BREAKING
Top Ad
විදේශ

ඊශ්‍රායල - පලස්තීන ගැටුම් යුද්ධයක් දක්වා වර්ධනය වන ලකුණු

T

The Leader

June 23, 2024 • 11:04 AM

ඊශ්‍රායල - පලස්තීන ගැටුම් යුද්ධයක් දක්වා වර්ධනය වන ලකුණු  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානයේ සහය හිමි මැදපෙරදිග කලාපයේ සටන්කාමීන් දහස් ගණනක් ඊශ්‍රායලයට එරෙහිව යුද වැදීමට සූදානම් වෙතැයි වාර්තා වේ.
  • ඉකුත් ඔක්තෝම්බර් 07 දින දකුණු ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ත්‍රස්ත ප්‍රහාරයත් සමග, උතුරු ඊශ්‍රායලය හා ලෙබනනයේ දේශසීමා අතර දිනපතා වෙඩි හුවමාරු සිදු වෙයි.
  •  ඊට පිළිතුරු ලෙස, හිස්බුල්ලා සංවිධානය උතුරු ඊශ්‍රායලයට රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළේය.
  • ලෙබනන් දේශසීමා වෙතින් හිස්බුල්ලා සටන්කරුවන් ඉවත් නොකරන්නේ නම්, ලෙබනනයට දැඩි ප්‍රහාර දියත් කරන බවට ඊශ්‍රායලය අනතුරු අඟවා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊශ්‍රායල - පලස්තීන ගැටුම, දරුණු යුද තත්වයක් තෙක් වර්ධනය වුවහොත්, සටන්කාමී කණ්ඩායම් ලෙබනනයේදී, ඊශ්‍රායලයට එරෙහිව හිස්බුල්ලා සටන්කරුවන්  හා   සම්බන්ධ වීමට සූදානම්ව සිටිති.

ඉකුත් ඔක්තෝම්බර් 07 දින දකුණු ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ත්‍රස්ත ප්‍රහාරයත් සමග, උතුරු ඊශ්‍රායලය හා ලෙබනනයේ දේශසීමා අතර දිනපතා වෙඩි හුවමාරු සිදු වෙයි.

පසුගිය දා, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් දකුණු ලෙබනනයේ ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා හමුදා අණදෙන නිලධාරියෙකු මරණයට පත්විය.  ඊට පිළිතුරු ලෙස, හිස්බුල්ලා සංවිධානය උතුරු ඊශ්‍රායලයට රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළේය.

ලෙබනන් දේශසීමා වෙතින් හිස්බුල්ලා සටන්කරුවන් ඉවත් නොකරන්නේ නම්, ලෙබනනයට දැඩි ප්‍රහාර දියත් කරන බවට ඊශ්‍රායලය අනතුරු අඟවා තිබේ.

ඉකුත් දස වසර ඇතුළත, ඉරානයේ සහාය ලද, ලෙබනන්, ඉරාක, ඇෆ්ඝනිස්ථාන සහ පාකිස්ථාන කැරලිකරුවෝ, සිරියානු ජනපති බෂාර් අසාද් ට සහය පල කරනුවස්, 13 අවුරුදු යුද ගැටුමකට එක් වූහ. එපරිදිම, මෙවර ඊශ්‍රායලයට එරෙහිව සටන් කිරීමට ඔවුන් සූදානමින් සිටින බව ඔවුහු පවසති.


හිස්බුල්ලා සංවිධානයට සහය පල කිරීමට මෑතකදී, ඉරාක, සිරියානු, යේමන  සහ කලාපයේ තවත් රටවල හමුදා නායකයින් විසින්, සන්නද්ධ සටන්කරුවන් දස දහස් ගණනක් පිටත් කර හැරීමට සූදානමින් සිටි බව හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා පවසයි. එම පිරිස මේ වන විට, 100,000 ඉක්මවා ඇතැයි ද ඔහු ප්‍රකාශ කරයි.


වත්මන් ගැටුම්කාරී තත්වයට මුහුණ දීමට මුදා හැර ඇත්තේ, හිස්බුල්ලා සංවිධානය සතු හමුදා බලකායන්ගෙන් ඉතා සුළු කොටසක් පමණක් බවද ඔහු පවසයි.  

එහෙත්, ඉදිරියේ ඇතිවිය හැකි දරුණු යුදමය වාතාවරණයක් හමුවේ, මෙම තත්වය මුළුමනින්ම වෙනස්වනු ඇතැයි ඔහු අවධාරණය කරයි.

ඉදිරි සන්නද්ධ යුද ගැටුමක දී, ඉරාන, ඉරාක, යේමන, ඇෆ්ඝනිඨාන, සහ පාකිස්තාන සටන් කාමීන් හිස්බුල්ලා සංවිධානය සමග එකතුවනු ඇතැයි ඔහු මීට පෙර 2017 දී ද ප්‍රකාශ කර තිබිණි.

(සටහන: හර්ෂ උදයකාන්ත)

(AP ඇසුරිණි  )


මූලාශ්‍රය :

Thousands of Iran-backed fighters offer to join Hezbollah in its fight against Israel


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...