BREAKING
Top Ad
විදේශ

ඊශ්‍රායලයට හමාස් ප්‍රහාරය ගැන 'ඊජිප්තුව අනතුරු අඟවා තිබුණා'

T

The Leader

October 11, 2023 • 9:27 PM

 ඊශ්‍රායලයට හමාස් ප්‍රහාරය ගැන 'ඊජිප්තුව අනතුරු අඟවා තිබුණා'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හමාස් සටන්කාමීන් රට තුලට කඩාවැදී එල්ල කළ ලොව පුදුමයට පත්කළ ප්‍රහාරය ගැන ඊජිප්තුව තුන් දිනකට පෙර ඊශ්‍රායලයට අනතුරු අඟවා තිබු බව දැන්
  • අඩුම වශයෙන් ඊශ්‍රායලුන් 1200කට සහ පලස්තීනුවන් 1000කට වැඩියෙන් මරා දැමුණු ගැටුම ඇරඹුණු හමාස් ප්‍රහාරය ගැන දැන සිටි බව ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරයි.
  •   අනතුරු ඇඟවීම පිළිබඳ වාර්තා ඊශ්‍රායෙල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් බැහැර කර ඇත්තේ ‘මුළුමනින්ම බේගල් ප්‍රවෘත්ති’ යයි පවසමිනි.
  •   “තියෙන තත්වය ඉතා ඉක්මනින්ම විශාල ආකාරයෙන් පුපුරා යාහැකි බව අපි ඔවුන්ට අනතුරු ඇඟවූවා.
අකුරු ප්‍රමාණය (Font Size):

හෙළිවී තිබේ.

එක්සත් ජනපද කොන්ග්‍රසයේ විදේශ කටයුතු පිළිබඳ කමිටුවේ ප්‍රධානී මයිකල් මැකෝල් ඒ බව පවසා ඇත්තේ මාධ්‍යවේදීන් හමුවේය.

අඩුම වශයෙන් ඊශ්‍රායලුන් 1200කට සහ පලස්තීනුවන් 1000කට වැඩියෙන් මරා දැමුණු ගැටුම ඇරඹුණු හමාස් ප්‍රහාරය ගැන දැන සිටි බව ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරයි.  

අනතුරු ඇඟවීම පිළිබඳ වාර්තා ඊශ්‍රායෙල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් බැහැර කර ඇත්තේ ‘මුළුමනින්ම බේගල් ප්‍රවෘත්ති’ යයි පවසමිනි.

  “තියෙන තත්වය ඉතා ඉක්මනින්ම විශාල ආකාරයෙන් පුපුරා යාහැකි බව අපි ඔවුන්ට අනතුරු ඇඟවූවා. ඒත් ඒ අය එහෙම අනතුරු ඇඟවීම් සුළු කොට තකනවා,” යයි නම හෙළි නොකළ ඊජිප්තු බුද්ධි නිලධාරියෙක් කයිරෝවේදී ඇසොෂියෙටඩ් ප්‍රෙස් පුවත් සේවාවට පවසා තිබේ.

“මෙවැනි දෙයක් සිදුවිය හැකි බව ඊජිප්තුව ඊශ්‍රායලයට අනතුරු ඇඟවූ බව අපි දන්නවා,” යැයි මයිකල් මැකෝල් මැද පෙරදිග යුද තත්වය සම්බන්ධයෙන් එක්සත් ජනපද මන්ත්‍රීවරුන් සමග පැවති අභ්‍යන්තර සාකච්ඡාවකින් පසු මාධ්‍යවේදීන් හා පැවසු බව AFP ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබේ.

පැහැදිලි කිරීමක් කළ යුතු බව පිළිගනිමින් ඊශ්‍රායල් ආරක්ෂක සේනාවේ ප්‍රධාන ප්‍රකාශක රියර් අද්මිරාල් ඩැනියල් හගාරි මාධ්‍යවේදීන්ට පවසා තිබුනේ මේ ඊට කාලය නොවන බවයි.

“පළමුව සටන, ඊළඟට පරීක්ෂණ,” යයි ඔහු කියා තිබුණි.

ගාසා තීරය මායිමේ පිහිටි ඊජිප්තුව බොහෝ අවස්ථාවල ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර මැදිහත්කරුවකු ලෙස කටයුතු කර ඇත.


සබැඳි ලිපි :

හමාස් සංවිධානය ඊශ්‍රායලයට පහරදුන්නේ ඇයි?

'හමාස් ත්‍රස්තවාදය' ගැන කතා කරන්න කලින් දත යුතු ඉතිහාසය - (කුසල් පෙරේරා)

The Israeli-Palestinian Conflict: Unpacking Global Geopolitics, Challenges, and Future Scenarios - (Aryan D.M.)

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...