BREAKING
Top Ad
විදේශ

වෛද්‍ය විද්‍යාව නොබෙල් ත්‍යාගය කොවිඩ් එන්නතට මුල් වූ විද්‍යාඥයින් දෙදෙනාට

T

The Leader

October 2, 2023 • 10:02 AM

වෛද්‍ය විද්‍යාව නොබෙල් ත්‍යාගය කොවිඩ් එන්නතට මුල් වූ විද්‍යාඥයින් දෙදෙනාට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෛද්‍ය විද්‍යාව ‌වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය මෙවර, mRNA කොවිඩ් එන්නත් නිපදවීම සඳහා ඉවහල් වූ තාක්ෂණය වැඩිදියුණු කළ විද්‍යාඥයින් දෙදෙනාට හිමිව තිබේ.
  • ෆයිසර් සහ මොඩර්නා එන්නත නිෂ්පාදනය සඳහා මුල් වී ඇත්තේ මෙම විද්‍යාඥයින් දෙදෙනාගේ අධ්‍යනයන් ය.
  • මෙම mRNA තාක්ෂණය ම පිළිකා ඇතුළු තවත් රෝග කිහිපයක් සඳහා පර්යේෂණ කටයුතුවලට යොමු කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව, එම ත්‍යාගය, මහාචාර්ය කැටලින් කරිකෝ සහ මහාචාර්ය ඩෲ වෙයිස්මන් අතර බෙදී යනු ඇත.

හංගේරියානු-ඇමරිකානු ජෛව රසායන විද්‍යාඥයකු වන කරිකෝ සහ ඇමෙරිකානු වෛද්‍යවරයකු වන වෙයිස්මන් දෙදෙනාම ඇමරිකාවේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් ය.

ෆයිසර් සහ මොඩර්නා එන්නත නිෂ්පාදනය සඳහා මුල් වී ඇත්තේ මෙම විද්‍යාඥයින් දෙදෙනාගේ අධ්‍යනයන් ය.

කොවිඩ් වසංගතය පැමිණීමට පෙර මෙම තාක්ෂණය අත්හදාබැලීමේ මට්ටමක පැවතිය ද, මේ වන විට එය ලොව පුරා පුද්ගලයින් මිලියන ගණනකට ලබා දී තිබේ.

මෙම mRNA තාක්ෂණය ම පිළිකා ඇතුළු තවත් රෝග කිහිපයක් සඳහා පර්යේෂණ කටයුතුවලට යොමු කර ඇත.


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...