ඔහුගේ බුද්ධි මට්ටම හේතුවෙන් මුම්බායි විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ ආරාධිත මහාචාර්යවරයකු ලෙස දේශන පැවැත්වීමට මේ වනවිටත් ඔහුට ආරාධනා ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඇමෙරිකාවේ උසස් අධ්‍යාපන ආයතන සඳහා සිසුන් බඳවා ගන්නා තරඟ විභාගයක් වන සැට් විභාගයේදී ලකුණු 1500 ක් වයස 11 දී ලබා ගනිමින් ලෝක වාර්තාවක් තැබීමටද සුබෝනෝ බාරිට හැකියාව ලැබුණු අතර එහිදී ඔහු ලෝකයේ අවධානය දිනා ගැනීමට සමත් වූවේය.
සුබෝනෝ බාරි ඇමෙරිකාවේ ද්විතීක පාසලකින් ඩිප්ලෝමාවක් ලබාගත් ළාබාලතම සිසුවාවීමටද නියමිතය.
ඔහු අනිද්දා(26) පැවැත්වෙන උත්සවයකදී සිය ඩිප්ලෝමාව ලබා ගැනීමට නියමිතව ඇත.
ගණිතය හා භෞතික විද්‍යාවට ඇති දක්ෂතාවය හේතුවෙන් බාරිට නිව්යෝක් විශ්ව විද්‍යාලයේ සම්පූර්ණ ශිෂ්‍යත්වයක් ලබා ගැනීමටද හැකියාව ලැබුණේය.බාරි මේ වනවිට ග්‍රන්ථ දෙකක් රචනා කර ඇති අතර ඉන්දියාවේ ද්වීතීක පාසල්වල ඉගෙනීම් කටයුතුද සිදුකර ඇත.
මෙතෙක් ඔහු ළාබාලතම මහාචාර්යවරයා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ අතර මුම්බායි විශ්වවිද්‍යාලයේ ආරාධිත දේශනය කිරීමත් සමඟ බාරි සැබැවින්ම මහාචාර්යවරයෙකු වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
(lankadeepa.lk - විමුක්ති එස් රුද්‍රිගු)
ලොව ලාබාල මහාචාර්යවරයා ඉන්දියාවේ
T
The Leader
June 24, 2024 • 11:40 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ලොව ළාබාලතම මහාචාර්යවරයාවීමට ඉන්දියානු සම්භවයක් සහිත 12 හැවිරිදි සිසුවකු වන සුබෝනෝ බාරිට හැකියාව ලැබී ඇත.
- ඇමෙරිකාවේ උසස් අධ්‍යාපන ආයතන සඳහා සිසුන් බඳවා ගන්නා තරඟ විභාගයක් වන සැට් විභාගයේදී ලකුණු 1500 ක් වයස 11 දී ලබා ගනිමින් ලෝක වාර්තාවක් තැබීමටද සුබෝනෝ බාරිට හැකියාව ලැබුණු අතර එහිදී ඔහු ලෝකයේ අවධානය දිනා ගැනීමට සමත් වූවේය.
- ඔහු අනිද්දා(26) පැවැත්වෙන උත්සවයකදී සිය ඩිප්ලෝමාව ලබා ගැනීමට නියමිතව ඇත.
- ගණිතය හා භෞතික විද්‍යාවට ඇති දක්ෂතාවය හේතුවෙන් බාරිට නිව්යෝක් විශ්ව විද්‍යාලයේ සම්පූර්ණ ශිෂ්‍යත්වයක් ලබා ගැනීමටද හැකියාව ලැබුණේය.බාරි මේ වනවිට ග්‍රන්ථ දෙකක් රචනා කර ඇති අතර ඉන්දියාවේ ද්වීතීක පාසල්වල ඉගෙනීම් කටයුතුද සිදුකර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


