BREAKING
Top Ad
විදේශ

බොලිවියානු රාජ්‍යය විරෝධී කුමන්ත්‍රණය අසාර්ථකයි

T

The Leader Desk

June 27, 2024 • 8:54 AM

බොලිවියානු රාජ්‍යය විරෝධී කුමන්ත්‍රණය අසාර්ථකයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බොලිවියානු රාජ්‍යය පැහැර ගැනීමේ කුමන්ත්‍රණයක් ව්‍යර්ථ කෙරේ.
  • රජයේ ප්‍රධාන ගොඩනැගිලි පිහිටි මුරිල්ලෝ චතුරශ්‍රයේ (Murillo Square) ස්ථාන ගත කර සිටි සන්නද්ධ රථ සහ භට පිරිස් ද මේ වනවිට ඉවත් ව ගොස් ඇත.
  •  තමාට "ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිව්‍යුහගත කිරීමට" අවශ්‍ය බව පවසමින් ජෙනරාල් සුනිගා මෙම රාජ්‍ය විරෝධී කැරැල්ල දියත් කළ බව වාර්තා වේ.
  • මේ අතර, බොලිවියානු ජනාධිපති ලුවී ආර්ස් (Luis Arce) සහ හිටපු බොලිවියානු නායක ඉවෝ මොරාලෙස් (Evo Morales) කුමන්ත්‍රණය හෙලා දකිමින් ප්‍රකාශ නිකුත් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


හමුදා කණ්ඩායම් බොලිවියාවේ ලා පාස් (La Paz) අගනුවර ජනාධිපති මන්දිරයට කඩා වැදී පැය කිහිපයකින්, කුමන්ත්‍රණ නායකයා ද අත්අඩංගුවට ගත් බව බොලිවියානු පොලිසිය පවසයි.

එරට හමුදා ප්‍රධානියා වූ ජෙනරාල් ජුවාන් හොසේ සුනිගා (Gen Juan José Zúñiga), එසේ අත්අඩංගුවට ගෙන තිබේ.

රජයේ ප්‍රධාන ගොඩනැගිලි පිහිටි මුරිල්ලෝ චතුරශ්‍රයේ (Murillo Square) ස්ථාන ගත කර සිටි සන්නද්ධ රථ සහ භට පිරිස් ද මේ වනවිට ඉවත් ව ගොස් ඇත.

 තමාට "ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිව්‍යුහගත කිරීමට" අවශ්‍ය බව පවසමින් ජෙනරාල් සුනිගා මෙම රාජ්‍ය විරෝධී කැරැල්ල දියත් කළ බව වාර්තා වේ.

මේ අතර, බොලිවියානු ජනාධිපති ලුවී ආර්ස් (Luis Arce) සහ හිටපු බොලිවියානු නායක ඉවෝ මොරාලෙස් (Evo Morales) කුමන්ත්‍රණය හෙලා දකිමින් ප්‍රකාශ නිකුත් කර තිබේ.  සමාජයේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන කුමන්ත්‍රණයට එරෙහිව නැගී සිටින්නැයි ඔවුහු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

බොලිවියානුවන්ගේ ජීවිත බිලිගැනීමේ කුමන්ත්‍රණ හා ප්‍රයත්නයන්ට යලි ඉඩ නොතබන බව ජනාධිපතිවරයා රුපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ප්‍රකාශ කිරීමත් සමග, බොලිවියානු ජනතාව රජයට පක්ෂව වීදි බැසීමට ක්‍රියා කළහ.

මීට දෙදිනකට පෙර, බොලිවියාවේ හිටපු නායක ඊවෝ මොරාලෙස් රූපවාහිනිය ඔස්සේ විවෘත විවේචනයට ලක් කිරීමෙන් අනතුරුව, ජෙනරාල් සුනිගා සේවයෙන් පහ කෙරිණි. ජනාධිපතිවරයා විසින් නව හමුදා ප්‍රධානීන් පත් කර තිබේ. සුනිගාට  විරුද්ධව මේ වන විට, එරට අපරාධ පරීක්ෂණයක් ද  ආරම්භ කර ඇත.

(සටහන: හර්ෂ උදයකාන්ත)

(BBC පුවත් සේවය ඇසුරිණි)



මූලාශ්‍රය :  

Bolivian police arrest leader of coup attempt


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බොලිවියානු රාජ්‍යය විරෝධී කුමන්ත්‍රණය අසාර්ථකයි | The Leader