BREAKING
Top Ad
විදේශ

චීන හිතවාදී නව මාලදිවයින් ජනපති ඉන්දීය හමුදා එපා කියයි

T

The Leader

October 23, 2023 • 1:30 AM

චීන හිතවාදී නව මාලදිවයින් ජනපති ඉන්දීය හමුදා එපා කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාලදිවයිනේ සිටින සෑම ඉන්දීය හමුදා නිලධාරියෙක්ම සිය රටින් පිටමං කළ යුතු බවට මාලදිවයින් නව ජනපති මොහොමඩ් මුයිසු එරට ඉන්දීය තානාපතිවරයාට ප්‍රකාශ කර තිබේ.
  • මම එය මාලදිවයින් ජනතාවට පොරොන්දු වුණා, වගේම පළමු දවසේ පටන් මම මගේ පොරොන්දුවේ පිහිටා ක්‍රියා කරනවා."  "මම පැහැදිලිව ඉන්දීය තානාපතිවරයාට ප්‍රකාශ කළා මෙහෙ ඉන්න සෑම ඉන්දීය හමුදා නිලධාරියෙක්ම ඉවත් කළ යුතු බවට," යනුවෙන් ජනපති මුයිසු සඳහන් කළේ ය.
  • ඉකුත් මස මාලදිවයිනේ පැවති ජනාධිපතිවරණයෙන්, ඉන්දියාව සමඟ සබඳතා ශක්තිමත් කළ ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි ජනාධිපතිවරයා පරාජයට පත් කරමින් චීන හිතවාදී විපක්ෂ අපේක්ෂක මොහොමඩ් මුයිසු ජයග්‍රහණය කළේය.
  • ඔහු එළඹෙන නොවැම්බර් මස දී මාලදිවයින් ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දීමට නියමිත ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් දින කිහිපයකට පසු ඉන්දීය තානාපතිවරයා මුණගැසී මේ බව දැනුම් දුන්නේ යැයි ජනපති මුයිසු කියා සිටියේ BBC නාලිකාව සමඟ පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. 

"මාලදිවයින් භුමියට කිසිදු විදෙස් හමුදාවක් වුවමනා නැහැ. මම එය මාලදිවයින් ජනතාවට පොරොන්දු වුණා, වගේම පළමු දවසේ පටන් මම මගේ පොරොන්දුවේ පිහිටා ක්‍රියා කරනවා." 

"මම පැහැදිලිව ඉන්දීය තානාපතිවරයාට ප්‍රකාශ කළා මෙහෙ ඉන්න සෑම ඉන්දීය හමුදා නිලධාරියෙක්ම ඉවත් කළ යුතු බවට," යනුවෙන් ජනපති මුයිසු සඳහන් කළේ ය.

ඉකුත් මස මාලදිවයිනේ පැවති ජනාධිපතිවරණයෙන්, ඉන්දියාව සමඟ සබඳතා ශක්තිමත් කළ ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි ජනාධිපතිවරයා පරාජයට පත් කරමින් චීන හිතවාදී විපක්ෂ අපේක්ෂක මොහොමඩ් මුයිසු ජයග්‍රහණය කළේය. ඔහු එළඹෙන නොවැම්බර් මස දී මාලදිවයින් ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දීමට නියමිත ය.

මාලදිවයින දීර්ඝ කාලිනව ඉන්දීය බලපෑමට නතුව සිටි අතර මුයිසු ගේ මෙම ඉල්ලීම රටවල් දෙක අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය කිරීමට හේතු වනු ඇත. 

සබැඳි පුවත් :

චීන හිතවාදී මුයිසු මාලදිවයින් ජනපති ධුරයට


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...