BREAKING
Top Ad
විදේශ

ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් 'භූගත උමං ජාලය' ඉලක්ක කරයි

T

The Leader

October 12, 2023 • 9:56 AM

ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් 'භූගත උමං ජාලය' ඉලක්ක කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා තීරයට ඊශ්‍රායල අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින අතර ඊශ්‍රායල් හමුදා
  • "වසර 20කට පමණ කලින් ගාසා තීරය - හමාස් පාලනය අතට ගත් දා ඉදලා හමාස් කරලා තියෙන්නේ ගාසා නගරයේ සිට ඛාන් යුනිස් සහ රෆා දක්වා භූගත උමං ජාලයක් හදන එක," ඊශ්‍රායල් හමුදා ප්‍රකාශකයෙකු වන ජොනතන් කොන්රික්ස් සඳහන් කළේය.
  • කොන්රිකස් පවසන්නේ ගාසා තීරය ස්ථර දෙකකින් යුතු යැයි සිතිය යුතු බවය - එකක් බිම් මට්ටමේ සිවිල් වැසියන් සඳහා සහ දෙවන භූගත ස්ථරය හමාස් සටන්කාමීන් සඳහා බව ඔහු කියා සිටියේය.
  • "අපි දැන් කරන්න උත්සාහ කරන්නේ හමාස් විසින් ගොඩනඟා ඇති ඒ දෙවන ස්ථරයට ළඟා වීම," ඔහු පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

පවසන්නේ තම ප්‍රහාරක ජෙට් යානා හමාස් සටන්කාමීන් ගොඩනගන ලද සහ ජනාකීර්ණ වූ භූගත උමං ජාලය ඉලක්ක කරන බවයි.

"වසර 20කට පමණ කලින් ගාසා තීරය - හමාස් පාලනය අතට ගත් දා ඉදලා හමාස් කරලා තියෙන්නේ ගාසා නගරයේ සිට ඛාන් යුනිස් සහ රෆා දක්වා භූගත උමං ජාලයක් හදන එක," ඊශ්‍රායල් හමුදා ප්‍රකාශකයෙකු වන ජොනතන් කොන්රික්ස් සඳහන් කළේය.

කොන්රිකස් පවසන්නේ ගාසා තීරය ස්ථර දෙකකින් යුතු යැයි සිතිය යුතු බවය - එකක් බිම් මට්ටමේ සිවිල් වැසියන් සඳහා සහ දෙවන භූගත ස්ථරය හමාස් සටන්කාමීන් සඳහා බව ඔහු කියා සිටියේය.
"අපි දැන් කරන්න උත්සාහ කරන්නේ හමාස් විසින් ගොඩනඟා ඇති ඒ දෙවන ස්ථරයට ළඟා වීම," ඔහු පවසයි.
“මේවා ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරන විට ගාසා සිවිල් වැසියන්ට ආරක්ෂාවෙන් හදපු බංකර් නෙමේ,” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
 ගාසා තීරයේ සිවිල් වැසියන් වෙත අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන සහ ජලය සැපයීමට අවසර දෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීම්කර තිබේ.
ඊශ්‍රායලය විසින් සැපයුම් අත්හිටුවීමෙන් පසු ගාසා තීරයේ එකම විදුලි බලාගාරය ද වසා දමා ඇත.
ඊශ්‍රායලය විසින් මේවන විට ගාසා තීරයේ විදුලිය සැපයීම මෙන්ම ජලය, ආහාර, ඉන්ධන සහ ඖෂධ, ඇතුළු භාණ්ඩ සැපයීමද කපා හැර තිබේ.
ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 1200කට වැඩි පිරිසක් මිය ගිය බව පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පවසති.

පලස්තීන හමාස් සංවිධානය පසුගිය සති අන්තයේ එල්ල කළ ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව ද 1200ක් බව එරට බලධාරීහූ අනාවරණය කළහ.
sdfrtw435ගාසා තීරයේ දකුණේ ඛාන් යුනිස් හි ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන් ඇති වූ ආවාටයක් අද උදෑසන දිස්වූ අයුරු
 

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අද ඊශ්‍රායලයට
 
ගාසා තීරයේ අවතැන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 338,000 දක්වා ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.

මේ අතර එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊශ්‍රායලයට සහය දැක්වීමක් ලෙස අද එරටට පැමිණීමට නියමිතය.

පලස්තීන විමුක්ති සංවිධානයට අනුව ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් ද හමුවනු ඇත.

පලස්තීන ජනාධිපති අබ්බාස් හමාස් සංවිධානයට සම්බන්ධයක් නොමැති නායකයෙකි. ඔහු බටහිර ඉවුර පදනම් කරගත් පලස්තීන ෆාටා ව්‍යාපාරයට නායකත්වය දෙනු ලබයි.


හදිසි රජයක් පිහිටුවීමට ඊශ්‍රායලයේ එකඟතාව
 
cghyr56745
පවතින යුද ගැටුම් මධ්‍යයේ හදිසි රජයක් පිහිටුවීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ විපක්ෂ නායක බෙනී ගැන්ට්ස් එකඟ වී තිබේ.

ඒ අනුව අග්‍රාමාත්‍ය නෙතන්යාහු, විපක්ෂ නායක ගැන්ට්ස් සහ ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යවරයාගෙන් සමන්විත"යුද කැබිනට්ටුවක්" ද පත් කෙරෙනු ඇත.

එයින් අදහස් වන්නේ යුද සමයේදී "යුද්ධය පවත්වා ගැන යෑම ගැන සැලකිල්ලක් නොදක්වන කිසිදු පනතක් හෝ රජයේ තීරණයක් ප්‍රවර්ධනය නොකරනු ඇති" බවය.

එමෙන්ම සියලුම ජ්‍යෙෂ්ඨ පත්වීම් යුද සමයේදී ස්වයංක්‍රීයව දීර්ඝ වනු ඇත.
 

ගාසා තීරයේ ප්‍රධාන විදුලි සැපයුම විසන්ධි වෙයි

xcfy5e6
ගාසා තීරයේ එකම බලාගාරයේ ඉන්ධන අවසන් වීමෙන් පසු ප්‍රධාන විදුලි සැපයුම විසන්ධි වී තිබේ.

සති අන්තයේ හමාස් ප්‍රහාරයෙන් පසු, ඊශ්‍රායලය ගාසා තීරය සම්පූර්ණයනේ වටකර ඇති අතර, විදුලිය, ඉන්ධන, ආහාර, භාණ්ඩ සහ ජලය සැපයීම කපා හැර තිබේ.
ප්‍රධාන විදුලි සැපයුම විසන්ධි වීම යනුවෙන් අදහස් වන්නේ ගාසා තීරයේ ජනතාවට විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට ඉන්ධන තිබේ, නම් විදුලි ජනක යන්ත්‍ර මත යැපීමට සිදුවන බවය.


xfte456ඊශ්‍රායල ගුවන් ප්‍රහාර අඛණ්‌ඩව පවතින බැවින් ගාසා වැසියන් පාසල්වල සහ රෝහල්වල රැකවරණය පතමින් සිටිති.

ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර අඛණ්‌ඩව පවතින බැවින් තවත් ගාසා වැසියන් පාසල්වල සහ රෝහල්වල රැකවරණය පතමින් සිටිති.
 
ගාසා තීරයේ සිට රොකට් ප්‍රහාර එල්ල වීම හේතුවෙන් ඊශ්‍රායලයේ, උතුරු හා දකුණු දිග ප්‍රදේශ වලින් සයිරන් හඬ ඇසෙමින් ඇති අතර තුවාල සිදුවීම් ද වාර්තා වී තිබේ.

ඊශ්‍රායල් හමුදාව පවසන්නේ ගාසා තීරයේ දේශසීමා ආසන්නයේ හමුදා භටයන් 300,000 ක් ස්ථානගත කර ඇති බවයි.

ගාසා තීරයට ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර අඛණ්ඩව සිදුවෙමින් පවතින අතරවාරයේ දෙපාර්ශවයේම මරණ සංඛ්‍යාව ඉහළ යමින් තිබේ.

හමාස් සටන්කාමීන්ගෙන් පසුගිය සෙනසුරාදා එල්ල වූ ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 1,200 දක්වා ඉහළ ගොස් ඇති අතර ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයෝ 1,100 කට වැඩි පිරිසක් මිය ගියහ.

(BBC සිංහල සේවය)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...