BREAKING
Top Ad
විදේශ

චීනය හදිසි අනතුරු සහ විපත් පාලනය පිලිබඳ නීති දැඩි කරයි

T

The Leader Desk

June 30, 2024 • 5:39 AM

චීනය හදිසි අනතුරු සහ විපත් පාලනය පිලිබඳ නීති දැඩි කරයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීනය, හදිසි අනතුරු සහ විපත් පාලනය පිලිබඳ දැඩි, සංශෝධිත නීති හා රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
  •     මෑත කාලීනව, චීනයේ ඇතැම් ප්‍රදේශ ගංවතුර හා නියඟයන් ඇතුළු දරුණු කාලගුණික තත්වයන් ගණනාවකට මුහුණ පෑවේය.
  • එම සියලු කරුණු අවධානයට ලක් කර, නව නෛතික ප්‍රසම්පාදන ක්‍රියාත්මක කෙරෙන බව චීනය පවසයි.
  • හදිසි තත්වයන් වළක්වාලීමට සහ ක්ෂණික හා නිසි ප්‍රතිචාර දැක්වීමට පියවර නොගන්නා බලධාරීන්ට එරෙහි උපරිම දඩය යුවාන් මිලියන 1 ($ 140,000) දක්වා පස් ගුණයකින් වැඩි කර තිබේ.    ස්වභාවික විපත් ප්‍රවෘත්ති ආවරණ පිළිබඳ නිල මාර්ගෝපදේශන ද තර කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):


හදිසි අවස්ථා වළක්වාලීමේ ශක්‍යතා ප්‍රවර්ධනය සහ ජන මාධ්‍ය ඔස්සේ විපත් වාර්තාකරණය පිලිබඳ නිල මාර්ගෝපදේශන අනුගමනය කිරීම මෙහි අරමුණයි.  

නව නීති නොවැම්බර් 01 දා සිට ක්‍රියාත්මකය. නව නෛතික ප්‍රසම්පාදන පිලිබඳ නිහඬ හා අවම ප්‍රතිචාර දක්වන රාජ්‍ය බලධාරීන්ට එරෙහිවද නීතිය තදින් ක්‍රියාත්මකය. 

හදිසි අවස්ථා පිළිබඳ මාධ්‍ය වාර්තාකරණය රජයේ දැඩි  නිරීක්ෂණයට යටත් කෙරේ. 

 

china 240630චීනය, දනටටමත් මාධ්‍ය වාර්තාකරණය පිලිබඳ දැඩි ප්‍රතිපත්ති අනුගමනය කරයි.
ඒ අනුව, ස්වාභාවික විපත්, අනතුරු සහ මහජන සෞඛ්‍යය ට අදාළ හදිසි තත්වයන් පිලිබඳ තොරතුරු බෙදාහැරීම පාලනයට පියවර ගැනේ.   

චීනය, දනටටමත් මාධ්‍ය වාර්තාකරණය පිලිබඳ දැඩි ප්‍රතිපත්ති අනුගමනය කරයි. ඒ පිළිබඳ නව රාජ්‍ය මාර්ගෝපදේශන ඔස්සේ එම තත්වය වැඩි දුරටත් තර කෙරේ.  

 

මෑත කාලීනව, චීනයේ ඇතැම් ප්‍රදේශ ගංවතුර හා නියඟයන් ඇතුළු දරුණු කාලගුණික තත්වයන් ගණනාවකට මුහුණ පෑවේය. දුෂ්කර හා ග්‍රාම්‍ය ප්‍රදේශවලට බලපෑ  භූමි කම්පා විපත් ද ඒ අතර වෙයි. ස්වභාවික විපත් කෙරෙහි රාජ්‍ය ප්‍රතිචාරය සහ පශ්චාත් විපත් කළමනාකරණය අභියෝගාත්මක වී තිබේ. එම සියලු කරුණු අවධානයට ලක් කර, නව නෛතික ප්‍රසම්පාදන ක්‍රියාත්මක කෙරෙන බව චීනය පවසයි.

 

නොවැම්බරයේ සිට බලාත්මක මෙම නීති රෙගුලාසි උල්ලංඝනය කරන්නන්ට එරෙහි දඬුවම් හා දඩ මුදල් නියම කෙරේ. හදිසි තත්වයන් වළක්වාලීමට සහ ක්ෂණික හා නිසි ප්‍රතිචාර දැක්වීමට පියවර නොගන්නා බලධාරීන්ට එරෙහි උපරිම දඩය යුවාන් මිලියන 1 ($ 140,000) දක්වා පස් ගුණයකින් වැඩි කර තිබේ. 

 

image 134360 1688451815ස්වභාවික විපත් ප්‍රවෘත්ති ආවරණ පිළිබඳ නිල මාර්ගෝපදේශන ද තර කෙරේ.
ස්වභාවික විපත් ප්‍රවෘත්ති ආවරණ පිළිබඳ නිල මාර්ගෝපදේශන ද තර කෙරේ. හදිසි අවස්ථා වාර්තාකරණය සඳහා ප්‍රවර්ධිත, 'ප්‍රවෘත්ති සම්මුඛ සාකච්චා සහ වාර්තාකරණ පද්ධතියක්' හඳුන්වා දීමට නියමිතය. මහජන අදහස් රාජ්‍ය අධීක්ෂණය යටතේ ප්‍රචාරය කෙරේ. 

හදිසි අවස්ථා පිළිබඳ පුවත් වාර්තාකරණය, 'කාලානුරූප, නිවැරදි, විෂයානුබද්ධ සහ සාධාරණ' විය යුතු බව රජය පෙන්වාදෙයි. නව සංශෝධිත නීති යටතේ, විශේෂයෙන්, ජනාකීර්ණ ප්‍රදේශවල හදිසි තත්වයන් පිලිබඳ ප්‍රවෘති එක්රැස් කිරීමට හා බෙදාහැරීමට, නම් කරන ලද පුද්ගලයින් පත් කෙරේ. තොරතුරු නිරවද්‍යතාවය සහ ඒකාග්‍රතාවය ප්‍රවර්ධනය එහි අරමුණයි. 

(සටහන: හර්ෂ උදයකාන්ත)

රොයිටර් පුවත් සේවය ඇසුරිණි. 

මූලාශ්‍රය :   

China tightens law on handling disasters including information flows 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...