ඊශ්‍රායල් හමුදාව පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවය.
ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයාට අනුව ගාසාහි රෝහලකට එල්ල වූ බව කියන මෙම ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 500 දක්වා ඉහළ ගොස් තිබේ.
ප්‍රදේශවාසීන් පවසන පරිදි ප්‍රහාරය එල්ල වන විට අවතැන් වූවන් සිය ගණනක් රෝහල් භූමියේ ශාලාවක නවාතැන් ගෙන සිට තිබේ.
පලස්තීන සිවිල් ආරක්ෂක නිලධාරීන් සඳහන් කළේ, මෙම පිපිරීම ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයක ප්‍රතිඵලයක් බවත් තවත් සිය ගණනක් සුන්බුන් අතර සිරවී සිටින බවත්ය.
සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලන බව ඊශ්‍රායල් හමුදාව පවසයි.
සිද්ධිය පිළිබඳ තොරතුරු තහවුරුකර ගැනීමට බීබීසීය කටයුතු කරමින් සිටී.
ගාසාහි සිවිල් වැසියන් 4,000 ක් ලැඟුම් ගෙන සිටින පාසලකට ගුවන් ප්‍රහාරයක් එල්ල වෙයි
ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර අතරතුර සිවිල් වැසියන් 4,000 ක් ලැඟුම් ගෙන සිටි පාසලකට ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මධ්‍යම ගාසා තීරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන පාසලකට ගුවන් ප්‍රහාරය එල්ල වී ඇති අතර ඉන් අවම වශයෙන් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් ඇත.
මීට පෙර ඊශ්‍රායල් හමුදාව අවධාරණය කළේ තමන් සිවිල් වැසියන් ඉලක්ක කර නොගන්නා බවය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් පවසන්නේ, "ගාසා තීරයේ කිසිදු ස්ථානයක් තවදුරටත් ආරක්ෂිත නොවන බවය.
ඊශ්‍රායල් හමුදා අනතුරු ඇඟවීම්වලින් පසු අවම වශයෙන් 600,000 ජනයා උතුරු ගාසා තීරයෙන්, දකුණු ගාසා වෙත පලා ගොස් ඇත.
ඔක්තෝබර් 7 වැනිදා සිය රටට එල්ල වූ මාරාන්තික හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය ගාසා තීරය වෙත ආහාර, ජලය, ඉන්ධන සහ විදුලිය සැපයීම අවහිර කර ඇත.
එහෙත් ගාසාහි මානුෂීය අර්බුදයක් පවතින බවට වන වාර්තා ඊශ්‍රායල හමුදාව ප්‍රතික්ෂේප කරයි.
ගාසා තීරයේ ගොඩබිම් ප්‍රහාරයක් සඳහා ඊශ්‍රායලය සැලසුම් කරන අතර ඒ සම්බන්ධයනේ සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් බදාදා (ඔක්.18 වැනිදා) ඊශ්‍රායලයට පැමිණීමට නියමිතය.
හමාස් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ පුද්ගලයින් 1400කට අධික පිරිසක් මිය ගොස් තිබේ.
ඔක්තෝබර් 7 වනදා සිට ඊශ්‍රායලය එල්ල කරන ගුවන් ප්‍රහාර වලින් ගාසා තීරයේ පුද්ගලයින් 3,000 ක් පමණ මිය ගොස් ඇති බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
එම ප්‍රහාර වලින් තුවාල ලබා ඇති පිරිස 12,500කට අධිකය.
ගාසා තීරයට මානුෂීය කොරිඩෝවක් විවෘත කරන ලෙස කැනඩා අගමැති ඉල්ලයි
ගාසා තීරයට මානුෂීය කොරිඩෝවක් විවෘත කරන ලෙස කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ ඉල්ලා තිබේ.
මිලියන 2.3ක ජනකායක් වෙසෙන ගාසාහි භයානක තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින අතර, එය විසඳීම සඳහා හදිසි උපකාර අවශ්‍ය බව ඔහු පැවසීය.
ඊශ්‍රායලයට තම ආරක්ෂාව සපයාගැනීමට ඇති අයිතියට කැනඩාව සහාය දෙන නමුත්, "යුද්ධවලට පවා නීති තියෙනවා"යි ඔහු පැවසීය.
"ත්‍රස්තවාදය කිසිවිටෙක සාධාරණීකරණය කළ නොහැකියි, ඒ වගේම හමාස්හි ත්‍රස්ත ක්‍රියාවන් කිසි විදියකින් සාධාරණීකරණය කිරීමට නොහැකියි. ...හමාස් සංවිධානය පලස්තීනයේ ජනතාව හෝ ඔවුන්ගේ නීත්‍යානුකූල අභිලාෂයන් නියෝජනය කරන්නේ නැහැ," ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ගාසා තීරයට මානුෂීය ආධාර ලබාදීම සම්බන්ධයෙන් ඊශ්‍රායලයෙන් එරට රජයට සහතිකයක් ලැබී ඇතැ යි පැවසුවේ ය.
ඔහු ප්‍රකාශ කළ පරිදි, ‘පලස්තීන සිවිල් වැසියන් හානි සිදුවීමෙන් ඈත්කර තබා ගැනීම’ සඳහා විශේෂ ප්‍රදේශයන් නිර්මාණය කිරීමේ හැකියාව පිළිබඳව ද දෙරට සාකච්ඡා කරමින් සිටියි.
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් බදාදා (ඔක්. 18වැනිදා) ඊශ්‍රායලයේ සංචාරය කිරීමට ද නියමිත ය.
මේ අතර, මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහිම්, තමා "පලස්තීන ජනතාවට මැලේසියාවේ නොසැලෙන සහයෝගය [ලබාදෙනබවට]" හමාස් සංවිධානය වෙත යළි ප්‍රකාශ කළ බව පවසයි.
හමාස් දේශපාලන කාර්යාංශයේ ප්‍රධානී ඉස්මයිල් හනියේ සමග දුරකථන සංවාදයක් පැවැත්වූබව ද ඊබ්‍රහිම් පැවසීය.
"ගාසා තීරයේ පවතින භයානක තත්ත්වය සැලකිල්ලට ගෙන, බෝම්බ හෙළීම වහාම නැවතීමටත්, රෆාහි මානුෂීය කොරිඩෝවක් පිහිටුවීමටත් මා දැඩිසේ පෙනී සිටිනවා," ඊබ්‍රහිම් පෙර ට්විටර් ලෙස හැඳින්වූ Xහි පළ කළේ ය.
ඊජිප්තුව සමඟ ඇති රෆා දේශසීමා හරහා ගාසා තීරයට ආධාර යැවීම වෙනුවෙන් සටන් විරාමයක් ක්‍රියාත්මක කරන බවට පළ වූ වාර්තා ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් සටන්කාමීහූ ප්‍රතික්ෂේප කළහ.
ගාසා තීරයට ආහාර, වෛද්‍ය සැපයුම් සහ ඉන්ධන යැවීම සඳහා අවසර දෙන ලෙසට වන ඉල්ලීම් ඉහළ යමින් තිබියදී මෙන්ම, ගාසා තීරයෙන් පිටවීම සඳහා විශාල ජනකායක් රෆා දේශසීමා පිවිසුම් මාර්ගයේ දොරටුව අසළට රැස්ව සිටියද තවදුරටත් එම දොරටුව වසාදමා ඇත.
දකුණු ගාසා තීරයෙන් “විදේශිකයන්ට” පිටවීමට සහ “මානුෂීය ආධාර” ගාසා තීරය වෙත යැවීම සඳහා අද දිනයේ පැය කිහිපයක සටන් විරාමයක් ක්‍රියාත්මක කරන බවට මීට පෙර වාර්තා පළව තිබුණි.
කෙසේවෙතත් ඊශ්‍රායලය මෙන්ම පලස්තීන හමාස් සටන්කාමීන් ද එම වාර්තා ප්‍රතික්ෂේප කළහ.
ඊශ්‍රායලය ගාසා තීරය වෙත ගොඩබිමින් ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කරන අතර ඊට පෙර පලස්තීනුවන් මිලියනයක් පමණ උතුරු ගාසා තීරයේ සිට දකුණට පලා ගොස් ඇතැයි විශ්වාස කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාවරණය කළේය.
මේ අතර, ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අරාබි රටවල් කිහිපයක සංචාරය යෙදුණු අතර දින කිහිපයක එම රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලින් පසු නැවත සාකච්ඡා සඳහා ඊයේ දිනයේ ඊශ්‍රායලයට පැමිණ තිබේ.
(BBC සිංහල සේවය)
රෝහලකට එල්ල කළ ඊශ්‍රායල් ප්‍රහාරයකින් සිය ගණනක් මියගිහින්
T
The Leader
October 17, 2023 • 11:18 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ගාසා තීරයේ රෝහලකට එල්ලවූ ඊශ්‍රායල් ප්‍රහාරයකින් පුද්ගලයින් සිය ගණනක් මිය ගොස් ඇතැයි පලස්තීන බලධාරීන් පවසයි;
- ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයාට අනුව ගාසාහි රෝහලකට එල්ල වූ බව කියන මෙම ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 500 දක්වා ඉහළ ගොස් තිබේ.
- පලස්තීන සිවිල් ආරක්ෂක නිලධාරීන් සඳහන් කළේ, මෙම පිපිරීම ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයක ප්‍රතිඵලයක් බවත් තවත් සිය ගණනක් සුන්බුන් අතර සිරවී සිටින බවත්ය. සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලන බව ඊශ්‍රායල් හමුදාව පවසයි.
- ගාසාහි සිවිල් වැසියන් 4,000 ක් ලැඟුම් ගෙන සිටින පාසලකට ගුවන් ප්‍රහාරයක් එල්ල වෙයි ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර අතරතුර සිවිල් වැසියන් 4,000 ක් ලැඟුම් ගෙන සිටි පාසලකට ප්‍රහාරයක් එල්ල වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



