BREAKING
Top Ad
විදේශ

ප්‍රියංකා ගාන්ධි පළමුවරට මැතිවරණ සටනට

T

The Leader

June 21, 2024 • 11:40 PM

ප්‍රියංකා ගාන්ධි පළමුවරට මැතිවරණ සටනට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දශක ගණනාවක් තිස්සේ ප්‍රියංකා ගාන්ධි කොංග්‍රස් පක්ෂයේ ප්‍රචාරණ කටයුතුවල නිරත වුව ද, නිල වශයෙන් දේශපාලනයට පිවිසියේ, 2019 වසරේදී ය.
  • ප්‍රියංකා ගාන්ධි ඉන්දියාවේ වඩාත් ම ප්‍රසිද්ධ දේශපාලන පවුල වන නේරු-ගාන්ධි පවුලෙන් පැවත එන්නියක වන අතර ඇයගේ පළමු මැතිවරණය සමීපව නිරීක්ෂණය කරනු ඇත.
  • ඇයගේ සොහොයුරා විසින් අත්හරින ලද ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වයනාද් ආසනය වෙනුවෙන් 52 හැවිරිදි ප්‍රියංකා ගාන්ධි තරග කිරීමට නියමිත ය.
  • ප්‍රියංකා ගාන්ධි ජයග්‍රහණය කළහොත් ගාන්ධි පවුලේ සාමාජිකයින් තිදෙනා ම ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජනය කරනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිගේ සොහොයුරිය වන ප්‍රියංකා ගාන්ධි, ඇයගේ ආධාරකරුවන් තුළ දශක ගණනක් පුරා පැවති අපේක්ෂා මුදුන්පත් කරමින් ඇගේ පළමු මැතිවරණයට තරග කිරීමට සූදානමින් සිටී.

ප්‍රියංකා ගාන්ධි ඉන්දියාවේ වඩාත් ම ප්‍රසිද්ධ දේශපාලන පවුල වන නේරු-ගාන්ධි පවුලෙන් පැවත එන්නියක වන අතර ඇයගේ පළමු මැතිවරණය සමීපව නිරීක්ෂණය කරනු ඇත.

ඇයගේ සොහොයුරා විසින් අත්හරින ලද ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වයනාද් ආසනය වෙනුවෙන් 52 හැවිරිදි ප්‍රියංකා ගාන්ධි තරග කිරීමට නියමිත ය.

ප්‍රියංකා ගාන්ධි ජයග්‍රහණය කළහොත් ගාන්ධි පවුලේ සාමාජිකයින් තිදෙනා ම ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජනය කරනු ඇත.

කොංග්‍රස් පක්ෂයේ හිටපු සභාපතිනිය වූ ඇයගේ මව වන සෝනියා ගාන්ධි, පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන රාජ්‍ය සභාහි මන්ත්‍රීවරියකි.



ඔහුගේ සොහොයුරා වන රාහුල් ගාන්ධි මෑතකදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී වයනාද් සහ උත්තර් ප්‍රදේශ්හි රායි බරෙලි යන ආසන දිනා ගත්තේ ය.

2019 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස වයනාද් ආසනය නියෝජනය කළ රාහුල් ගාන්ධි, එය අත්හරින්නේ ඔහුට ඉන්දීය නීතිය යටතේ තබා ගත හැක්කේ එක් පාර්ලිමේන්තු ආසනයක් පමණක් බැවිනි. පසුගිය සඳුදා ඔහු වයනාද් වැසියන්ගේ "ආදරය, සෙනෙහස සහ සහයෝගය" වෙනුවෙන් ස්තුති කළේ ය.

අතුරු මැතිවරණයට දිනයක් පවා මෙතෙක් ප්‍රකාශයට පත් කර නැතත්, ප්‍රියංකා පවසන්නේ, තමන්ට "කිසිදු චකිතයක් නොමැති" බව ය.

"වයනාද් ආසනය නියෝජනය කරන්න ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. ඒ වගේ ම, ඔහු (රාහුල් ගාන්ධි) නැති අඩුව ඔවුන්ට දැනෙන්න දෙන්නෙ නෑ," ඇය සඳුදා පැවසීය. "මම මහන්සි වෙලා වැඩ කරලා සෑම කෙනෙකු ම සතුටින් තියන්නත්, හොඳ නියෝජිතවරියක් වෙන්නත් මට හැකි උපරිමය කරනවා."



මෙම අතුරු මැතිවරණය හරහා ප්‍රියංකා ගාන්ධි මැතිවරණවලට ඉදිරිපත් විය යුතු බවට කොංග්‍රස් ආධාරකරුවන් දශක ගණනාවක් තිස්සේ අපේක්ෂාවෙන් සිටි කාලය අවසන් කිරීමක් සනිටුහන් වනු ඇත.



gandhi familyප්‍රියංකා ගාන්ධි ජයග්‍රහණය කළහොත් (සිය සොහොයුරා සහ මව අතර සිටී) ගාන්ධි පවුලේ සාමාජිකයින් තිදෙනා ම ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජනය කරනු ඇත


දශක ගණනාවක් තිස්සේ කොංග්‍රස් පක්ෂය ගැන පුවත් වාර්තා කළ මාධ්‍යවේදී ජාවෙඩ් අන්සාරි බීබීසී හින්දි සේවය වෙත පැවසුවේ, මෙම නිවේදනයෙන් තමන් පුදුමයට පත් නොවූ බව ය.

"මම හිතන්නේ එය [ඇය තරඟ කරන්නේ] කවදා ද යන්න ගැන ප්‍රශ්නයක් මිස අන් කිසිවක් නොවේ," ඔහු පැවසීය.

වසර ගණනාවක් තිස්සේ ප්‍රියංකා ගාන්ධි, ගාන්ධි පවුලේ සාමාජිකයින් අතරින් වඩාත් ජනප්‍රිය තැනැත්තා ලෙස සැලකුණු අතර, 2014 සහ 2019 අතර කොංග්‍රස් පරාජයන් මාලාවකට ඇගේ සහෝදරයාගේ "දුර්වල නායකත්වය" හේතු වූ බවට බොහෝ දෙනෙක් දොස් පවරති.

කුඩා කල සිට ම, ප්‍රියංකා ගාන්ධි සිය මිත්තණිය වූ හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධිට සමාන බවට ජනතාව අතර මතයක් පවතී.


ප්‍රියංකා ගාන්ධි 1990 දශකයේ අග භාගයේ සිට ඇගේ මවගේ මැතිවරණ ව්‍යාපාරයට ක්‍රියාකාරීව සම්බන්ධ වූවා ය. 2004 වසරේදී සිය සොහොයුරා ක්‍රියාකාරීව දේශපාලනයට සම්බන්ධ වන විට ඔහු වෙනුවෙන් ද ඇය මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වූවා ය.

ජ්‍යේෂ්ඨ නායකයින් ඇයගේ දේශපාලන තීක්ෂණභාවය සහ ජනතාව සමග කටයුතු කිරීමට ඇය සතුව ඇති දක්ෂතාව අගය කර තිබේ.

2019 වසරේ පැවති මහ මැතිවරණයට පෙර, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ නැගෙනහිර කලාපයේ කොංග්‍රස් පක්ෂයේ ප්‍රචාරක කටයුතු භාරව කටයුතු කිරීමත් සමගින් ප්‍රියංකා ගාන්ධිගේ නිල දේශපාලනයට පිවිසීම සිදු විය.

එම මහ මැතිවරණයේදී සහ 2022 වසරේදී පැවති ප්‍රාන්ත මැතිවරණවලදී කොංග්‍රස් පක්ෂය දුර්වල මට්ටමක පැවතිය ද, ප්‍රියංකා ගාන්ධි දෝෂ දර්ශනයට ලක්වූයේ නැත. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් පැවසුවේ, එම ප්‍රතිඵලය ඇයගේ කාර්යභාරයේ පිළිබිඹුවක් නොවන බවත්, එය ඔවුන්ගේ අපේක්ෂාවන්ට අනුකූල වන බවත් ය.

2019 වසරේදී කොංග්‍රස් පක්ෂයේ මහ ලේකම් ධූරයට පත් කළ ප්‍රියංකා ගාන්ධි, එතැන් සිට ප්‍රාන්ත මැතිවරණ කිහිපයකදී ම පක්ෂයේ ප්‍රචාරක කටයුතු අධීක්ෂණය කළා ය.

පක්ෂයේ නායකයින් පවසන්නේ, එම පක්ෂයේ ම නීති සම්පාදකයින් කිහිප දෙනෙකුගේ කැරැලි මධ්‍යයේ මේ වසරේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ කොංග්‍රස් රජය ස්ථාවරව පවත්වා ගෙන යාමට ඇය තීරණාත්මක සාධකයක් වූ බව ය.

ඇය විරුද්ධ පක්ෂ විස්මයජනක ලෙස හොඳින්සම සක්‍රීය වූ සහ විශේෂයෙන් ගාන්ධි පවුලේ බලකොටු ලෙස සැලකෙන ඇමෙති සහ රායි බරේලි ආසන ඇතුළු උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කොංග්‍රස් පක්ෂ ප්‍රචාරක කටයුතුවල ඉදිරියෙන් ම සිටියා ය.

"ඇය රාහුල් වෙනුවෙන් බලකොටුව රැකගෙන හිටියා. රාහුල්ට රට පුරා මැතිවරණ ප්‍රචාරක කටයුතු කළ හැකි වුණේ ඒ නිස යි," අන්සාරි පැවසීය.

දේශපාලන විශ්ලේෂිකා නීර්ජා චෞද්රි පැවසුවේ, ප්‍රියංකා ගාන්ධි ජයග්‍රහණය කළහොත් පාර්ලිමේන්තුව තුළ එක ම පවුලේ සාමාජිකයින් එකට දැකීම සිත්ගන්නා කරුණක් වනු ඇති බව ය.


"පෞද්ගලිකව මම හිතනවා, අනෙක් දෙදෙනාගේ ගැලවුම්කරු ප්‍රියංකා කියලා. ඇය හිතන්නේ පොළොවේ පය ගහලා. ඇයගේ භාෂාව ඔහුට වඩා පැහැදිලි යි," ඇය එසේ පැවසුවේ, ඇය ඉතා "සමීපව නිරීක්ෂණය කරනු ලබන" බව සදහන් කරමිනි.



partyප්‍රියංකා ගාන්ධි දශක ගණනාවක් තිස්සේ ඇගේ පක්ෂයට විශාල ආකර්ෂණයක් විය

ප්‍රියංකා ගාන්ධිට වයනාද් ප්‍රදේශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වීමට අවස්ථාවක් හිමිවීම පිළිබඳව කේරළයේ කොංග්‍රස් නායකයින් සහ කම්කරුවන් සතුට පළ කර තිබේ.

දිස්ත්‍රික් පක්ෂ කමිටුවේ සභාපති එන්.ඩී. අයියප්පන් පැවසුයේ, "ගාන්ධි පවුල වයනාද් ජනතාව සමග ඇති බැඳීම අඛණ්ඩව පවත්වාගෙන යනු ඇති බව ඉන් පෙනෙන්නට ඇති," බව ය.

පාලක භාරතීය ජනතා පක්ෂය (BJP) ප්‍රියංකා ගාන්ධිගේ මැතිවරණ ප්‍රවේශය පිළිබඳ පුවතට ප්‍රතිචාර දක්වමින් පවුල් දේශපාලනය විවේචනය කර තිබේ.

"කොංග්‍රස් කියන්නේ පක්ෂයක් නෙවෙයි, පවුල් ව්‍යාපාරයක්," භාරතීය ජනතා පක්ෂයේ නායකයෙකු වන ෂෙසාඩ් පූනවාලා පැවසීය.


එහෙත්, මෑත මැතිවරණයේදී රාහුල් ගාන්ධිට එරෙහිව වයනාද්හි තරග කළ ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ (සීපීඅයි) සාමාජික ඇනී රාජා, ඇයගේ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කිරීම ගැන ප්‍රශංසා කළා ය.

මහ මැතිවරණයෙන් ඡන්ද 360,000කට වඩා වැඩි ප්‍රමාණයකින් පරාජය වූ ඇනී රාජා, අතුරු මැතිවරණයේදී ප්‍රියංකා ගාන්ධිට එරෙහිව ඉදිරිපත් වන්නේ ද යන්න මෙතෙක් තහවුරු කර නැත.

එහෙත්, ඇය මෙසේ පැවසීය, "පාර්ලිමේන්තුවට වැඩි වැඩියෙන් කාන්තාවන් අවශ්‍ය යි."


(සටහන)
මෙරිල් සෙබෙස්තියන්
බීබීසී පුවත් කෝචි

[BBC සිංහල සේවය]



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...