BREAKING
Top Ad
විදේශ

දුෂණ චෝදනා ලැබූ ඉන්දීය විපක්ෂ මන්ත්‍රීවරයෙක්ගේ නිවස වටලයි

T

The Leader

October 4, 2023 • 5:31 AM

දුෂණ චෝදනා ලැබූ ඉන්දීය විපක්ෂ මන්ත්‍රීවරයෙක්ගේ නිවස වටලයි   

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දූෂණ චෝදනා ලැබූ විපක්ෂ මන්ත්‍රීවරයෙකුගේ නිවස ඉන්දීය මූල්‍ය අපරාධ ඒකකය විසින් අද (4) උදෑසන වටලා තිබේ.
  •   දිල්ලියේ මත්පැන් අලෙවිකරණ ප්‍රතිපත්තියට සම්බන්ධ, මුදල් විශුද්ධිකරණ චෝදනාවකට අදාළව බලධාරීන් විසින් මෙම විමර්ශන සිදු කරන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
  • දුෂණයට එරෙහි ව්‍යාපාරයක් ලෙස මීට වසර 10කට පමණ පෙර මතුවී පැමිණි ආම් ආද්මි පක්ෂය (AAP) මූල්‍ය දුෂණ චෝදනා මත ප්‍රශ්න කිරීමට ලක්වීම, එම පක්ෂයට දැඩි සේ බලපාන කාරණයකි.
  •   මෙම චෝදනාවට සම්බන්ධ ආම් ආද්මි පක්ෂයේ (AAP) අනෙකුත් දේශපාලකයන් ද සෝදිසි කිරීමට ලක් කරන බව බළධාරීහු පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව, ෆෙඩරල් ආයතනවල ප්‍රශ්න කිරීමට ලක්වූ මීළඟ පක්ෂ නායකයා වන්නේ දිල්ලි අගනුවර ආම් ආද්මි පක්ෂයේ (AAP) සන්ජේ සිං ය.  

දිල්ලියේ මත්පැන් අලෙවිකරණ ප්‍රතිපත්තියට සම්බන්ධ, මුදල් විශුද්ධිකරණ චෝදනාවකට අදාළව බලධාරීන් විසින් මෙම විමර්ශන සිදු කරන බව එරට මාධ්‍ය වාර්තා කරයි.  

දිල්ලි නියෝජ්‍ය මහ ඇමති මනීෂ් සිසෝඩියා ද මෙවැනිම වූ දුෂණ චෝදනා මත ඉකුත් පෙබරවාරි මාසයේදී අත්අඩංගුවට ගැනුණි. 

පාලිත භාරතීය ජනතා පක්ෂය (BJP) "අපිරිසිදු දේශපාලනයේ" නිරත වන බවට චෝදනා කරන ආම් ආද්මි පක්ෂය (AAP), තමන් වෙත එල්ල කෙරෙන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර යි.

දුෂණයට එරෙහි ව්‍යාපාරයක් ලෙස මීට වසර 10කට පමණ පෙර මතුවී පැමිණි ආම් ආද්මි පක්ෂය (AAP) මූල්‍ය දුෂණ චෝදනා මත ප්‍රශ්න කිරීමට ලක්වීම, එම පක්ෂයට දැඩි සේ බලපාන කාරණයකි.  

මෙම චෝදනාවට සම්බන්ධ ආම් ආද්මි පක්ෂයේ (AAP) අනෙකුත් දේශපාලකයන් ද සෝදිසි කිරීමට ලක් කරන බව බළධාරීහු පවසති.

මෙම විමර්ශන කටයුතු පළමු වරට ආරම්භ කෙරුනේ ඉකුත් වසරේ අගෝස්තු මාසයේ සිට ය. 

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...