් එම දැරියගේ ජීවිතය ආශ්චර්යමත් ලෙස බේරී තිබේ.

දැරියගේ ජීවිතය බේරා ගත් මටියා අගුස්සි නම් 37 හැවිරිදි මෙම පුද්ගලයා මේ වන විට ඉතාලියේ මෙන්ම සමාජ මාධ්‍ය තුළද වීරයෙක් වී ඇත. ඔහු වෘත්තියෙන් බැංකු නිලධාරියෙකි. මටියා සිදුවීම විස්තර කරමින් පවසා ඇත්තේ සිය පෙම්වතිය සමඟ වෙළඳසැලට යමින් සිටියදී මහල් නිවාසය දෙසින් ඝෝෂාවක් ඇසුණු බවයි. ඒ හේතුවෙන් මහල් නිවාසය අසලට ගොස් බැලු විට කුඩා දැරියක් පස්වෙනි තට්ටුවේ සඳළු තලය අයිනට පැමිණෙනු දුටු බවත් තවත් පුද්ගලයකු කෑ ගසන අයුරු දුටු බවත් ඔහු ප්‍රකාශ කර ඇත. ආපහු යන ලෙස පහළ සිට තමන් කෑමොර දුන්නත් එය කුඩා දැරියට නොඇසුණ බවත් අවසානයේ ඇය සඳළු තලයෙන් පහළට වැටුණු බවත් මටියා අගුස්සි පවසා තිබේ.

දැරිය සඳළු තලයෙන් පහළට වැටෙන අයුරු දුටු විට සියලු දේ හොඳින් සිදු වේ යැයි බලාපොරොත්තුවෙන් ඇස් දෙක පියාගෙන දැරියව අල්ලා ගැනීමට තමන් ඉදිරියට පැන්න බවත් අනතුරව දැරිය තමන්ගේ ඇඟට වැටී දෙදෙනාම බිම වැටුණු බවත් මටියා අගුස්සි ප්‍රකාශ කර ඇත. බිම වැටුණු අවස්ථාවේ තමන්ට දැරිය ජීවත් වන බවට කිසිඳු ඉඟියක් නොලැබුනත් ටික වේලාවකින් දැරිය අඩන ශබ්දය තමන්ට ඇසුණු බවත් ඉන් සිතට සතුටක් දැනුනු බවත් ඔහු පවසා තිබේ.

එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ ප්‍රථමාධාර නිලධාරීන් දැරිය රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඇයගේ ජීවිතය බේරා ගැනීමට හැකිවීම පිළිබඳ සියල්ලන්ම පුදුමයට පත්ව තිබේ.

ඉතාලි අග්‍රාමාත්‍යවරිය වන ජෝර්ජියා මෙලෝනි ද මටියා අගුස්සිගේ මෙම වීර ක්‍රියාව පිළිබඳව එක්ස් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා ඇත.

 
(lankadeepa.lk)

 JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...