BREAKING
Top Ad
විදේශ

ඊශ්‍රායල් ප්‍රකාශක යුද්ධයට සාරිය පටලා ගනියි

T

The Leader

October 20, 2023 • 1:51 AM

ඊශ්‍රායල් ප්‍රකාශක යුද්ධයට සාරිය පටලා ගනියි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කරන ප්‍රහාරවල අවසානයක් පිළිබඳ රූපවාහිනී වැඩසටහනක දී විමසා සිටි ඉන්දීය මාධ්‍යවේදිනියකගේ සාරියේ වර්ණ ප්‍රශ්නයක් කරගත්
  • ඊට ප්‍රතිචාර දක්වමින් මාධ්‍යවේදිනිය එම අවස්ථාවේ දී ප්‍රකාශ කළේ "ආගම් මත පදනම්ව වර්ණ බෙදා වෙන් කර නොගෙන ඉමු.
  • ඇය ජීවතුන් අතර සිටියා නම් අද ඇයට වයස අවුරුදු 105ක් වගේ වෙනවා.
  • ඒ වගේම සාරිය කිසිම පාර්ශවයකට කිසිම සහයෝගයක් දක්වන්නේ නැහැ,” "ගාසා තිරයේ සිදු වෙමින් පවතින, සිද්ධ වෙලා තියෙන දේ, රෝහලකට බෝම්බ හෙලීම, 500ක් දෙනාගේ දිවි තොරවීම හුදෙක් අපරාධයක්!
අකුරු ප්‍රමාණය (Font Size):

ඊශ්‍රායල් ප්‍රකාශකයෙක් ඇය පලස්තීනයට පක්ෂපාති බවට චෝදනා කර තිබේ.

Mirror Now නම් ඉන්දීය මාධ්‍ය නාලිකාව විසින් මෙහෙයවූ වැඩසටහනක් අතරතුර දී මෙම සිදුවීම සිදුවිය.

ඊශ්‍රායලයේ හිටපු විශේෂ බලකා සාමාජිකයෙක් ලෙස ඉන්දීය මාධ්‍ය විසින් හඳුන්වාදුන් ෆ්‍රෙඩ්‍රික් ලඩෝ, ශ්‍රෙයා දවුන්දියල් නම් මාධ්‍යවේදිනියගේ සාරියේ වර්ණ පලස්තීන කොඩියේ වර්ණ නියෝජනය කරන්නේ යැයි ප්‍රශ්නයක් කරගෙන තිබුණේ ගාසා තීරයේ උතුරුදිග රෝහලකට ඔක්තෝබර් 17 වැනිදා එල්ලවූ ඊශ්‍රායල් ප්‍රහාරයකින් 500කට වැඩි පලස්තීනුවන් පිරිසක් මිය ගොස් ඇතැයි එරට බලධාරීන් ප්‍රකාශ කර ඇති අවස්ථාවක ය. 


රෝහලකට බෝම්බ දැමීම අපරාධයක් ! 

"ඔබ මේ හැන්දෑවේ ඇඳගෙන ඉන්න වර්ණ මට පේනවා, අන්න ඒක නිසා තමයි මම උවමනාවෙන්ම නිල් සුදු ඇන්දේ... නිල් සුදු හැමදාම දිනනවා," යනුවෙන් ෆ්‍රෙඩ්‍රික් ලඩෝ රූපවාහිනී වැඩසටහනේ දී Mirror Now විධායක කතුවරියට කියා සිටියේ ය.

ඊට ප්‍රතිචාර දක්වමින් මාධ්‍යවේදිනිය එම අවස්ථාවේ දී ප්‍රකාශ කළේ "ආගම් මත පදනම්ව වර්ණ බෙදා වෙන් කර නොගෙන ඉමු. මගේ රටෙත් වෙලාවකට ඒ දේ සිද්ධ වෙනවා." යනුවෙනි.

“ඒ වගේම ඔයාට කියන්න ෆ්‍රෙඩ්රික්, මම ඇඳගෙන ඉන්න ඇඳුම සාරියක්, ඒක මගේ ආච්චිගේ. ඇය ජීවතුන් අතර සිටියා නම් අද ඇයට වයස අවුරුදු 105ක් වගේ වෙනවා. හමාස් කියන්නේ මොකක්ද ඇය දැන හිටියේ නැහැ. ඒ වගේම සාරිය කිසිම පාර්ශවයකට කිසිම සහයෝගයක් දක්වන්නේ නැහැ,”

"ගාසා තිරයේ සිදු වෙමින් පවතින, සිද්ධ වෙලා තියෙන දේ, රෝහලකට බෝම්බ හෙලීම, 500ක් දෙනාගේ දිවි තොරවීම හුදෙක් අපරාධයක්! මම ඇඳගෙන ඉන්නේ නිකම් සාරියක් විතරයි. ඒකෙන් මොකුත් අදහස් වෙන්නේ නෑ. ඒක අත ඇරලා දාන්න. බොහෝම ස්තූතියි, ෆ්‍රෙඩ්‍රික්. ”

කෙසේ නමුත් ඊට නැවත ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල් ප්‍රකාශකයා කියා සිටියේ "වෙනත් අවස්ථාවකට එය තියාගන්න," යනුවෙනි.

එහිදී Mirror Now විධායක කතුවරිය තරයේ සඳහන් කළේ තමන් ප්‍රකාශ කළ යුතු නොයුතු දේ සම්බන්ධයෙන් බලපෑම් එල්ල කිරීමට ඔහුට ඉඩක් නොමැති බවයි. 

"නෑ ෆ්‍රෙඩ්‍රික්, මම අඳින්න ඕන මොකක්ද කියලා ඔබට කියන්න බැහැ. ඒවගේම මම කියන්න ඕන මොකක්ද කියලා ඔබට තෝරන්න බැහැ. මට කියන්න තියෙන දේ මම කියනවා, මම මට පෙනෙන සත්‍ය ප්‍රකාශ කරනවා." 

Screenshot 2023 10 19 at 15.21.14
සිදුවීමට ප්‍රතිචාර දක්වමින් ඇය පසුව සිය X (ට්විටර්) සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබා තිබුණේ "ජිවතුන් අතර නොමැති මගේ මිත්තණියගේ සාරිය අද හැන්දෑවේ මගේ ඊශ්‍රායල් ආරාධිත අමුත්තා කලබලයට පත් කරලා තියෙනවා. ටික වෙලාවකට මට වචන නැතිව ගියා," යනුවෙනි.   

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...