BREAKING
Top Ad
විදේශ

චීන හිතවාදී මුයිසු මාලදිවයින් ජනපති ධුරයට

T

The Leader

October 1, 2023 • 5:09 AM

චීන හිතවාදී මුයිසු මාලදිවයින් ජනපති ධුරයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාලදිවයිනේ පැවති ජනාධිපතිවරණයෙන් ඉන්දියාව සමඟ සබඳතා ශක්තිමත් කළ වත්මන් ජනාධිපතිවරයා පරාජයට පත් කරමින් චීන හිතවාදී විපක්ෂ අපේක්ෂකයා ජයග්‍රහණය කර තිබේ.
  • නොවැම්බර් 17 වන දින ඔහුගේ අනුප්‍රාප්තිකයා පත් වන තෙක් වත්මන් ජනපති සෝලි භාරකාර ජනාධිපති ලෙස කටයුතු කරනු ඇත.
  • 1978 දී උපත ලද මුයිසු එක්සත් රාජධානියේ ලීඩ්ස් විශ්ව විද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇත.
  • ඔහු දේශපාලනයට පිවිසියේ 2012 වසරේ නිවාස අමාත්‍යවරයා ලෙසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි දෙවැනි වටයේ ඡන්ද විමසීමේ පරාජය පිළිගත්තේ 54% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් ඔහුගේ ප්‍රතිවාදියා වූ මොහොමඩ් මුයිසුට සුබ පතමිනි.

මාලේ අගනුවර නගරාධිපති මුයිසු "ඉන්දියාව ඉවතට" යන සටන් පාඨය සමඟ ජනපතිවරණ ඡන්ද සටන ආරම්භ කළේය.

නොවැම්බර් 17 වන දින ඔහුගේ අනුප්‍රාප්තිකයා පත් වන තෙක් වත්මන් ජනපති සෝලි භාරකාර ජනාධිපති ලෙස කටයුතු කරනු ඇත.

මොහොමඩ් මුයිසු යනු කවුද?

1978 දී උපත ලද මුයිසු එක්සත් රාජධානියේ ලීඩ්ස් විශ්ව විද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇත. ඔහු දේශපාලනයට පිවිසියේ 2012 වසරේ නිවාස අමාත්‍යවරයා ලෙසයි.

යමීන් බලයට පත් වූ සමයේ, මොහොමඩ් මුයිසු එම අමාත්‍ය ධුරයම දැරූ අතර මාලදිවයින් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සමඟ මාලේ සම්බන්ධ කරන ඩොලර් මිලියන 200 (පවුම් මිලියන 164) පාලමක් ඉදිකිරීම ඇතුළු දැවැන්ත ව්‍යාපෘති කිහිපයකට ඔහු අත්සන් කළේය.

2021 දී, ඔහු PPM පක්ෂය නියෝජනය කරමින් ප්‍රථම වරට මාලේ නගරාධිපතිවරයා තෝරා ගැනීමේ මැතිවරණය ජයග්‍රහණය කළේය.

Screenshot 2023 10 01 at 15.59.43
ඉන්දියාව සහ චීනය අතර සටනක් බවට පත් වුණු මාලදිවයින් ජනාධිපතිවරණය

ඉන්දියන් සාගරයේ මධ්‍යයේ පිහිටි කොරල් දූපත් සහ හිරිගල් දූපත් 1,200කින් පමණ සමන්විත මාලදිවයින්හි ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි සහ විපක්ෂ අපේක්ෂක මොහොමඩ් මුයිසු අතර දෙවන වටයේ මැතිවරණ සටනේ ඡන්ද විමසීම (සැප්තැම්බර් 30 වැනිදා) පැවැත්විණි.

මැතිවරණය පැවැත්වුණේ, මාලදිවයිනට නව ජනාධිපතිවරණයෙකු තෝරාපත් කර ගැනීමට වුවත් මෙම මැතිවරණ සටනේ ඉන්දියාව සහ චීනය ද සිටීම කැපී පෙනෙන සිදුවීමක් විය.

කාර්යබහුල නැගෙනහිර-බටහිර නාවික මංතීරු පුරා විහිදී ඇති උපායමාර්ගික වශයෙන් වැදගත්කමක් උසුලන මෙම දූපත්වල තම පැවැත්ම ශක්තිමත් කර ගැනීමට රටවල් දෙක ම උත්සහ දැරිය.


(උපුටා ගැනීම - BBC සිංහල සේවය)


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...