BREAKING
Top Ad
විදේශ

ඊශ්‍රායලයේ ගැටුම් වලින් ලාංකිකයෙකුට තුවාල

T

The Leader

October 8, 2023 • 12:04 PM

ඊශ්‍රායලයේ ගැටුම් වලින් ලාංකිකයෙකුට තුවාල

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හමාස් ප්‍රහාරය හමුවේ ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දරුණු ගුවන් ප්‍රහාර හමාස් සංවිධානයට එරෙහිව පළිගැනීමේ ප්‍රහාර සඳහා සූදානම් වීම වෙනුවෙන් ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ ප...
  • පලස්තීන හමාස් සටන්කාමී සංවිධානයේ තුවක්කුකරුවන් විශාල පිරිසක් අනපේක්ෂිත ප්‍රහාරයකින් පසු ගාසා තීරයෙන් දකුණු ඊශ්‍රායලයට ඇතුළු වීමත් සමඟ තමන් "යුද්ධයකට" එළඹ සිටින බව ඊශ්‍රායලය පවසයි.
  • ඊශ්‍රායල බලධාරීන්ට අනුව ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 250 දෙනෙකු මියගොස් ඇති අතර 1,100 කට වැඩි පිරිසක් රෝහල්වල ප්‍රතිකාර ලබති.
  • ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ හමාස් සංවිධානයට “කවදාවත් අත්නොදුටු ප්‍රතිවිපාකයකට” මුහුණ දීමට සිදුවනු ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

xcgretහමාස් ප්‍රහාරය හමුවේ ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දරුණු ගුවන් ප්‍රහාර

 

හමාස් සංවිධානයට එරෙහිව පළිගැනීමේ ප්‍රහාර සඳහා සූදානම් වීම වෙනුවෙන් ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන්ට තම නිවෙස්වලින් පලා යන ලෙසට අනතුරු අඟවා තිබේ.

පලස්තීන හමාස් සටන්කාමී සංවිධානයේ තුවක්කුකරුවන් විශාල පිරිසක් අනපේක්ෂිත ප්‍රහාරයකින් පසු ගාසා තීරයෙන් දකුණු ඊශ්‍රායලයට ඇතුළු වීමත් සමඟ තමන් "යුද්ධයකට" එළඹ සිටින බව ඊශ්‍රායලය පවසයි.

සටන්කාමී සාමාජිකයෝ ගාසා තීරයේ සිට රොකට් ප්‍රහාර එල්ල කරමින් අද අළුයම් කාලයෙන් පසු ආරක්ෂිත වැට තරණය කළහ.

ඊශ්‍රායල බලධාරීන්ට අනුව ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 250 දෙනෙකු මියගොස් ඇති අතර 1,100 කට වැඩි පිරිසක් රෝහල්වල ප්‍රතිකාර ලබති.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ හමාස් සංවිධානයට “කවදාවත් අත්නොදුටු ප්‍රතිවිපාකයකට” මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

"කළු දිනයක්" ලෙස හැඳින්වූ පලස්තීන සටන්කාමීන්ගේ ප්‍රහාරයට "බලවත් පළිගැනීමක්" කරන බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිඥා දී තිබේ.

ප්‍රහාරක ජෙට් යානා ගණනාවක් ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කරන බවත්, දහස් ගණනක් සෙබළුන් බලමුලු ගන්වා ඇති බවත් ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේය.

පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙකු බීබීසීයට පවසා ඇත්තේ අද උදෑසන ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ කිරීමෙන් පසු ගාසා තීරයේ අවම වශයෙන් පුද්ගලයින් 232 දෙනෙකු මියගොස් ඇති බවයි.

අමාත්‍යාංශයට අනුව අවම වශයෙන් පුද්ගලයින් 1,790 දෙනෙකු තුවාල ලබා ඇත.

serer 

හමාස් විසින් පාලනය කරනු ලබන ගාසා තීරයේ සිට රොකට් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ වූයේ සෙනසුරාදා, යුදෙව් සබත් දිනය සහ සිම්චැට් ටෝරා උත්සවය පැවැත්වෙන දිනය උදාවීමෙන් පසුවය.

ඊශ්‍රායලය පුරා සයිරන් හඬ නාද වෙමින් ඇති අතර, ඊශ්‍රායල් හමුදාව නිවේදනය කළේ "ත්‍රස්තවාදීන්" ඊශ්‍රායල භූමියේ "විවිධ ස්ථාන ගණනාවකට" රිංගා ඇති බවයි.

හමුදාව විසින් දකුණු සහ මධ්‍යම ප්‍රදේශවල සිවිල් වැසියන්ට ගාසා තීරය ආශ්‍රිත ප්‍රදේශයේ ආරක්ෂිත ස්ථාන අසල සහ නවාතැන් තුළ රැඳී සිටින ලෙස දන්වනු ලැබ තිබේ.

අන්තර්ජාලයේ පළ කරන ලද දර්ශනවල පෙනී ගියේ දැඩි ලෙස සන්නද්ධ පලස්තීන සටන්කාමීන් කණ්ඩායමක් කළු පැහැති ඇඳුම් වලින් සැරසී පික්-අප් ට්‍රක් රථයකින් ස්ඩෙරොට් නගරය වටා ගමන් කරන ආකාරයයි.

එක් වීඩියෝවක, එම සටන්කාමීන් ගාසා තීරයේ සිට කිලෝමීටර් 1.6ක් (සැතපුම් 1ක්) දුරින් පිහිටි එම නගරයේ වීදිවල ඊශ්‍රායල හමුදා සමඟ වෙඩි හුවමාරු කරගන්නා බවක් පෙනෙන්නට තිබුණි.

ඊශ්‍රායල ජාතිකයන් ගණනාවක් සටන්කාමීන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවට තහවුරු නොකළ වාර්තා සහ ගාසා තීරයේ පලස්තීනුවන් ඊශ්‍රායල හමුදා වාහන පදවාගෙන යන අයුරු දැක්වෙන දර්ශන ද පලස්තීන මාධ්‍යවල පළ කර තිබේ.

xzdfgwe4ඊශ්‍රායල-ගාසා ආරක්ෂිත වැට අසලදී ගිනි තබන ලද ඊශ්‍රායල යුද ටැංකියක් අසලට පලස්තීනුවෝ රැස් වූහ

 

මෙම ප්‍රහාරයෙන් ඊශ්‍රායලයට සිදුවූ හානි මෙතෙක් පැහැදිලි නැත.

නමුත් ෂාර් හනෙගෙව් ප්‍රාදේශීය සභාව නිවේදනය කළේ එහි නායක ඔෆිර් ලිබ්ස්ටයින් තම ප්‍රජාව ආරක්ෂා කිරීමට යාමේදී සටන්කාමීන් සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් මිය ගිය බවයි.

මේ අතර සෙනසුරාදා උදෑසන පුරා රොකට් ප්‍රහාර අඛණ්ඩව එල්ලවූ අතර ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළේ මේ වන විට ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර 2,500 කට වැඩි ප්‍රමාණයක් එල්ල වී ඇති බවයි.

ඊශ්‍රායලයේ මැගන් ඩේවිඩ් ඇඩොම් ගිලන්රථ සේවයේ මූලික වාර්තාවක සඳහන් වූයේ පලස්තීන රොකට් ප්‍රහාරයෙන් එක් අයෙකු මිය ගොස් ඇති බවයි.

දකුණු දිග නගරයක් වන අෂ්කෙලෝන්හි රෝහලක් අනාවරණය කළේ තුවාල ලැබූවන් 68 දෙනෙකුට ප්‍රතිකාර කරන බවත්, බියර් ෂෙවාහි තවත් රෝහලක් තවත් 80 දෙනෙකුට ප්‍රතිකාර කරන බවත් සඳහන් කළේය.

 

ඊශ්‍රායලයේ ගැටුම් වලින් ලාංකිකයෙකුට තුවාල

ඊශ්‍රායලයේ හි පවතින ගැටුම් හේතුවෙන් මේ වන විට එක් ශ්‍රී ලාංකිකයෙකු සුළු තුවාල ලබා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ටෙල් අවිව් සහ රමල්ලා හි වෙසෙන ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් පවතින තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර විපතට පත් ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ සම්බන්ධතා පවත්වමින් සිටින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ ප්‍රහාර සහ ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම මෙන්ම එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවන ජීවිත හානි පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බවද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ප්‍රචණ්ඩත්වය වහා නතර කරන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලා සිටින අතර තවදුරටත් සිවිල් වැසියන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා උපරිම සංයමයකින් කටයුතු කරන ලෙස ද සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ද එහි දක්වා තිබේ.

ඇතිවූ ගැටුම් හේතුවෙන් විපතට පත්වුවන්ට සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් සිය ශෝකය පළකරන බවද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

(BBC සිංහල සේවය)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...