BREAKING
Top Ad
විදේශ

‘අපට අවශ්‍ය ඔබේ ජයග්‍රහණය’ - බ්‍රිතාන්‍ය අගමැති ඊශ්‍රායල් අගමැතිට කියයි

T

The Leader

October 19, 2023 • 9:05 PM

 ‘අපට අවශ්‍ය ඔබේ ජයග්‍රහණය’ - බ්‍රිතාන්‍ය අගමැති ඊශ්‍රායල් අගමැතිට කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායලයේ සංචාරයක නිරත එක්සත් රාජධානියේ අග්‍රමාත්‍ය රිෂී සුනක් ටෙල් අවීව්හිදී ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු
  • ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ගොඩබිම් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර “හමාස් සංවිධානය හඹායෑමට” ඊශ්‍රායලයට ඇති අයිතියට එක්සත් රාජධානිය සහාය දෙන බව සුනක් අවධාරණය කළේය.
  • පලස්තීන ජනතාව ද හමාස් සංවිධානයේ වින්දිතයින්ට බවට පත්ව ඇතිබව පැවසූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා, ඊජිප්තුවෙන් ගාසා තීරයට ආධාර යැවීමේ සැලසුම ගැන ප්‍රසාදය පළ කර සිටියේය.
  • ඊශ්‍රායලය ගාසා තීරයට දැඩි ලෙස බෝම් ප්‍රහාර එල්ල කරමින් සිටින අතර ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් තම නිවෙස්වලින් පලා ගොස් ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

හමුවෙමින් ඊශ්‍රායලට සහයෝගය පළ කර සිටියේය.

එහිදී ඔහු අවධාරණය කළේ: "අපට අවශ්‍ය ඔබේ ජයග්‍රහණය " යනුවෙනි.

ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ගොඩබිම් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර “හමාස් සංවිධානය හඹායෑමට” ඊශ්‍රායලයට ඇති අයිතියට එක්සත් රාජධානිය සහාය දෙන බව සුනක් අවධාරණය කළේය.

පලස්තීන ජනතාව ද හමාස් සංවිධානයේ වින්දිතයින්ට බවට පත්ව ඇතිබව පැවසූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා, ඊජිප්තුවෙන් ගාසා තීරයට ආධාර යැවීමේ සැලසුම ගැන ප්‍රසාදය පළ කර සිටියේය.

ඊශ්‍රායලය ගාසා තීරයට දැඩි ලෙස බෝම් ප්‍රහාර එල්ල කරමින් සිටින අතර ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් තම නිවෙස්වලින් පලා ගොස් ඇත.

ඊශ්‍රායලය එහි දේශසීමාව හරහා ජලය, විදුලිය සහ ඉන්ධන සැපයීම අවහිර කරමින් ගාසා තීරය සම්පූර්ණයෙන් වටකර තිබේ.

හමාස් සටන්කාමීන් විසින් ඊශ්‍රායලයේ පුද්ගලයින් 1,400 කට අධික පිරිසකට මරු කැඳවමින් එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල් යුද ගුවන් යානා සහ කාලතුවක්කු ගාසා තීරයට ප්‍රහාර එල්ල කරමින් සිටියි.

ගාසා තීරයට මේ දක්වා එල්ල වූ ප්‍රහාර වලින් පුද්ගලයින් 3700කට වැඩි පිරිසක් මිය ගිය බව වාර්තා වේ.


ගාසා තීරයට ආධාර යැවීම සඳහා රෆා පිවිසුම විවර කිරීමට ඊජිප්තුව එකඟවෙයි

bbc123ආධාර සැපයුම් රැගත් ට්‍රක් රථ සහ ජනතාව රෆා පිවිසුම දෙපසින්ම පෙළගැසී, එය නැවත විවෘත කෙරෙනතුරු බලා සිටිති


ඊජිප්තු ජනපති අබ්දෙල් ෆටා අල්-සිසි, එරට හා ගාසා තීර දේශසීමාවේ පිහිටි රෆා පිවිසුම විවරකර, ආධාර රැගත් ට්‍රක් රථ 20කට ගාසාවට ඇතුළුවීමට අවසර දීම සඳහා එකඟවී තිබේ.

එක්සත් ජනපද ජනපති බයිඩන් ඊශ්‍රායලයට සිදුකළ සංචාරයෙන් පසු මෙම තීරණය ගැනුණු අතර, සිකුරාදා (ඔක්. 20) සිට ආධාර ප්‍රවාහනය කිරීම ඇරඹිය හැකිබව බයිඩන් ප්‍රකාශකර තිබුණි.

මෙම තීරණයෙන් පසු, දැන් ආධාර සැපයුම් රැගත් ට්‍රක් රථ සහ ජනතාව පිවිසුමෙහි දෙපසින්ම පෙළගැසී, එය නැවත විවෘත කෙරෙනතුරු බලා සිටිති.

කෙසේ නමුත්, ජනතාවට රෆා හරහා ගාසා තීරයෙන් පිටවීමට අවසර ලබාදීම පිළිබඳ සඳහනක් සිදුකර නැත.

මේ අතර, අඟහරුවාදා (ඔක්. 17) ප්‍රහාරයට ලක්වූ ගාසාහි අල්-අහ්ලි රෝහල පිටත තවමත් දක්නට ඇත්තේ විනාශකාරී දර්ශනයකි.

රෝහලෙන් පිටත සිට වාර්තා කරන බීබීසී වාර්තාකාර රුෂ්ඩි අබුවලූෆ් පවසන පරිදි, ජනතාව තවමත් “ශරීර කොටස් එකතු කරමින්” සිටියි.


යුද්ධය පිළිබඳ ඇමෙරිකානු ප්‍රවේශය නිසා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක ඉල්ලා අස්වෙයි



Josh 2023.11.20
එක්සත් ජනපදයේ මිත්‍ර රටවලට ආයුධ ලබාදීම පිළිබඳව වගකිව යුතු ආයතනයක සේවය කළ එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු ඉල්ලා අස්වී ඇත.

ඊශ්‍රායලයට ආයුධ ලබාදීම කඩිනම් කිරීමට පරිපාලනය ගත් තීරණ ලෙස ඔහු හඳුන්වන දෑ සමග එකඟ නොවීම නිසා මෙසේ සිදුකළබව අදාළ නිලධාරී ජෝෂ් පෝල් ප්‍රකාශකර තිබේ.

රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන-හමුදා කටයුතු පිළිබඳ කාර්යාංශයේ, කොංග්‍රස සහ පොදු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂකවරයාවූ පෝල් LinkedInහි මෙසේ ලිවීය:

"අර්බුදයේ එක් පාර්ශවයකට තවත් ආයුධ සැපයීම ඉක්මන් කිරීම ඇතුළුව [ආයතනය ගෙන ඇති] ප්‍රධාන ප්‍රතිපත්තිමය තීරණ සමූහයකට සහාය දැක්වීම සඳහා කටයුතු කරන්නට මට බැහැ. [මේ තීරණ] අදූරදර්ශීබවත්, විනාශකාරීබවත්, අසාධාරණබවත්, අප ප්‍රසිද්ධියේ පිළිගන්නා සාරධර්මවලට පටහැනිබවත් මම විශ්වාස කරනවා."

හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ලකළ ප්‍රහාරය "අති දුෂ්ටබව" ඔහු පිළිගන්නා අතරම, ඊශ්‍රායලයේ ප්‍රතිචාරය ද ඊශ්‍රායල ජාතිකයින් සහ පලස්තීනුවන්ට "වැඩි වැඩියෙන් සහ වඩාත් ගැඹුරු දුක් වේදනා ඇති කිරීමට පමණක් හේතුවනු ඇතැ"යි විශ්වාස කරනබව ද පෝල් පවසා තිබුණි.

24d4ffa0 6dae 11ee a503 4588075e3427"මා දැක්ක දේවල් පදනම් කරගෙන බලන කොට, මේක ඔබ නොව අනෙක් කණ්ඩායම විසින් කරන ලද බව පෙනී යනවා," ඇමෙරිකානු ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය නෙතන්යාහු වෙත පැවසීය

ගාසා තීරයේ රෝහලක සිදුවු මාරාන්තික පිපිරීම පලස්තීන සටන්කාමීන් විසින් සිදුකර ඇතැයි පෙනීයන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඔක්. 18 වැනිදා ප්‍රකාශ කළේය.

ඒ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊශ්‍රායලය දක්වා ඇති ප්‍රතිචාරයට සහය පළ කරමින්ය.

බදාදා ටෙල් අවීව් වෙත පැමිණි ඇමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ, මෙම පිපිරීමෙන් තමා “දැඩි ශෝකයට හා කෝපයට පත් වූ” බවය.

පලස්තීන සටන්කාමීන් එල්ල කළ රොකට් ප්‍රහාරයක් වැරදීම නිසා එම පිපිරීම සිදුව ඇතැයි ඊශ්‍රායල් හමුදාව ප්‍රකාශ කළේය.

එහෙත් පලස්තීන බලධාරීන් පැවසුවේ ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයක් රෝහලට එල්ල වී ඇති බවය.

අඟහරුවාදා සවස ගාසාහි අල්-අහ්ලි අරාබි රෝහලේ සිදුවූ මෙම පිපිරීම ජනපති බයිඩන්ගේ ඉහළ පෙළේ සංචාරය පිළිබඳ අවධානය යටපත් කිරීමට හේතු විය.

එමෙන්ම මෙම සිද්ධිය තවදුරටත් ආතතීන් අවුලුවාලූ අතර කලාපය පුරා විරෝධතා ද ඇවිල ගියේය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා බදාදා ටෙල් අවිව් වෙත ගොඩ බසින ලද අතර එහිදී ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ඔහුව උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ නායකයින් දෙදෙනා අතර ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට පෙරය.

"ඊයේ ගාසා හි රෝහලක සිදුවූ පිපිරීමෙන් මම දැඩි ශෝකයට හා කෝපයට පත්වුණා," ජනපති බයිඩන් පැවසීය.

"මා දැක්ක දේවල් පදනම් කරගෙන බලන කොට, මේක ඔබ නොව අනෙක් කණ්ඩායම විසින් කරන ලද බව පෙනී යනවා," ඇමෙරිකානු ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය නෙතන්යාහු වෙත පැවසීය. "නමුත් බොහෝ දෙනෙකුට ඒ ගැන විශ්වාසයක් නැහැ, ඒ නිසා අපට බොහෝ දේ ජය ගන්න තියෙනවා."

(උපුටා ගැනීම් _ BBC සිංහල සේවය)

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...