BREAKING
Top Ad
විදේශ

රුසියානු සහ උතුරු කොරියානු නායක හමුවෙන් කලාපය ගිනියම් වෙයි

T

The Leader

June 21, 2024 • 9:22 AM

රුසියානු සහ උතුරු කොරියානු නායක හමුවෙන් කලාපය ගිනියම් වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියාවට එරෙහිව යුක්රේනය සන්නද්ධ කළහොත්, දකුණු කොරියාව ට දරුණු ප්‍රති විපාක අත්වනු ඇතැයි ව්ලැඩිමීර් පුටින් අනතුරු අඟවයි.
  •  නායකින් දෙපළ, උතුරු කොරියාවේදී හමුවීමට පැය කිහිපයකට පෙර, උතුරු කොරියාව, යුක්රේනයට එරෙහිව රුසියාව යුදමය වශයෙන් සන්නද්ධ කරන බව එක්සත් ජනපදය සහ දකුණු කොරියාව චෝදනා කළහ.
  • ඒ අනුව, දකුණු කොරියාව යුක්රේනයට ආයුධ සැපයීමට තීරණය කළහොත්, දකුණු කොරියානු නායකත්වයේ දැඩි නොසතුටට පාදක වන තීරණ ගැනීමට රුසියාවට  සිදුවනු ඇතැයි පුටින් පවසයි.
  • එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානය, යුක්රේනයට  අඛණ්ඩව අවි සැපයීමට කටයුතු කරන්නේ නම්, උතුරු කොරියාව යුදමය වශයෙන් ශක්තිමත් කිරීමට රුසියාව ක්‍රියා කරනු ඇතැයි  ඔහු ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


පසුගිය (18) දා, උතුරු කොරියාවේ සංචාරයක නිරත වූ රුසියානු ජනපති පුටින් එහිදී, දිවීපාර්ශ්වීය ආරක්ෂක ගිවිසුමකට ද අත්සන් තැබීය. ඒ අනුව, දෙරටට එල්ල වන ඕනෑම බාහිර තර්ජනයකදී අන්‍යොන්‍ය වශයෙන් කටයුතු කිරීමට රුසියාව සහ උතුරු කොරියාව බැඳී සිටී.

 නායකින් දෙපළ, උතුරු කොරියාවේදී හමුවීමට පැය කිහිපයකට පෙර, උතුරු කොරියාව, යුක්රේනයට එරෙහිව රුසියාව යුදමය වශයෙන් සන්නද්ධ කරන බව එක්සත් ජනපදය සහ දකුණු කොරියාව චෝදනා කළහ. රුසියාව සහ උතුරු කොරියාව විසින්,  එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව, දකුණු කොරියාව යුක්රේනයට ආයුධ සැපයීමට තීරණය කළහොත්, දකුණු කොරියානු නායකත්වයේ දැඩි නොසතුටට පාදක වන තීරණ ගැනීමට රුසියාවට  සිදුවනු ඇතැයි පුටින් පවසයි.

සිය කෙටි උතුරු කොරියානු සංචාරයෙන් පසු රුසියානු නායකයා, වියට්නාමය බලා පිටත් විය. එහිදී, ඔහු මෙම අදහස් පළ කළේය. එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානය, යුක්රේනයට  අඛණ්ඩව අවි සැපයීමට කටයුතු කරන්නේ නම්, උතුරු කොරියාව යුදමය වශයෙන් ශක්තිමත් කිරීමට රුසියාව ක්‍රියා කරනු ඇතැයි  ඔහු ප්‍රකාශ කළේය. රුසියාවට එරෙහිව තවත් රාජ්‍යයකට අවි සැපයීමට කිසිවකු කටයුතු කරන්නේ නම්, පෙරළා එම අයිතිය රුසියාව සතුවන බව ද ඔහු පැවසීය.

පුටින් ගේ  මෙම ප්‍රකාශය පිළිබඳව අද (21) විශේෂ නිවේදනයක් නිකුත් කළ  දකුණු කොරියාව, රුසියාව මෙහිදී ක්‍රියාත්මක වන ආකාරයට සාපේක්ෂව, යුක්රේනයට  යුදාධාර   සැපයීමේ වෙනස් ක්‍රියාමාර්ගයන්ට යොමු වීමට තීරණය කර ඇතැයි ප්‍රකාශ කරයි. මේ පිළිබඳව දැනටමත් එරට රුසියානු තානාපතිවරයා දැනුවත් කර ඇතැයි  දකුණු කොරියාව පවසයි. ඒ අනුව, රුසියාව සහ උතුරු කොරියාව අතර හමුදා සහයෝගිතාව වහා නතර කරන ලෙස තානාපතිවරයාට  දැනුම් දී තිබේ.

කෙසේවෙතත්, යුදමය වශයෙන් ගැටුම්කාරී රටවලට දකුණු කොරියාව  බිහිසුණු යුද අවි සැපයීම් සිදු නොකරන අතර, එය   එරට නිල  ප්‍රතිපත්තියක්ද වෙයි.  ඒ අනුව, මෙතෙක්, යුක්රේනය වෙත ලබා  දී ඇත්තේ, මානුෂීය ආධාර සහ වෙනත් හමුදා උපකරණ පමණක් බව එරට පවසයි.  

රුසියාව දැනටමත් යුක්රේනය වෙත උතුරු කොරියාවේ නිෂ්පාදිත මිසයිල  ප්‍රහාර එල්ල කරන බව යුද විශ්ලේෂකයෝ ප්‍රකාශ කරති. උතුරු කොරියාව විසින් රුසියාව වෙත සිදු කෙරෙන මෙම විවෘත අවි ගනුදෙනු, කලාපීය වශයෙන් පමණක් නොව, ගෝලීය තර්ජනයකට අතවැනීමක් ද වන බව  ඔවුහු ප්‍රකාශ කරති. එය ඉදිරියේදී,  කොරියානු අර්ධද්වීපයේ සන්නද්ධ මැදිහත් වීමකට රුසියාවේ අනිසි අත  පෙවීමක් බවද ඔවුහු පෙන්වා දෙති.

 රුසියාව සහ උතුරු කොරියාව අතර නව සන්ධානයට එරෙහිව එක්සත් ජනපද ආරක්ෂක කවුන්සිලය අද (21) විශේෂ ප්‍රකාශයක් ද නිකුත් කර තිබේ. සාමය සහ භෞමික අඛණ්ඩතාව පිලිබඳ සැලකිලිමත් වන කලාපයේ සියලු රටවල්, මෙම නව ප්‍රවණතා පිලිබඳ විශේෂ අවධානය යොමු කරන ලෙස එමගින් දැනුම් දී තිබේ. ජපානය ද රුසියානු ජනාධිපති වරයාගේ මෙම නව ක්‍රියා කලාපය පිළිබඳව කනස්සල්ල  පල කරයි.

උතුරු සහ දකුණු කොරියාව අතර තාක්ෂණික වශයෙන් තව දුරටත් නොසන්සුන්කාරී යුදමය වාතාවරණයක් පවතී. දෙරට හමුදා විසින් දේශ සීමා ආරක්ෂාව තර කර තිබේ.

මේ අතර ඊයේ (20) උතුරු කොරියානු හමුදා විසින්,  දකුණු කොරියානු  දේශ සීමා  උල්ලංඝනය කිරීමේ උත්සාහයක් අනතුරු වෙඩි මුර මගින් ව්‍යර්ථ කිරීමට කටයුතු කළ බව දකුණු කොරියාව පවසයි.  

(සටහන: හර්ෂ උදයකාන්ත)

(BBC පුවත් සේවය ඇසුරිණි)


මූලාශ්‍රය :  
Putin warns South Korea against arming Ukraine

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...