BREAKING
Top Ad
විදේශ

අමෙරිකාවේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක මරණයක් ලොවම කලඹයි

T

The Leader

September 22, 2023 • 2:05 AM

අමෙරිකාවේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක මරණයක් ලොවම කලඹයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක දී Fentanyl නැමැති වේදනානාශකය අධිමාත්‍රාවක් ශරීරගත වී අවුරුද්දක් වයසැති කුඩා දරුවෙකු මියගොස් තවත් දරුවන් තිදෙනෙකු රෝහල්ගතකර තිබේ.
  • මිය ගිය මෙම දරුවාට Fentanyl නැමැති වේදනානාශකය අධිමාත්‍රාවක් ආශ්වාස වී ඇති බව අනාවරණය වී ඇත.
  • ළමුන් නිදා ගැනීම සඳහා භාවිත කරන මෙට්ටයක් යට තිබී Fentanyl නම් ඖෂධයේ පෙත්තක් පොලීසිය විසින් සොයාගෙන ඇත.
  • ඔවුන් පවසන්නේ හෙරොයින් මත්ද්‍රවයට වඩා Fentanyl, 50 ගුණයක් බලවත් කෘත්‍රීම වේදනා නාශකයක් බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ සම්බන්ධයෙන් ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ හිමිකාරිය වූ කාන්තාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයගේ සැමියා ප්‍රදේශයෙන් පළා ගොස් තිබේ.

මිය ගිය මෙම දරුවාට Fentanyl නැමැති වේදනානාශකය අධිමාත්‍රාවක් ආශ්වාස වී ඇති බව අනාවරණය වී ඇත.

ළමුන් නිදා ගැනීම සඳහා භාවිත කරන මෙට්ටයක් යට තිබී Fentanyl නම් ඖෂධයේ පෙත්තක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

ඔවුන් පවසන්නේ හෙරොයින් මත්ද්‍රවයට වඩා Fentanyl, 50 ගුණයක් බලවත් කෘත්‍රීම වේදනා නාශකයක් බවය.

පසුව මෙම ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ සිදුකළ පරීක්ෂා කිරීමේ දී එහි තිබී Fentanyl කිලෝවක ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර එමගින් මිනිසුන් ලක්ෂ 05කට පමණ මරණය ගෙන දිය හැකි බවද පොලීසිය පවසයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ හිමිකාරිය පවසා ඇත්තේ තමන් මේ පිළිබඳව කිසිවක් නොදන්නා බවය.

ඇය දුන් ඇමතුම්වලින් පසුව ඇයගේ සැමියා මෙම ළමා සුරැකුම් මධ්‍යස්ථානයට පැමිණ එහි සිට මළු කිහිපයක් රැගෙන යන අයුරු ද CCTV දර්ශනවල සටහන්ව ඇති බවද පොලීසිය පවසයි.

මෙම Fentanyl වේදනා නාශක භාවිත කිරීමෙන් එරට වාර්තාවන මරණ ගණන ද ඉහළ ගොස් ඇති බව සඳහන් වෙයි.



(adaderana.lk)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...