BREAKING
Top Ad
විදේශ

ප්‍රංශයේ ප්‍රමුඛ දේශපාලන බලවේගය බවට ලු පෙන්ගේ පක්ෂය පත් වෙයි

T

The Leader Desk

July 1, 2024 • 4:50 PM

ප්‍රංශයේ ප්‍රමුඛ දේශපාලන බලවේගය බවට ලු පෙන්ගේ පක්ෂය පත් වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මරීන් ලු පෙන්ගේ අන්ත දක්ෂිණාංශික නැෂනල් රැලී (RN) පක්ෂය තවත් ජයග්‍රහණයක් හිමි කර ගෙන ඇති අතර ඔවුහු දැන් ප්‍රංශ දේශපාලනය උඩුයටිකුරු
  • එහෙත්, මෙම පළමු වටයේ ඡන්ද විමසීමෙන් ලබා ගත හැකි එක ම නිගමනය, එනම්, RN පක්ෂය දැන් අවිවාදිත ලෙස ප්‍රංශයේ ප්‍රමුඛ දේශපාලන බලවේගය වන බව වෙනස් කිරීමට නම් පවතින තත්ත්වයේ විශ්මයජනක වෙනසක් සිදුවීම අවශ්‍ය වනු ඇති බව ය.
  • කෙසේ වෙතත්, ඉදිරි සතිය තුළ තීරණය වීමට ඉතිරිව ඇති දේ තවමත් සුවිශේෂී ය.
  • එනම්, අන්ත දක්ෂිණාංශික රජයකට ජාතික මන්ත්‍රණ සභාවේ බහුතර බලයක් ලැබීම නිසා බාධාවකින් තොරව තම කටයුතු පවත්වා ගෙන යාමට ඇති හැකියාවත් සභාව දෙකඩ වීම නිසා අන්ත දක්ෂිණාංශික රජයකට බොහෝ දේ කිරීමට නොහැකි වීම ත් අතර වෙනස ය.
අකුරු ප්‍රමාණය (Font Size):

කිරීමේ ඉලක්කය කරා යමින් සිටිති.

RN විරෝධී ඡන්ද එක්තැන් කර ගැනීම සඳහා දෙවන වටයෙන් මධ්‍යස්ථවාදී සහ වාමාංශික අපේක්ෂකයින් ඉවත් වීම සම්බන්ධයෙන් ඉදිරි දිනවල දැඩි කතාබහක් ඇති වනු ඇති අතර අන්ත දක්ෂිණාංශික පක්ෂයකට බලය හිමි වීම වළක්වාලීම සඳහා ප්‍රංශයේ අනෙක් පක්ෂ විසින් භාවිත කරනු ලබන දේශපාලන උපාය මාර්ගයක් වන 'Front Républicain' තවදුරටත් නොපැවතීම ගැන අඳෝනා ඇසෙනු ඇත.

එහෙත්, මෙම පළමු වටයේ ඡන්ද විමසීමෙන් ලබා ගත හැකි එක ම නිගමනය, එනම්, RN පක්ෂය දැන් අවිවාදිත ලෙස ප්‍රංශයේ ප්‍රමුඛ දේශපාලන බලවේගය වන බව වෙනස් කිරීමට නම් පවතින තත්ත්වයේ විශ්මයජනක වෙනසක් සිදුවීම අවශ්‍ය වනු ඇති බව ය.

කෙසේ වෙතත්, ඉදිරි සතිය තුළ තීරණය වීමට ඉතිරිව ඇති දේ තවමත් සුවිශේෂී ය.


එනම්, අන්ත දක්ෂිණාංශික රජයකට ජාතික මන්ත්‍රණ සභාවේ බහුතර බලයක් ලැබීම නිසා බාධාවකින් තොරව තම කටයුතු පවත්වා ගෙන යාමට ඇති හැකියාවත් සභාව දෙකඩ වීම නිසා අන්ත දක්ෂිණාංශික රජයකට බොහෝ දේ කිරීමට නොහැකි වීම ත් අතර වෙනස ය.

මේ වන විට, ආසන ගණන පිළිබඳව පළ වී ඇති අනාවැකි අනුව RN පක්ෂයට 260 සිට 310 දක්වා ඕනෑ ම ආසන ගණනක් දිනාගත හැකි ය. පූර්ණ බහුතරය දිනා ගැනීමට ආසන 289ක් අවශ්‍ය බැවින් අවසානයේ බොහෝ දෑ සිදුවිය හැකි ය.

තම දේශපාලන අරමුණුවලට සිදුවන හානිය අවම කර ගැනීම සඳහා ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ මධ්‍යස්ථවාදී සහ වාමාංශික නව ජනතා පෙරමුණ (New Popular Front) සන්ධානය ජූලි 7 වන දා දෙවන වටයේදී උපායශීලීව ඡන්දය ප්‍රකාශ කරන ලෙසට ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටිනු ඇත. තමන්ගේ ම අපේක්ෂකයා පරාජයට පත් වුව ද, RN පක්ෂයට එරෙහිව ඉදිරිපත් වන තම මැතිවරණ කොට්ඨාසයේ කවුරුන් හෝ තෝරා ගන්නා ලෙස ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටිනු ඇත.

dgrtv

නමුත් මේ ආකාරයට පක්ෂවලින් දෙනු ලබන උපදෙස්වල ඇති ගැටලුව නම්, ඒවාට සවන් දෙන පිරිස අඩු වීම ය.

RN වෙත ඡන්දය ප්‍රකාශ කිරීම ලැජ්ජාවට කරුණක් වීම සමාජයෙන් තුරන් වී යාමට දිගු කලක් ගත වූ නමුත් දැන් එය සම්පූර්ණයෙන් ම පාහේ පහව ගොස් ඇතැයි කිව හැක.

RNහි විරුද්ධවාදීන්ට ඇති අනෙක් දුෂ්කරතාවය වන්නේ, දෙවන වටයේදී තුන්කොන් ඡන්ද සටන් පැවතීම ය. වෙනත් වචනවලින් කිවහොත්, ලබන ඉරිදා අපේක්ෂකයින් දෙදෙනෙකු නොව තිදෙනෙකු සහභාගී වන ඡන්ද කොට්ඨාස තිබීම ය. සාමාන්‍යයෙන්, මධ්‍යස්ථ, අන්ත-දක්ෂිණාංශික සහ වාමාංශික අපේක්ෂකයෙකු බැගින් ඊට සහභාගී වනු ඇත.

තුන්කොන් ඡන්ද සටන් ගණන ඉහළ අගයක පැවතීමට හේතුව ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය ඉහළ අගයක පැවතීම ය. එනම්, මැතිවරණ ප්‍රතිඵලයට එය විශාල වශයෙන් බලපෑමක් ඇති කරන බැවිනි.

ඒ වගේ ම කෙටි කාලයකින් සංවිධානය වුණු මැතිවරණ ව්‍යාපාර කුඩා දේශපාලන පක්ෂවලට සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් ලබා නොදුන් බැවින් ඡන්ද මෙම කොටස් තුන වටා සංකේන්ද්‍රණය වී ඇත.

ge6dfg
පැහැදිලිව ම, යම් මැතිවරණ කොට්ඨාසයක් තුළ පක්ෂ තුනක් තරග කරන්නේ නම්, RN විරෝධී ඡන්ද එක්තැන් වීම දුෂ්කර වනු ඇත. බොහෝ ස්ථානවල මධ්‍යස්ථවාදී හෝ වාමාංශික අපේක්ෂකයන් තරග කිරීමෙන් වැළකී සිටිය හැකිමුත්, සෑම තැනක ම එය එසේ නොවනු ඇත.

පොදුවේ ගත් කල, අන්ත දක්ෂිණාංශික ජයග්‍රහණයක නොවැළැක්විය හැකි හැඟීමක් දැන් රට ග්‍රහණය කර ගෙන ඇති බව පෙනේ.

කලක් සිතීමට පවා නොහැකි දැවැන්ත දෙයක් ලෙස දුටු දෙය දැන් ප්‍රත්‍යක්ෂ සත්‍යයක් ලෙස පෙනේ.

සටහන :
හියු ස්කොෆීල්ඩ්
පැරිස් වාර්තාකරු

(BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ප්‍රංශයේ ප්‍රමුඛ දේශපාලන බලවේගය බවට ලු පෙන්ගේ පක්ෂය පත් වෙයි | The Leader