අගමැතිවරයා අනුව අදහස් දක්වමින් හිටපු හමුදා නිලධාරියකු මෙන්ම ඊශ්‍රායල් විපක්ෂ දේශපාලන නායකයකු වන බෙනී ගාන්ට්ස් කියා ඇත්තේ "මේ යුද්ධයට වේලාව" බව යි.
පුළුල් උද්ඝෝෂණ ව්‍යාපාරයකට තුඩු දුන් දේශපාලන එදිරිවාදිකම් පසෙක දමමින් එක්ව කටයුතු කිරීමට, ඉකුත් බදාදා(11) දින ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ විපක්ෂ දේශපාලන නායකයකු වන බෙනී ගාන්ට්ස් එකඟතාවය පළ කර තිබුණි.
අලුතින් පිහිටවූ රජය "එක්සත්" බවත් "හමාස් පෘතුවියෙන් අතුගා දැමීමට සූදානම්" බවත් විපක්ෂ දේශපාලන නායක බෙනී ගාන්ට්ස් ඊශ්‍රායල් පුරවැසියන් වෙත ප්‍රකාශ කර තිබුණි.
කෙසේ වෙතත්, එක්සත් ජනපද ජනපති කියා සිටින්නේ තමන් ඊශ්‍රායල් අගමැති සමඟ සාකච්ඡා කළ අතර ඊශ්‍රායලය අනිවාර්යයෙන්ම ''ජාත්‍යන්තර යුද නීතියට අනුව කටයුතු කළ යුතු'' යැයි පැහැදිලිවම ඔහුට දන්වා සිටි බව යි.
ඊශ්‍රායල ජනතාවගේ කෝපය සහ අපේක්ෂා භංගත්වය තේරුම් ගත හැකිමුත් ජිනීවා සම්මුතියේ ප්‍රතිපත්ති අනුව කටයුතු කරන ලෙසට දන්වා සිටින එක්සත් ජනපද ජනපති, හමාස් ප්‍රහාර පිළිගෙන ඇති ඉරානයට ‘පරෙස්සම් වන ලෙස'ට ද අනතුරු අඟවා තිබුණි.
පලස්තීන හමාස් සංවිධානය පසුගිය සති අන්තයේ එල්ල කළ ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1200ක් බව එරට බලධාරීහූ අනාවරණය කළහ.
එසේම, ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 1200කට වැඩි පිරිසක් මිය ගිය බව පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පවසති.
සෑම හමාස් සටන්කරුවෙක්ම 'මළ මිනිසෙක්' ඊශ්‍රායල් අගමැති කියයි
T
The Leader
October 12, 2023 • 3:48 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- සෑම හමාස් සටන්කරුවෙක්ම "මළ මිනිසෙක්" බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට හදිසි රජයේ පළමු රැස්වීමෙන් පසු ප්‍රකාශ කර තිබේ.
- පුළුල් උද්ඝෝෂණ ව්‍යාපාරයකට තුඩු දුන් දේශපාලන එදිරිවාදිකම් පසෙක දමමින් එක්ව කටයුතු කිරීමට, ඉකුත් බදාදා(11) දින ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ විපක්ෂ දේශපාලන නායකයකු වන බෙනී ගාන්ට්ස් එකඟතාවය පළ කර තිබුණි.
- අලුතින් පිහිටවූ රජය "එක්සත්" බවත් "හමාස් පෘතුවියෙන් අතුගා දැමීමට සූදානම්" බවත් විපක්ෂ දේශපාලන නායක බෙනී ගාන්ට්ස් ඊශ්‍රායල් පුරවැසියන් වෙත ප්‍රකාශ කර තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



