BREAKING
Top Ad
විදේශ

ස්වාධීන ඉන්දීය වෙබ් අඩවියක් වටලා පොලිසිය මාධ්‍යවේදීන් බිය ගන්වයි

T

The Leader

October 4, 2023 • 11:20 PM

ස්වාධීන ඉන්දීය වෙබ් අඩවියක් වටලා පොලිසිය මාධ්‍යවේදීන් බිය ගන්වයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • NewsClick ප්‍රවෘත්ති වෙබ් අඩවියේ නිර්මාතෘ ප්‍රභීර් පූර්කයස්ත අඟහරුවාදා සවස අත්අඩංගුවට ගැනුණි
  •   ඔක්තෝබර් 3 වැනි දා පෙරවරුවේ ඉන්දීය පොලිසිය 'නිවුස් ක්ලික්' හා සම්බන්ධ යැයි කියන බොහෝ ස්ථාන වටලා ප්‍රශ්න කිරීම සඳහා මාධ්‍යවේදීන් ඇතුළු 40 කට අධික පිරිසක් කැඳවා තිබිණි.
  • ප්‍රශ්න කළ අය අතර ඔවුන් නවාතැන් ගත් ස්ථානයේ කතා කළ කාන්තාවන් නව දෙනෙක් ද වේ.    ප්‍රවෘත්ති වෙබ් අඩවියේ කාර්යාලයට ද පොලිසිය විසින් මුද්‍රා තබා ඇත.
  • ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක ඇතුළු ඉලෙක්ට්‍රොනික සාක්ෂි සහ දත්ත සහිත දෘඪ තැටි විශාල ප්‍රමාණයක් තමන් භාරයට ගත් බවට පොලිසිය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

‘චීන ගැති ප්‍රචාර සඳහා මුදල් ලබා ගැනීමේ’ චෝදනා නගා ජ්‍යෙෂ්ඨ ඉන්දීය මාධ්‍යවේදියකු සහ නිවුස් ක්ලික් (NewsClick) ප්‍රවෘත්ති වෙබ් අඩවියේ නිර්මාතෘ මෙන්ම ප්‍රධාන කර්තෘ ද වන ප්‍රභීර් පූර්කයස්ත නීති විරෝධී ක්‍රියාකාරකම් පනත යටතේ ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔක්තෝබර් 3 වැනි අඟහරුවාදා සවස අත්අඩංගුවට ගත් ඔහු ඔක්තෝබර් 4 වැනි බදාදා දිල්ලි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

'නිවුස් ක්ලික්' වෙබ් අඩවියේ මානව සම්පත් කළමනාකරු වන අමිත් චක්‍රවර්ති ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඔක්තෝබර් 3 වැනි දා පෙරවරුවේ ඉන්දීය පොලිසිය 'නිවුස් ක්ලික්' හා සම්බන්ධ යැයි කියන බොහෝ ස්ථාන වටලා ප්‍රශ්න කිරීම සඳහා මාධ්‍යවේදීන් ඇතුළු 40 කට අධික පිරිසක් කැඳවා තිබිණි. ප්‍රශ්න කළ අය අතර ඔවුන් නවාතැන් ගත් ස්ථානයේ කතා කළ කාන්තාවන් නව දෙනෙක් ද වේ. 

 

ප්‍රවෘත්ති වෙබ් අඩවියේ කාර්යාලයට ද පොලිසිය විසින් මුද්‍රා තබා ඇත.

ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක ඇතුළු ඉලෙක්ට්‍රොනික සාක්ෂි සහ දත්ත සහිත දෘඪ තැටි විශාල ප්‍රමාණයක් තමන් භාරයට ගත් බවට පොලිසිය පවසයි.

Newsclick protest

දිල්ලි පොලිසියේ වැටලීම දැඩි ලෙස හෙලාදකිමින් මාධ්‍යවේදීහු විරෝධය දක්වති

දිල්ලි පොලිසියේ වැටලීම දැඩි ලෙස හෙලාදකිමින් ඉන්දීය මාධ්‍ය සමාජ කාර්යාලය අබියස රැස්වී විරෝධය දැක්වූ මාධ්‍යවේදීහු ජනමාධ්‍ය ආයතනවලට එරෙහි මර්දනය වැලක්වීමට මැදිහත්වන ලෙස එරට අග විනිසුරු ඩී වයි චන්ද්‍රචෞද්ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

ඉන්දීය පොලිස් බල ගැන්වීමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ (ED) විශේෂ ශාඛාව 'මුදල් විශුද්ධිකරණය' ලෙස හැඳින්වූ දේ පිළිබඳ තොරතුරු බෙදා හැරීමෙන් පසු උදෑසන වැටලීම් සිදු කර ඇත.

protest27

නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් ප්‍රශ්න කරන ලද අයගෙන් 24 ට වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇති අතර එම ප්‍රශ්න අතර විදේශ සංචාර පිළිබඳ විස්තර, යෝජිත පුරවැසි (සංශෝධන) පනතට එරෙහි විරෝධතාවලට සහභාගී වීම සහා දිල්ලි අගනුවර පැවති මාස 16 ක ගොවීන්ගේ විරෝධතා ද ඇතුළත් ය.

 

'නිවුස් ක්ලික්' පරිශ්‍රයේ වැටලීමෙන් එහි අරමුදල් මූලාශ්‍රය සොයා බැලීමට තැත් කරන බවක් දක්නට ලැබේ.

නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවක් !

ඉන්දියාවේ චීනයට හිතවත් ප්‍රචාරක කටයුතු සඳහා ඇමෙරිකානු කෝටිපතියකුගෙන් මුදල් ලබාගත් බව කියන පුවත් වෙබ් අඩවියක් පිලිබඳ පසුගියදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

“ඔවුන්ගේ වෙබ් අඩවියේ චීනයට ගැති අන්තර්ගතයන් ප්‍රවර්ධනය කිරීමේ” අදහසින්, චීනයට සම්බන්ධ යැයි කියන විවිධ ආයතනවලින් නිවුස් ක්ලික වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන පහකට ආසන්න මුදලක් ලැබුණු බව පොලිසිය පවසයි.

තම ස්වාධීන වෙබ් අඩවියෙන් චීනය වෙනුවෙන් කිසිදු ප්‍රචාරයක් සිදු නොකරන බව 'නිව්ස්ක්ලික්' ආයතනය තිරකොට කියා සිටී.

“කිසිදු චීන ආයතනයක හෝ බලධාරියකුගේ සෘජු හෝ වක්‍ර නියමයෙන් 'නිව්ස් ක්ලික්' කිසිම ප්‍රවෘත්තියක් හෝ තොරතුරක් පල නොකරයි,” යනුවෙන් වෙබ් අඩවිය විසින් පල කරන ලද නිවේදනයක දැක්වේ.



Statement by Newsclick on Oct 3 Raids by Special Cell of Delhi Police

සබැඳි පුවත්:

දිල්ලි පොලිසිය NewsClick මාධ්‍යවේදීන්ගේ නිවෙස් වටලයි


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...