BREAKING
Top Ad
විදේශ

ගාසා තීරයේ එකම දොරකඩ ළඟ ජාත්‍යන්තර ආධාර බලා සිටී

T

The Leader

October 20, 2023 • 5:56 AM

ගාසා තීරයේ එකම දොරකඩ ළඟ ජාත්‍යන්තර ආධාර බලා සිටී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාසා තීරයේ කොටුවී සිටින අඩුම තරමින් විසි ලක්ෂයක් වන ජනකාය වෙනුවෙන් හදිසි වෛද්‍ය සැපයුම් ඇතුළු ටොන් 60ක ආධාර රැගත් රතු කුරුස සංවිධානයේ රථ පෙළක්,
  • ඒ අතරින් සෑම දිනක් පාසාම අම්මාවරුන් 160ක්  දරුවන් බිහිකිරීමට නියමිත බව එජා පවුල් සෞඛ්‍ය සංගමය (UNFPA) පවසයි.
  • ගාසාවට ඇතුල්වීම සඳහා ඇති ඊශ්‍රායල් පාලනයෙන් තොර එකම පිවිසුම රෆා කපොල්ලයි.
  • කෙසේ වෙතත්, විදේශ අමාත්‍යවරයා පවසන්නේ මෙම මාර්ගයේ ගාසා තීරයට අයත් කොටස ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල එල්ල කරන අඛණ්ඩ ගුවන් ප්‍රහාර හේතුවෙන් එම මාර්ගය වෙත ප්‍රවේශ විය නොහැකි බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ගාසාවට ආරක්ෂිතව ඇතුල් වීමේ සහතිකයක් ලැබෙන තුරු බලා සිටී.

 

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ගාසා තීරයේ ඉන්නා ගැබිණි මාතාවන් ගණන පනස් දහසකි. ඒ අතරින් සෑම දිනක් පාසාම අම්මාවරුන් 160ක්  දරුවන් බිහිකිරීමට නියමිත බව එජා පවුල් සෞඛ්‍ය සංගමය (UNFPA) පවසයි.

biden israel

එක්සත් ජනපද ජනාධිපති බයිඩන්

එක්සත් ජනපද ජනාධිපති ඊශ්‍රායලයෙන් ආපසු පැමිණෙමින් ප්‍රකාශ කර සිටියේ ආධාර රැගෙන පැමිණෙන ට්‍රක් රථ වලට ඔක්තෝබර් 20 වැනි  සිකුරාදා දේශසීමාවේ ඊජිප්තුව පසින් ඇති රෆා කපොල්ල ඔස්සේ ඇතුළු වීම සඳහා එකඟතාවක් ලබා ගැනීමට සමත් වූ බවයි.

ගාසාවට ඇතුල්වීම සඳහා ඇති ඊශ්‍රායල් පාලනයෙන් තොර එකම පිවිසුම රෆා කපොල්ලයි. එයද වරින් වර ඊශ්‍රායල් ප්‍රහාරයට ලක්වීමෙන් අවදානමට ලක්වී තිබෙන බව ඊජිප්තුව පවසයි

ටෙල් අවිව් සිට ආපසු පැමිණෙන අතරතුර ජනාධිපති ජෝ බයිඩන් සිය ගුවන් යානයේදී මාධ්‍යවේදීන්ට පැවසුවේ, ආධාර රථ පෙළට ඇතුළුවීම සඳහා තම දේශ සීමාව විවෘත කිරීමට ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාතන් අල්-සිසි එකඟ වූ බවයි. කෙසේ වෙතත්, විදේශ අමාත්‍යවරයා පවසන්නේ මෙම මාර්ගයේ ගාසා තීරයට අයත් කොටස ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල එල්ල කරන අඛණ්ඩ ගුවන් ප්‍රහාර හේතුවෙන් එම මාර්ගය වෙත ප්‍රවේශ විය නොහැකි බවයි.

rc 6745

 

මේ අවස්ථාවේදී මානුෂීය ආධාර සඳහා ආරක්ෂිත ප්‍රවේශයක් නොලැබීම, ගාසා තීරයේ තුවාල ලැබූ විශාල ජනතාවකට බරපතල අවදානමක් ඇති කරන බවට, ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය (ICRC) අනතුරු අඟවා තිබේ.

 

ඊශ්‍රායලයේ සහ ඔවුන් අත්පත් කරගෙන සිටින පලස්තීන භූමියේ මෑත කාලීනව මුදාහරිමින් පවතින ප්‍රචණ්ඩත්වය, රතුකුරුස සංවිධානය විසින් වසර ගණනාවකින් දැක නැති මට්ටමක පවතින බව, නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටී.

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය විසින් හදිසි අවශ්‍යතා සඳහා වන වෛද්‍ය උපකරණ ඇතුළු ආධාර ටොන් 60ක් රැගත් රථ පෙළක් ගාසා තීරය වෙනුවෙන් එක්රැස් කර ඇති නමුත්, විපතට පත් සිවිල් වැසියන්ට ඒවා ලබා දීමට නම් ආරක්ෂිත මානුෂීය ප්‍රවේශයක් ඉක්මනින්ම අවශ්‍යව ඇත.

gaza 635480

 

රතුකුරුස සංවිධානය පවසන්නේ ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයකු, විකලාංග ශල්‍ය වෛද්‍යවරයකු, නිර්වින්දන වෛද්‍යවරයකු සහ හෙදියක් ඇතුළු සිව් පුද්ගල ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් ගාසා තීරයේ මේ වන විට පිරී ඉතිරී යමින් ඇති රෝහල්වලට පැමිණෙන තුවාලකරුවන්ට වෛද්‍ය ආධාර දීම වෙනුවෙන් සහාය වීමට සූදානම් කර ඇති නමුත්, ද්‍රව්‍යමය ආධාර මෙන්ම මෙවැනි ආධාරකරුවන් සඳහා ආරක්ෂිත ගමන් මාර්ගයක් තවමත් විවෘත වී නැති බවයි.

 

ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය ටොම් පොටෝකර්  පවසන්නේ තත්වය ඉතා තීරණාත්මක වන අතර, තවදුරටත් ප්‍රමාද වීම ඉතා අභියෝගාත්මක බවයි.

gaza 6567
"මේවා ලබාදීම ඉතා වැදගත්. තත්වය ඉතාම නරකයි කියල අපි කවුරුත් දන්නවා. තුවාල ලැබූවන් විශාල සංඛ්‍යාවක් වගේම අවතැන් වූවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන්ගේ දුක් වේදනාවලට උපකාර කිරීම වෙනුවෙන් රතුකුරුස සංවිධානයට කාර්යභාරයක් තියෙනවා. මෙවර තත්වය වඩාත් දුෂ්කරයි. තුවාල ලැබූ සංඛ්‍යාව මීට වඩා විශාලයි. දිග හැරෙමින් තියෙන මානුෂීය අර්බුදය ඊටත් වඩා විශාලයි.”

සති දෙකක් තිස්සේ අඛණ්ඩව පවතින කුරිරු ගැටුම් හේතුවෙන් දෙපාර්ශවයේම දහස් ගණනක් මිය යද්දී, ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙතන්යාහු පාලනය විසින් ගාසා තීරයට ආර්ථික බාධකයන් පනවා තිබේ.

gaza 2349283741
දැනටමත් දහස් ගණනකට ජීවිත අහිමිව, තවත් විශාල පිරිසක් තුවාල ලබා, අතුරුදහන් වී හෝ අවතැන් වී ඇති තත්වයක් තුළ, දෙපාර්ශ්වයේම සිවිල් වැසියන්ට මීටත් වඩා දුක් වේදනා ඇති කරමින් මෙම ගැටුම තවදුරටත් පාලනයෙන් බැහැර වීමේ ඉඩක් පවතින බවට රතුකුරුස සංවිධානය අනතුරු අඟවයි.

 

ගාසා තීරයේ රෝහල් පද්දතිය බිඳවැටීමේ ආසන්නයේ පවතින අතර, විදුලි සැපයුම කෙමෙන් අඩාල වෙද්දී මිනිසුන්ට දිවි රැකගැනීමට තවත් ඉතිරිව ඇත්තේ ආහාර සහ ජලය තවත් සුළු ප්‍රමාණයක් පමණි.

 

ප්‍රචණ්ඩත්වය විසින් නිර්මාණය කර ඇති මානුෂීය අවශ්‍යතා මට්ටමට සාපේක්ෂව, තිරසාර මානුෂීය සහන අවශ්‍ය බව ගෝලීය මානුෂීය සංවිධානය සිය නිවේදනය මඟින් පෙන්වා දෙයි.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...