BREAKING
Top Ad
විදේශ

ඊශ්‍රායල - හමාස් ගැටුම් : ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්

T

The Leader

October 9, 2023 • 2:42 AM

ඊශ්‍රායල - හමාස් ගැටුම් : ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර පැවති ගැටුම් අතරතුරදී තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්ව ඇති බව අනාවරණය වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එම කාන්තාව පිළිබඳ තොරතුරු සෙවීම සදහා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය වෙත අද දැනුම්දෙන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර 'අද දෙරණ'ට පැවසුවේය.  

387734407 10228047799714810 1549503297932958902 n


Image@France24

ඊශ්‍රායිලය පලස්තීනයට එරෙහිව යුධ ප්‍රකාශ කරයි - (ආචාර්ය මහේෂ් හපුගොඩ)


350ක් පමණ ඊශ්‍රායිල් ජාතිකයින් පිරිසකට මරු කැඳවූ පලස්තීන හමාස් සංවිධානයේ හදිසි ප්‍රහාරයක් පදනම් කරගෙන මේ වනවිට ඊශ්‍රායිල් රජය පලස්තීනයට එරෙහිව යුධ ප්‍රකාශකර තිබෙනවා. 

ඒ සමඟම ඊයේ සහ අද එල්ලවූ ඊශ්‍රායිල් ප්‍රහාර වලින්ද මේ වනවිට 400 පමණ පලස්තීන ජාතිකයින් පිරිසක්ද මරණයට පත්ව තිබෙනවා. 

'ඊශ්‍රායලයට එරෙහි නැඟිටීම' (Intifada - ඉන්ටිෆාඩා) යනුවෙන් නම් කර ඇති මෙම හමාස් ප්‍රහාර නිසා මරණයට පත් පිරිස් සිහිගන්වමින් ඊශ්‍රායිල අගමැති බෙන්ජමින් නැතනියාහු පවසන්නේ අද එම රටට ''කළු දිනයක්'' වන බවයි (A black day for Israel). 

ගාසා තීරයට ලංව ජීවත්වන පලස්තීනු ජාතිකයින්ට නැතනියාහු පවසා සිටින්නේ හැකි ඉක්මනින් එම ස්ථාන වලින් නික්මයන ලෙසයි. ''අපි ඉතාම තදින් ප්‍රතිචාර දක්වන බැවින් ඉක්මනින් ඉවත්වන්න'' යන්න ඔහුගේ පණිවිඩයයි. 

මේ අතර හමාස් සංවිධානය විසින් ඊශ්‍රායිල සෙබළුන් සියයක් පමණ බලහත්කාරයෙන් සිරභාරයට ගෙන ඇති බවද ඊශ්‍රායලය පවසනවා. 

'කළු අසිපත් මෙහෙයුම' (Operation Black Swords) යනුවෙන් නම්කර ඇති ඊශ්‍රායල් ප්‍රතිප්‍රහාර යනු 'යක්ෂයාගේ රුදුරු බවට එරෙහි සටනක්' යනුවෙන් අර්ථ දක්වා තිබෙනවා. 

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් වගේම හිටපු ඇමෙරිකානු ජනපතිවරයෙක් වන ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඊශ්‍රායලය වෙනුවෙන් සහය පළකර තිබෙනවා. 

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අද මේ සම්බන්දයෙන් මුණගැසීමට නියමිතයි. 

විදෙස් සංචාරකයින් කිහිපදෙනෙක් ද මේ ප්‍රහාර නිසා මරණයට පත්ව තිබෙන අතර තවත් කිහිපදෙනෙක් හමාස් සටන්කරුවන්ගේ ග්‍රහණයට ලක්ව තිබෙනවා. 
පලස්තීන විමුක්ති සටනේ ඉතිහාසයට ද දැන් දශක හයක් පමණ වනවා. 




AKD : ජාතික දේශපාලනයේ අනුරාගමනය... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


සබැඳි පුවත් :
ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 1100 ඉක්මවයි
 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...