BREAKING
Top Ad
විදේශ

හමාස් සංවිධානය ඇමෙරිකානු ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස කරයි

T

The Leader

October 21, 2023 • 12:16 AM

 හමාස් සංවිධානය ඇමෙරිකානු ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙලෙස නිදහස් කරනු ලැබුවේ ඇමෙරිකානු මවක සහ දියණියකි
  • හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයෙන් පැහැරගත් 200ක් පමණවන ප්‍රාණ ඇපකරුවන් අතර ජුඩිත් සහ නටාලි රානන් ද විය.
  • කටාර් රාජ්‍යයේ සහාය ඇතිව ඔවුන්ගේ නිදහස තහවුරු විය.
  • මෙම මව සහ දියණිය දැන් ගාසා තීරයෙන් පිටව ගොස් ඇති අතර මොවුන් දෙදෙනාගේ නිදහස් කිරීම සාදරයෙන් පිළිගත් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඔවුන් සමඟ දුරකථන සංවාදයක ද නිරතව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊශ්‍රායලයට පසුගිය (ඔක්.7 වැනිදා) හදිසි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු, පලස්තීන හමාස් සංවිධානය විසින් පළමුවරට ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙක් නිදහස් කර තිබේ - මෙලෙස නිදහස් කරනු ලැබුවේ ඇමෙරිකානු මවක සහ දියණියකි.

හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයෙන් පැහැරගත් 200ක් පමණවන ප්‍රාණ ඇපකරුවන් අතර ජුඩිත් සහ නටාලි රානන් ද විය. කටාර් රාජ්‍යයේ සහාය ඇතිව ඔවුන්ගේ නිදහස තහවුරු විය.

ONJJQDRBRBPMFAKMLSVEHGGF7Q

මෙම මව සහ දියණිය දැන් ගාසා තීරයෙන් පිටව ගොස් ඇති අතර මොවුන් දෙදෙනාගේ නිදහස් කිරීම සාදරයෙන් පිළිගත් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඔවුන් සමඟ දුරකථන සංවාදයක ද නිරතව තිබේ.


ඇමෙරිකානු ප්‍රාණ ඇපකරුවන් දෙදෙනා වන නටාලි සහ ජුඩිත් රානන් - එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සමඟ දුරකථනයෙන් කතා කරන අයුරු දැක්වෙන ඡායාරූපයක් ජෙරුසලමේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් මුදා හරින ලදි.

Palestinian Hama 2023

ජුඩිත් සහ නටාලි රානන් ගාසා තීරයෙන් නිදහස් කිරීම පිළිබඳ එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය රිෂී සුනක් ද ප්‍රසාදය පළ කළ අතර කටාර් රාජ්‍යය "මෙම ගැටලුව සම්බන්ධයෙන් නායකත්වය ගැනීම ගැන" ස්තූතිය පුද කළේය.

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමේ උත්සාහයන් පිළිබඳව ගල්ෆ් රාජ්‍යයේ එමීර්වරයා වන ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි සමඟ තමන් සාකච්ඡා කළ බවද සුනක් පැවසීය.

පසුගිය ඔක්.7 වැනිදා හමාස් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ පුද්ගලයින් 1,400 කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ.

අනතුරුව ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර වශයෙන් ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ අතර පලස්තීන බලධාරීහු පවසන්නේ එම ප්‍රහාර වලින් ගාසා තීරයේ පුද්ගලයින් 4,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවය.

(BBC සිංහල සේවය) 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...