BREAKING
Top Ad
විදේශ

පිටසක්වල ජීවින් දෙදෙනෙක්ගේ මළසිරුරු දෙකක් !

T

The Leader

September 13, 2023 • 10:20 AM

පිටසක්වල ජීවින් දෙදෙනෙක්ගේ මළසිරුරු දෙකක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙක්සිකෝ කොංග්‍රස් සැසියක් අතරතුර වසර දහසක් පමණ පැරණි පිටසක්වල ජීවින්
  • මේවා පේරු වල කුස්කෝ ප්‍රදේශයෙන් (යුනෙස්කෝ සංරක්ෂිත ප්‍රදේශයක්) හමුවූ බවට පිටසක්වල යානා ගැන විශේෂඥයෙක් වූ ජයිමි මුසාන් (Jaime Maussan) පවසා තිබෙනවා.
  • මිනිස් ෆොසිලයක් ගෙන් මෙම ෆොසිල වෙනස් වන්නේ සියයට තිහකින් (30%) පමණ යැයි ද පවසනු ලබනවා.
  • මේ ජීවින් යැයි කියන මමීකරණය වූ පොසිල සතුව දත් නොමැති අතර අතේ ඇත්තේ ඇඟිලි තුනක් පමණයි.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙදෙනෙක්ගේ යැයි සැළකෙන මමීකරණය වූ මළසිරුරු දෙකක් ප්‍රදර්ශනය කර තිබෙනවා.

ඉතාම කුඩා ප්‍රමාණයේ සිරුරු දෙකක් වූ මෙය වීදුරු සහිත කුඩා පෙට්ටිවල අසුරා තිබෙනු දැකගත හැකි වුණා. මේවා පේරු වල කුස්කෝ ප්‍රදේශයෙන් (යුනෙස්කෝ සංරක්ෂිත ප්‍රදේශයක්) හමුවූ බවට පිටසක්වල යානා ගැන විශේෂඥයෙක් වූ ජයිමි මුසාන් (Jaime Maussan) පවසා තිබෙනවා.

මිනිස් ෆොසිලයක් ගෙන් මෙම ෆොසිල වෙනස් වන්නේ සියයට තිහකින් (30%) පමණ යැයි ද පවසනු ලබනවා. මේ ජීවින් යැයි කියන මමීකරණය වූ පොසිල සතුව දත් නොමැති අතර අතේ ඇත්තේ ඇඟිලි තුනක් පමණයි.

සැසිය අතරතුර මුසාන් මෙසේ පවසා තිබෙනවා. ''මේ ජීවින් පිටසක්වළ වුණත් නැතත් මොවුන් අපේ පෘතුවියේ ජීවින්ගේ පරිණාමය එක්ක සැසදෙන්නේ නැහැ. ඒ වගේම මොවුන් එක්තරා කාලයක අප සමඟ ජිවත්ව තිබෙනවා''.

මෙම ප්‍රදර්ශනය සඳහා පිටසක්වළ ජීවින්ට ආදරය කරන ගවේෂකයින් වගේම ඇමෙරිකන් අභ්‍යාවකාශ විධායක නිලධාරියෙක් සහ එක්සත් ජනපද නාවික නිලධාරියෙක් පැමිණ තිබුණා.

පිටසක්වල ජීවින් ගැන තොරතුරු සොයන බොහෝ අය මේ ගැන අවධානය යොමුකර තිබෙනවා.

මෙහි සත්‍ය අසත්‍ය බව දැනට තහවුරු කිරීමේ හැකියාවක් නැහැ.

ජයිමි මුසාන් මිට පෙරද ව්‍යාජ පිටසක්වළ තොරතුරු සපයා පසුව එම පර්යේෂණ අත්හැර දැමූ අයෙක් ලෙස සැලකෙනවා. 

 

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...