BREAKING
Top Ad
විදේශ

රුසියානු සිර භාරයට ගත් ඇමෙරිකානු මාධ්‍යවේදියකුට එරෙහි නඩු විභාගය ඇරඹේ

T

The Leader Desk

June 26, 2024 • 4:02 PM

රුසියානු සිර භාරයට ගත් ඇමෙරිකානු මාධ්‍යවේදියකුට එරෙහි නඩු විභාගය ඇරඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියාවේදී අත්අඩංගුවට පත් එක්සත් ජනපද මාධ්‍යවේදියකුට එරෙහි නඩු විභාගය ඇරඹේ.
  • 32 හැවිරිදි මාධ්‍යවේදියාට එරෙහි නඩු විභාගය අද (26), රුසියාවේදී ආරම්භ වූ අතර, කෙටි වෙලාවකට පුවත්පත් වාර්තාකරුවන් ඇතුළු මාධ්‍යවේදීන්ට අධිකරණ ශාලාවට ඇතුළු වීමට අවසර ලබා දී තිබිණි.
  •   ඔහුට විරුද්ධ මීළඟ නඩු විභාගය අගෝස්තු 13 වන දා ට කල් තැබිණි.
  • ඔත්තු සේවාව වෙත ලබා දුන් බව රුසියාව චෝදනා කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තාකරුවකු වන ඉවාන් ගර්ෂ්කොවිච් (Evan Gershkovich) ඔත්තු බැලීමේ චෝදනාව මත ඉකුත් වසරේ මාර්තු 23 වන දින රුසියානු  අත්අඩංගුවට  පත්විය.

32 හැවිරිදි මාධ්‍යවේදියාට එරෙහි නඩු විභාගය අද (26), රුසියාවේදී ආරම්භ වූ අතර, කෙටි වෙලාවකට පුවත්පත් වාර්තාකරුවන් ඇතුළු මාධ්‍යවේදීන්ට අධිකරණ ශාලාවට ඇතුළු වීමට අවසර ලබා දී තිබිණි. රුසියාවේ, එක්සත් ජනපද තානාපති කාර්යාල නිලධාරීන් දෙදෙනෙක්ද ඒ අතර වුහ.  

ඔහුට විරුද්ධ මීළඟ නඩු විභාගය අගෝස්තු 13 වන දා ට කල් තැබිණි.

අත්අඩංගුවට පත් එක්සත් ජනපද මාධ්‍යවේදියා, එරට පිළිගත් මාධ්‍යවේදියකු බවද වාර්තා වේ. ඔහු පශ්චාත් සෝවියට් රුසියාවේදී අත්අඩංගුවට පත් ප්‍රථම බටහිර මාධ්‍යවේදියා ද වෙයි.  

රුසියානු ඌරල් කඳුකර ප්‍රදේශයේ වාර්තාකරණයේ යෙදී සිටියදී ඔහු අත්අඩංගුවට පත්විය.  

එම ප්‍රදේශයේ පවත්වාගෙන යන රුසියානු යුද උපකරණ සහ යුද ටැංකි නිෂ්පාදන හා අලුත්වැඩියා මධ්‍යස්ථානයක් පිලිබඳ තොරතුරු ඔහු විසින්, ඇමෙරිකානු සී.අයි.ඒ. ඔත්තු සේවාව වෙත ලබා දුන් බව රුසියාව චෝදනා කරයි. එක්සත් ජනපදය එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඔහුව වහා නිදහස් කරන ලෙස රුසියානු බලධාරීන්ට දන්වා තිබේ.

චෝදනා ඔප්පු වීමෙන් පසු ගර්ෂ්කොවිච් හට වසර 20ක් දක්වා සිර දඬුවම් හිමි වනු ඇතැයි රුසියානු බලධාරීහු ප්‍රකාශ කරති.

රුසියාවට එරෙහිව ඔත්තු සැපයීම බරපතල අපරාධයක් ලෙස සැලකේ.

රට තුළ ප්‍රකාශිත පුවත්, විදේශිකයින් හා හුවමාරු කර ගැනීමද දඬුවම් ලැබියහැකි තත්වයකි.

මේ හමුවේ, විදෙස් මාධ්‍යවේදීන් රැසක් මේ වනවිටත් රුසියාවෙන් පිටව ගොස් තිබේ.

2018 දී රුසියාව විසින් ඔත්තු බැලීමේ චෝදනා මත එරට දී අත්අඩංගුවට ගත් එක්සත් ජනපද ආයතනික ආරක්ෂක විධායකු වූ පෝල් වෙලාන් (Paul Whelan) නම් පුදගලයකු මේවන විට රුසියානු අධිකරණයක් මගින් වසර 16 ක සිර දඬුවම් ක්‍රියාත්මක කර තිබේ.

(සටහන: හර්ෂ  උදයකාන්ත)
[AP ඇසුරිණි]

මූලාශ්‍රය :    

A US journalist goes on trial in Russia on espionage charges that he and his employer deny

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...