අබ්බාස් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
එමෙන්ම ප්‍රහාර හමුවේ උන්හිටිතැන් අහිමි වුණු අසරණ සිවිල් වැසියන්ට කඩිනමින් අවශ්‍ය ආධාර ලබා දීමට පියවර ගන්නැයි ද පලස්තීන ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දී තිබේ.
ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ඇත්තේ ද්වී රාජ්‍ය දේශපාලනික විසඳුමක් පමණක් බවත්, ජෙරුසලම අගනුවර වන අයුරින් පලස්තීනුවන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් පිහිටුවීම කළ යුතු බවත් පලස්තීන ජනාධිපති අබ්බාස් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට යළිත් පැහැදිලි කර තිබේ.
‘ප්‍රතිප්‍රහාර ආරම්භ කළා පමණයි’- ඊශ්‍රායල් අගමැති කියයි
හමාස් සටන්කාමීන්ට එරෙහිව ඊශ්‍රායලය “දැවැන්ත බලයක්” යොදන බව ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අනතුරු අඟවා තිබේ.
ඊශ්‍රායල් භූමියට එල්ල වූ දරුණුතම ප්‍රහාරයට ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ගේ ප්‍රතිචාරය පිළිබඳ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ “ප්‍රතිප්‍රහාර පටන් ගත්තා විතරයි” යනුවෙනි.
ඊයේ දිනය තුළ ගාසා තීරයේ හමාස් ඉලක්ක 2400කට ඊශ්‍රායල් හමුදා විසින් ප්‍රහාර එල්ල කරනු ලැබ තිබේ.
සබැඳි පුවත් :
ගාසා තීරය සම්පූර්ණයෙන් වටකිරීමට ඊශ්‍රායලය නියෝග කරයි
ගාසා තීරයේ ප්‍රහාර නවත්වන්න පියවර ගන්න - අබ්බාස්
T
The Leader
October 9, 2023 • 9:53 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය දිගින් දිගටම ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ට අනතුරක් වන අන්දමින් පහර දීම නැවැත්වීමට මැදිහත් වෙන්නැයි බටහිර ඉවුරේ පලස්තීන පාලන අධිකාරියේ ජනාපධිති මොහොමඩ්
- ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ඇත්තේ ද්වී රාජ්‍ය දේශපාලනික විසඳුමක් පමණක් බවත්, ජෙරුසලම අගනුවර වන අයුරින් පලස්තීනුවන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් පිහිටුවීම කළ යුතු බවත් පලස්තීන ජනාධිපති අබ්බාස් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට යළිත් පැහැදිලි කර තිබේ.
- ‘ප්‍රතිප්‍රහාර ආරම්භ කළා පමණයි’- ඊශ්‍රායල් අගමැති කියයි හමාස් සටන්කාමීන්ට එරෙහිව ඊශ්‍රායලය “දැවැන්ත බලයක්” යොදන බව ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අනතුරු අඟවා තිබේ.
- ඊයේ දිනය තුළ ගාසා තීරයේ හමාස් ඉලක්ක 2400කට ඊශ්‍රායල් හමුදා විසින් ප්‍රහාර එල්ල කරනු ලැබ තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



