BREAKING
Top Ad
විදේශ

දියණිය මඟුල් පෙරහැරකින්ම යලි මහගෙදරටම ගෙනා පියෙක්!

T

The Leader

October 21, 2023 • 11:19 AM

දියණිය මඟුල් පෙරහැරකින්ම යලි මහගෙදරටම ගෙනා පියෙක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තම විවාහක දියණිය ඇගේ නැන්දම්මාගේ නිවසේදී විඳි පීඩාවන් හමුවේ
  • දියණියගේ පියා වන ප්‍රේම් ගුප්තා සඳහන් කර ඇත්තේ, තම දියණිය ඇගේ ස්වාමිපුරුෂයාගෙන් හා නැන්දම්මාගෙන් නිරන්තර කරදරවලට මුහුණ දුන් බවයි.
  • පුරුෂාධිපත්‍යයට කම්මුල් පහරක් එල්ල කරමින්, මෙම පියා රතිඤ්ඤා පුපුරවමින්, සංගීත භාණ්ඩ වාදනය කරමින් නැන්දම්මාගේ නිවසේ දී වධහිංසාවට ලක් වූ තම දියණිය නැවත ඇගේ මාපිය නිවසට රැගෙන ආවේ මහත් හරසරින්ය.
  • ඉන්දීය සමාජයේ පුරුෂාධිපත්‍ය සම්මතයන් බිඳ දමමින් මෙම පියා එරට තරුණ පරම්පරාවට ආදර්ශයක් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇය නැවත ගෙන්වා ගැනීම සඳහා මංගල පෙරහැරක් රැගෙන එම නිවස වෙත ගිය පියෙකුගේ පුවතක් ඉන්දියාවේ, ජාර්කන්ඩ් ප්‍රාන්තයේ වාර්තා වේ.

දියණියගේ පියා වන ප්‍රේම් ගුප්තා සඳහන් කර ඇත්තේ, තම දියණිය ඇගේ ස්වාමිපුරුෂයාගෙන් හා නැන්දම්මාගෙන් නිරන්තර කරදරවලට මුහුණ දුන් බවයි.  

එම හිරිහැර හමුවේ තම සැමියාගෙන් දික්කසාද වීමට ඇය තීරණය කළ අතර, ඇය නැවත ගෙන්වා ගැනීම සඳහා ඇය පිටත් කළ ආකාරයෙන්ම පිරිසක් සමග මඟුල් පෙරහැරකින් එම නිවස වෙත ගොස් තිබේ.

පුරුෂාධිපත්‍යයට කම්මුල් පහරක් එල්ල කරමින්, මෙම පියා රතිඤ්ඤා පුපුරවමින්, සංගීත භාණ්ඩ වාදනය කරමින් නැන්දම්මාගේ නිවසේ දී වධහිංසාවට ලක් වූ තම දියණිය නැවත ඇගේ මාපිය නිවසට රැගෙන ආවේ මහත් හරසරින්ය.

ඉන්දීය සමාජයේ පුරුෂාධිපත්‍ය සම්මතයන් බිඳ දමමින් මෙම පියා එරට තරුණ පරම්පරාවට ආදර්ශයක් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රේම් ගුප්තා, තම දියණිය නැවත සිය නිවසට රැගෙන එන අයුරු දැක්වෙන වීඩියෝව ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පළ කර කරමින් සඳහන් කර සිටියේ , "මිනිසුන් තම දියණියන් විවාහ කර දෙන්නේ මහත් අභිලාෂයන් සහ ඉතා උත්කර්ෂවත් ලෙසයි, නමුත් සහකරු හෝ සහකාරිය සහ පවුලේ අය නිවැරදි නොවන්නේ නම් ඔබ ඔබේ දියණිය ගෞරවයෙන් ඔබේ නිවසට ගෙන ආ යුතු බවයි.

දියණියක් යනු බොහෝ වටිනා තැනැත්තියක් බවත්, තමන් මෙම තීරණය ගත්තේ දියණියගේ සතුට වෙනුවෙන් වන බවත්, මෙතැන් සිට තම දියණිය විදි වද හිංසාවලින් ඇය නිදහස් වූ බවත් ඔහුගේ facebook සටහනේ වැඩිදුරටත් දැක්වෙයි.

(News 1st)

 

 JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...