BREAKING
Top Ad
විදේශ

ගාසා තීරයේ වෙසෙන ශ්‍රී ලාංකික පවුල් ඉවත් කර ගැනීමේ සුදානමක්

T

The Leader

October 20, 2023 • 10:27 PM

 ගාසා තීරයේ වෙසෙන ශ්‍රී ලාංකික පවුල් ඉවත් කර ගැනීමේ සුදානමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුද ගැටුම් පවතින ගාසා තීරයේ ජීවත්වන ජනතාව
  • පවතින යුද උණුසුම මැද ශ්‍රි ලාංකික කාන්තාවන් තිදෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ගාසා තීරයේ ජීවත් වන බව ශ්‍රී ලංකා බලධාරීන් බීබීසී සිංහල සේවයට පැවසුවේය.
  • එම කාන්තාවන් තිදෙනා පලස්තීන ජාතිකයින් සමග විවාහ වී එහි දිගු කාලයක් ජීවත් වන අය බව පලස්තීනයේ, රමල්ලාහී පිහිටි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සඳහන් කළේය.
  • ‘සියලු තොරතුරු එකතු කර ගත්තා’ ගාසා තීරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් තිදෙනා සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඉවත්කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව රමල්ලාහි සිටින ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත නාවලගේ බෙනට් කුරේ බීබීසී සිංහල වෙත පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

හමාස් සටන්කාමින් ඔක්තෝම්බර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු මේවන විට අඛණ්ඩව 14 වන දිනයටත් ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කරමින් සිටියි.

පවතින යුද උණුසුම මැද ශ්‍රි ලාංකික කාන්තාවන් තිදෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ගාසා තීරයේ ජීවත් වන බව ශ්‍රී ලංකා බලධාරීන් බීබීසී සිංහල සේවයට පැවසුවේය.

එම කාන්තාවන් තිදෙනා පලස්තීන ජාතිකයින් සමග විවාහ වී එහි දිගු කාලයක් ජීවත් වන අය බව පලස්තීනයේ, රමල්ලාහී පිහිටි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සඳහන් කළේය.

‘සියලු තොරතුරු එකතු කර ගත්තා’

ගාසා තීරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් තිදෙනා සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඉවත්කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව රමල්ලාහි සිටින ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත නාවලගේ බෙනට් කුරේ බීබීසී සිංහල වෙත පැවසීය.

"ගාසා තීරයේ ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනා සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 17 දෙනෙකු සිටින බවට අපට තොරතුරු ලැබුණා.” ඔහු පැවසීය.

"අපි ඒ සියලු තොරතුරු ඊජිප්තුවේ පිහිටී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත යොමු කර තිබෙනවා."

"රෆා දේශසීමාව විවෘත කළ වහාම අපි බලාපොරොත්තු වෙනවා ඒ හරහා අපේ ලාංකික පවුල්වල අයව ඊජිප්තුවට ගෙන්වා ගෙන එතැනදී ලංකාවේ තානාපති කාර්යාලයේ නිලධාරීන්ට ඔවුන්ව භාර ගන්න කියන්න." ඔහු පැවසිය."

මේ අතර ගාසා තීරයේ වෙසෙන එක් ශ්‍රී ලාංකික කාන්තාවක් වන ෆාතිමා රිකාසා බීබීසි සිංහල සේවයට පැවසුවේ තම පවුලේ සාමාජිකයින්ගේ තොරතුරු රමල්ලා හි පිහිටි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයට භාර දිමට පියවර ගත් බවයි.

"මට මෙහෙ තියන එම්බසි ඔෆීස් එකෙන් කෝල් කරලා විස්තර ඉල්ලුවා. මම මගේ දරුවන් තුන්දෙනාගේ තොරතුරු යැව්වා. මගේ බාලම දරුවා ගාසා වලදී ඉපදුන නිසා එයාගේ පාස්පෝට් එකක් තිබුනේ නැහැ. ඒ නිසා එයාගේ උප්පැන්න සහතිකය වගේම ෆොටෝ එකක් යැව්වා." ඇය පැවසුවාය.


මුහුණ දුන් බිහිසුණු අත්දැකීම


තමන් ජීවත් වන නිවස පිහිටි ගොඩනැගිල්ල ආසන්නයේ වූ ගොඩනැගිල්ලකට ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයක් එල්ලවූ බව ෆාතිමා රිකාසා පැවසුවාය.

"මගේ මහත්තයාගේ වැඩිමහල් සහෝදරයා ජීවත් වන නිවස පිහිටි ගොඩනැගිල්ලට (ඔක් 18 වැනිදා) උදේ පාන්දර බෝම්බ දැම්මා"

"මගේ මහත්තයාගේ කඩේ තිබ්බෙත් ඒ බිල්ඩිමේ. ඒ ඔක්කොම ගන්න දෙයක් නෑ. සම්පුර්ණයෙන් විනාශ වෙලා." ඇය පැවසුවාය.

3c723970 6f11 11ee a503 4588075e3427521ec720 6f11 11ee 8139 61b1db4c8e2fතමන් ජීවත් වන නිවස පිහිටි ගොඩනැගිල්ල ආසන්නයේ වූ ගොඩනැගිල්ලකට ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයක් එල්ලවූ බව ෆාතිමා රිකාසා පැවසුවාය.



ප්‍රාණ ඇපකරුවන්ගේ නිදහස වෙනුවෙන් ඒකාබද්ධ ලිපියක්


මේ අතර හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් අතුරුදන්වූ ශ්‍රී ලාංකිකයෙකු වන යටවර බණ්ඩාර සම්බන්ධයෙන් වන තොරතුරු ඊශ්‍රායල් පොලිසියේ ඉන්ටර්පෝල් අංශයට ( ඔක් 19 වැනිදා) ලබාදුන් බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර බීබීසි සිංහල වෙත පැවසීය.

"දැනට අතුරුදන්ව සිටින යටවර බණ්ඩාර සම්බන්ධයෙන් ඊශ්‍රායල් පොලිසියේ ඉන්ටර්පෝල් අංශය තානාපති කාර්යාලයෙන් තවත් විස්තර ලබා දෙන්න කියලා ඉල්ලුවා. අපි ඒ තොරතුරු එතුමගේ බිරිගෙන් අහලා අදාළ නිලධාරීන්ට ලබා දුන්නා."

"ඒ වගේම පැහැර ගෙන ගිහින් ප්‍රාණ ඇපකරුවන් විදිහට තමන්ගේ භාරයේ සිටින පිරිසගේ නම් දැනුම් දෙනවා කියලා හමාස් සංවිධානය කියලා තියෙනවා."

"ඒ විදිහට ප්‍රාණ ඇපකරුවන් විදිහට ඉන්න පුද්ගලයින් අයත් රටවල සියලුම තානාපතිවරුන් ඔවුන්ගේ නිදහස වෙනුවෙන් හමාස් සංවිධානයට ලිපියක් යොමු කරන්න කටයුතු කරන්න සුදානම්."

"ඒ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවශ්‍ය උපදෙස් ලබා ගෙන තිබෙනවා." තානාපතිවරයා පැවසුවේය.

(BBC සිංහල සේවය)

සබැඳි පුවත් :
'යන්න කිව්වට අපි ගියේ නැහැ' - ගාසා තීරයේ වෙසෙන ලාංකික කත කියයි

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...