83 හැවිරිදි සිනමාකරු සහ ඔහුගේ බිරිඳ වහිදේ මොහොමදිෆර් පිහි ඇනුම් තුවාල සහිතව, ඉරාන ටෙහෙරාන් අගනුවර ආසන්නයේ පිහිටි තම නිවස තුල මියගොස් සිටිය දී ඉකුත් සෙනසුරාදා(14) සවස සොයාගත් බව යි එරට බලධාරීන් නිවේදනය කරන්නේ.
දයිරුෂ් මෙහ්ර්ජුයි ජනාදරයට පාත්‍ර වී ඇත්තේ ඉරාන නව රැල්ලේ සිනමාවේ පුරෝගාමියකු ලෙසිනි.
එරට මාධ්‍ය වාර්තා අනුව මරණයට සම්බන්ධ පුද්ගලයින් සිව් දෙනකු හඳුනාගෙන ඇත.
තිර රචිකාවක් මෙන්ම ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් වන වහිදේ මොහොමදිෆර් තමන්ට ජිවිත තර්ජන එල්ල වන බවට කිහිප වරක්ම පැමිණිලි කර ඇති අතර ඔවුන්ගේ නිවස ද කොල්ලකා තිබුණි.
ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලබා ප්‍රංශයේ පස් වසරක් දිවි ගෙවූ දයිරුෂ් මෙහ්ර්ජුයි, ඉරාන මෙන්ම ලෝක සිනමාවේ කැපී පෙනෙන සිනමාකරුවකු බවට පත්වන්නේ 1969 දී ඔහු අධ්‍යක්ෂණය කළ The Cow නම් සිනමාපටය ඔස්සේ ය.
Hamoun, The Pear Tree සහ Leila ඔහුගේ සෙසු සම්මානිත සිනමා නිර්මාණ වේ.
ඉරාන නව රැල්ලේ සිනමාවේ පුරෝගාමියකු මරා දැමේ
T
The Leader
October 16, 2023 • 11:05 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඉරාන සිනමාවේ පුරෝගාමී අධ්‍යක්ෂවරයෙකු වූ දයිරුෂ් මෙහ්ර්ජුයි සහ ඔහුගේ බිරිඳ සිය නිවස තුළ මරා දමා සිටිය දී සොයාගෙන තිබේ.
- දයිරුෂ් මෙහ්ර්ජුයි ජනාදරයට පාත්‍ර වී ඇත්තේ ඉරාන නව රැල්ලේ සිනමාවේ පුරෝගාමියකු ලෙසිනි.
- එරට මාධ්‍ය වාර්තා අනුව මරණයට සම්බන්ධ පුද්ගලයින් සිව් දෙනකු හඳුනාගෙන ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



