BREAKING
Top Ad
විදේශ

ඉන්දියාවෙන් කැනඩාවට බරපතළ තරවටුවක්

T

The Leader

October 3, 2023 • 10:17 AM

ඉන්දියාවෙන් කැනඩාවට බරපතළ තරවටුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාව ට අනුයුක්ත කර ඇති කැනඩා තානාපති නිලධාරීන් 41 දෙනෙක්ව නැවත
  • ෆයිනෑන්ෂල් ටයිම්ස් වාර්තාවක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ අදාළ තානාපති නිලධාරීන්ව ඔක්තෝබර් 10 වනදා වනවිට නැවත කැඳවා ගන්නා ලෙස දැනුම්දී ඇති බවයි.
  •   කැනඩාවේ ජීවත් වූ සික් බෙදුම්වාදී නායකයෙක් ලෙස සැලකෙන හර්දීප් සිං නජ්ජාර් පසුගිය ජූනි මාසයේදී කැනඩාවේදී ඝාතනය කර තිබූ අතර ඊට ඉන්දීය බුද්ධි අංශ නිලධාරීන් සම්බන්ධ බවට කැනඩාව චෝදනා කළේය.
  • නමුත් ඉන්දියාව එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ගෙන්වා ගන්නා ලෙස ඉන්දීය බලධාරීන් කැනඩාවට දැනුම්දී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

ෆයිනෑන්ෂල් ටයිම්ස් වාර්තාවක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ අදාළ තානාපති නිලධාරීන්ව ඔක්තෝබර් 10 වනදා වනවිට නැවත කැඳවා ගන්නා ලෙස දැනුම්දී ඇති බවයි.  

කැනඩාවේ ජීවත් වූ සික් බෙදුම්වාදී නායකයෙක් ලෙස සැලකෙන හර්දීප් සිං නජ්ජාර් පසුගිය ජූනි මාසයේදී කැනඩාවේදී ඝාතනය කර තිබූ අතර ඊට ඉන්දීය බුද්ධි අංශ නිලධාරීන් සම්බන්ධ බවට කැනඩාව චෝදනා කළේය.

නමුත් ඉන්දියාව එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

දෙරට අතර එම මත ගැටුම මේ වනවිට උත්සන්න වෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

එම තානාපති නිලධාරීන් 41 දෙනාගෙන් යමෙක් ඔක්තෝබර් 10 වනදායින් පසුව ඉන්දියාවේ රැඳී සිටියහොත් ඔවුන්ගේ තානාපති වරප්‍රසාද අහිමි කරන බවට ඉන්දියාව අනතුරු අඟවා තිබේ.


(adaderana.lk)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...