BREAKING
Top Ad
විදේශ

ඊශ්‍රායල් අනතුරු ඇඟවීමෙන් පසු උතුරු ගාසා වැසියෝ දකුණු ගාසා වෙත පලා යති

T

The Leader

October 13, 2023 • 5:52 PM

ඊශ්‍රායල් අනතුරු ඇඟවීමෙන් පසු උතුරු ගාසා වැසියෝ දකුණු ගාසා වෙත පලා යති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උතුරු ගාසාහි වෙසෙන සිවිල් වැසියන් දකුණු ගාසා වෙත යා යුතු බවට ඊශ්‍රායලය කළ අනතුරු ඇඟවීමෙන් පසු
  • ඒ, සිවිල් වැසියන්ගේ "ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය" සඳහා පැය 24 ක් ඇතුළත උතුරු ගාසා තීරයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය කළ දැනුම් දීමත් සමගය.
  • එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඊශ්‍රායලයේ නියෝගය විවේචනය කර ඇති අතර, ඉන් සිදුවිය හැකි මානුෂීය බලපෑම පෙන්වා දී තිබේ.
  • ඊශ්‍රායල හමුදාව කියා සිටියේ ජනතාව ඉවත් කිරීම සඳහා ලබා දී ඇති කාල රාමුවට වඩා වැඩි කාලයක් ගතවනු ඇති බව තමන් වටහාගෙන ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සිවිල් වැසියෝ උතුරු ගාසා තීරයෙන් මෝටර් රථ, ට්‍රක් රථවල පිටුපස නැග සහ පාගමනින් පලා යමින් සිටිති.

ඒ, සිවිල් වැසියන්ගේ "ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය" සඳහා පැය 24 ක් ඇතුළත උතුරු ගාසා තීරයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය කළ දැනුම් දීමත් සමගය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඊශ්‍රායලයේ නියෝගය විවේචනය කර ඇති අතර, ඉන් සිදුවිය හැකි මානුෂීය බලපෑම පෙන්වා දී තිබේ.

ඊශ්‍රායල හමුදාව කියා සිටියේ ජනතාව ඉවත් කිරීම සඳහා ලබා දී ඇති කාල රාමුවට වඩා වැඩි කාලයක් ගතවනු ඇති බව තමන් වටහාගෙන ඇති බවයි. මේ අතර, ඊශ්‍රායල් අනතුරු ඇඟවීම නොසලකා හරින ලෙස හමාස් සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

 

zdf45එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඊශ්‍රායලයේ නියෝගය විවේචනය කර ඇති අතර, ඉන් සිදුවිය හැකි මානුෂීය බලපෑම පෙන්වා දී තිබේ.

 

ගාසා හි ප්‍රධාන මහා මාර්ගයේ සිය ගණනක් මෝටර් රථ සහ ජනතාව පාගමනින් යති

උතුරු ගාසාහි ප්‍රධාන මාර්ගයේ සිය ගණනක් මෝටර් රථ, යතුරුපැදි සහ ට්‍රක් රථ සහ අධික ලෙස බඩු පටවාගෙන යන වාහන මෙන්ම සමහර මෝටර් රථ මත මෙට්ට ගැටගසා රැගෙන යනු ඇයුරුද දැක ගතහැකි විය.

ඇතැම් මිනිසුන් එළදෙනුන්, ඔටුවන්, බැටළුවන් සහ බූරුවන් රැගෙන ගමන් කරයි.

බොහෝ පවුල් පයින් ගමන් කරමින් සිටින අතර , ඔවුන්ට දැනටමත් කිලෝමීටර් ගණනාවක් පයින් යාමට සිදුවී ඇත.

grt

බොහෝ පවුල් පයින් ගමන් කරමින් සිටින අතර , ඔවුන්ට දැනටමත් කිලෝමීටර් ගණනාවක් පයින් යාමට සිදුවී ඇත.

 

පැය 24ක් තුළ ගාසා තීරයේ උතුරු ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස ඊශ්‍රායලය ගාසා වැසියන්ට දැනුම් දෙයි

dty5

ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ වෙසෙන සියලු දෙනාට දකුණු ප්‍රදේශය වෙත ඉවත් වීමට ඊශ්‍රායලය පැය 24 කාල සීමාවක් ලබා දී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ඒ අනුව උතුරු ගාසාහි, වඩි ගාසා නගරයට උතුරින් වෙසෙන සියලූ දෙනා දකුණු ගාසා තීරයේ නැවත පදිංචි කරවන ලෙස ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ සංවිධානයට ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මෙය ආසන්න වශයෙන් මිලියන 1.1 ක ජනතාවක් බවය. එය ගාසා තීරයේ සමස්ත ජනගහනයෙන් අඩක් පමණ වනු ඇත. බලපෑමට ලක්වන ප්‍රදේශයට ජනාකීර්ණ ගාසා නගරය ද ඇතුළත් වේ.

ගාසා සහ ජෙරුසලමේ වේලාවෙන් මධ්‍යම රාත්‍රියට පෙර, (GMT 23:00) ඊශ්‍රායලය මෙම අනතුරු ඇඟවීම ලබා දී ඇත.

"දැඩි විනාශකාරී මානුෂීය ප්‍රතිවිපාකයක් නොමැතිව එවැනි ක්‍රියාමාර්ගයක් ගත නොහැකි” බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඊශ්‍රායලය ගාසා තීරයේ දේශසීමාව ආසන්නයට සොල්දාදුවන්, බරඅවි, කාලතුවක්කු සහ යුද ටැංකි එක්රැස් කරමින් ගොඩබිම් ප්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් සිටී.

හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කළ හදිසි ප්‍රහාරයෙන් පසු සෙනසුරාදා සිට ඊශ්‍රායලය ගාසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටියි.

 

'ආරක්ෂාව’ සඳහා පිටව යන ලෙස ඊශ්‍රායල හමුදාව ගාසා නගර වැසියන්ට දැනුම් දෙයි

ඊශ්‍රායල හමුදාව ගාසා නගරයේ වැසියන්ට සෘජුවම අමතා, ඔවුන්ගේ "ආරක්ෂාව සහ සුරක්ෂිත බව" වෙනුවෙන් පිටත්ව යන ලෙස දැනුම් දී තිබේ.

ගාසා නගරයේ සිවිල් වැසියන්ට දකුණු ගාසා වෙත ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදාව නිවේදනය කරනු අසන්නට ලැබුණි.

ගාසා තීරයේ ප්‍රධාන නාගරික ප්‍රදේශයේ ජනතාව අමතනමින් ඊශ්‍රායල් නිලධාරීන් පැවසුවේ “ඔබට නැවත ගාසා නගරයට යාමට හැකි වනුයේ තමන් අවසර දෙන තවත් නිවේදනයක් නිකුත් කළ විට පමණක් බවය.

ඊශ්‍රායල් ආරක්ෂක බලකාය ප්‍රකාශ කළේ හමාස් සටන්කාමීන් ගාසා නගරයේ භූගත උමං මාර්ග තුළ සහ සිවිල් වැසියන්ගෙන් යුත් ගොඩනැගිලි තුළ සැඟවී සිටින බවයි. "ඔබේ ආරක්ෂාව සහ ඔබේ පවුල්වල ආරක්ෂාව සඳහා නගරයෙන් ඉවත් වන ලෙසත් ඔබව මිනිස් පලිහක් ලෙස භාවිතා කරන හමාස් ත්‍රස්තවාදීන්ගෙන් ඈත් වන ලෙසත්" ඊශ්‍රායලය සිවිල් වැසියන්ගෙන් ඉල්ලා සිටියේය.

ඊශ්‍රායල් හමුදාව අවධාරණය කළේ සිවිල් වැසියන් තම සතුරුන් නොවන බවය.

 

ඊශ්‍රායලයට නොනවතින සහයෝගයක් ලබා දෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රතිඥා

xcfgdg

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් විසින් ඊශ්‍රායලයේ සංචාරයක නිරත වෙමින් එක්සත් ජනපදය ඊශ්‍රායලයට නොනවතින සහයෝගයක් ලබා දෙන බවට ප්‍රතිඥා දෙනු ලැබීය.

රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමඟ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව අවධාරණය කළේය.

“සාමය සහ යුක්තිය අවශ්‍ය ඕනෑම අයෙකු හමාස් ත්‍රස්තවාදී පාලනය හෙළා දැකිය යුතුයි,” බ්ලින්කන් සඳහන් කළේය.

"හමාස් සංවිධානයට ඇත්තේ එකම න්‍යාය පත්‍රයක් පමණයි - ඒ, ඊශ්‍රායලය විනාශ කිරීම සහ යුදෙව්වන් ඝාතනය කිරීමයි."

කෙසේ වෙතත්, සෑම ජාතියකම සිවිල් වැසියන්ට හානියක් නොවන පරිදි පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග ගත යුතු බව ඔහු අනතුරු අඟවා සිටියේය. " ඔබව ආරක්ෂා කර ගැනීමට ඔබ තනිවම ශක්තිමත් වෙන්න පුළුවන්, නමුත් ඇමෙරිකාව පවතින තාක් කල් කිසිදාක, ඔබ ඒ ගැන වදවිය යුතු නැහැ” රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේය.

ඊශ්‍රායලය තම රට ආරක්ෂා කරගන්නා ආකාරය "වැදගත්" මෙන්ම "සාමාන්‍ය ජනතාවට හානි නොකිරීමට හැකි සෑම පියවරක්ම ගැනීමද ඉතා වැදගත්" බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

(උපුටා ගැනීම - BBC සිංහල සේවය)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...