කඩාවැටුණු වහලයේ ආධාරක කුළුණු දෙකක් ඔහුගේ මෝටර් රථය මතට ඇද වැටීමෙන් මරණය සිදුව තිබේ. අධික වර්ෂාපතනයත් සමග මෙම අනතුර සිදුව ඇත.
"අද අලුයම 5ට පමණ ගුවන්තොටුපොළේ පළමු පර්යන්තයේ පැරණි පිටත්වීමේ දොරටුවට ඉහල වියන් වහලයේ කොටසක් මෙසේ කඩාවැටී ඇත. අනතුරින් පසු පර්යන්තයෙන් සිදුකෙරෙන සියලු පිටත්වීම් තාවකාලිකව අත්හිටුවා තිබේ.
අනතුරින් එම ස්ථානයේ නවතා තිබු තවත් මෝටර් රථ කිහිපයකටද දැඩි අලාභ හානි සිදුවිය.
නවදිල්ලියේ ඇතැම් ප්‍රදේශවලට මෙම සතියේ පැවති අධික වර්ෂාපතනයෙන් බරපතල හානි සිදුවිය. වර්ෂාපතනයට පෙර නවදිල්ලියට සෙල්සියස් අංශක 49.9 (ෆැරන්හයිට් අංශක 121.8) තරම් ඉහළ උෂ්ණත්වයක් ද බලපෑවේය. එය රටේ වාර්තාගත ඉහළම උෂ්ණත්ව අගය බව පැවසේ. එරට විදුලිබල පද්ධතියට සහ විදුලි සැපයුමට ද ඉන් බාධා ඇති විය.
මේ මස මුලදී, නැඟෙනහිර ඉන්දියාවේ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක්, තවත් මගී දුම්රියක ගැටීමෙන් අවම වශයෙන්, පුද්ගලයින් නව දෙනෙකු මිය ගොස්, තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ.
ඉකුත් 2022 දී, බටහිර ගුජරාට් ප්‍රාන්තයේ මෝර්බි (Morbi) හි අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද රැහැන් පාලමක් කඩා වැටීමෙන් තවත් පුද්ගලයන් 135 ක් පමණ මරණයට පත්වූහ.
බිලියන 1.4 කට අධික ජනගහනයක් වෙසෙන ඉන්දියාවේ, මේ වන විට මහාපරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති රැසක් ප්‍රමුඛස්ථානයෙහිලා ක්‍රියාත්මකය. එරට, පැරණි ප්‍රවාහන පද්ධතිය නවීකරණයේ කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ද ඒ අතර වෙයි.
(සටහන: හර්ෂ උදයකාන්ත)
(CNN පුවත් සේවය ඇසුරිණි)
මූලාශ්‍රය :
Delhi airport roof collapse kills one, injures others after heavy rains
දිල්ලි ගුවන් තොටේ වහලයේ කොටසක් කඩා වැටී අයෙක් මරුට
T
The Leader Desk
June 28, 2024 • 11:47 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වහලයේ කොටසක් කඩා වැටීමෙන් අද (28) එක් පුද්ගලයෙකු මියගොස් තවත් අට දෙනකු තුවාල ලැබීය.
- අධික වර්ෂාපතනයත් සමග මෙම අනතුර සිදුව ඇත. "අද අලුයම 5ට පමණ ගුවන්තොටුපොළේ පළමු පර්යන්තයේ පැරණි පිටත්වීමේ දොරටුවට ඉහල වියන් වහලයේ කොටසක් මෙසේ කඩාවැටී ඇත.
- අනතුරින් පසු පර්යන්තයෙන් සිදුකෙරෙන සියලු පිටත්වීම් තාවකාලිකව අත්හිටුවා තිබේ. අනතුරින් එම ස්ථානයේ නවතා තිබු තවත් මෝටර් රථ කිහිපයකටද දැඩි අලාභ හානි සිදුවිය. නවදිල්ලියේ ඇතැම් ප්‍රදේශවලට මෙම සතියේ පැවති අධික වර්ෂාපතනයෙන් බරපතල හානි සිදුවිය.
- වර්ෂාපතනයට පෙර නවදිල්ලියට සෙල්සියස් අංශක 49.9 (ෆැරන්හයිට් අංශක 121.8) තරම් ඉහළ උෂ්ණත්වයක් ද බලපෑවේය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


