BREAKING
Top Ad
විදේශ

ඉතිහාසයේ ප්‍රථම වතාවට බ්‍රිතාන්‍ය මුදල් අමාත්‍ය ධුරයට කාන්තාවක්

T

The Leader Desk

July 6, 2024 • 7:02 AM

ඉතිහාසයේ ප්‍රථම වතාවට බ්‍රිතාන්‍ය මුදල් අමාත්‍ය ධුරයට කාන්තාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමත්‍ය, කම්කරු පක්ෂ නායක ශ්‍රීමත් කියර් ස්ටාමර් නව කැබිනට් මණ්ඩලය පත් කිරීම ආරම්භ කිරීමත් සමග, ඉතිහාසයේ ප්‍රථම වතාවට
  • අනතුරුව, එංගලන්ත බැංකුවේ උපාධිධාරී  තනතුරක් ලැබ,1990 දශකයේ ජපානය සිය සමාජ - ආර්ථික අර්බුදයෙන් මිදීමට ගත් ප්‍රයත්නයන් විමර්ශනයට ලක් කිරීමේ කටයුතුවල  නිරත වූවාය.
  • 2008 මූල්‍ය අර්බුදයෙන් පසු, මේ වනවිට එරට ආර්ථික වර්ධනය කඩා වැටී ඇත.
  • 2010 සිට මෙතෙක්, බ්‍රිතාන්‍ය ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය දෙවරක් අසාර්ථක විය.
අකුරු ප්‍රමාණය (Font Size):

කාන්තාවක් එරට මුදල් අමාත්‍ය ධූරයට පත් කෙරේ.

ඒ අනුව, රැචල් රීව්ස් (Rachel Reeves) ස්ටාමර් රජයේ නව මුදල් අමාත්‍යවරියයි.

 

f0406328 71a3 45dd a1ef a80d4cd12515Rachel Reeves

ගුරු දෙමාපිය යුවලකගේ දියණිය වන ඇය, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේදී දේශපාලනය, දර්ශනය හා ආර්ථික විද්‍යාව පිලිබඳ  හැදෑරුවාය. අනතුරුව, එංගලන්ත බැංකුවේ උපාධිධාරී  තනතුරක් ලැබ,1990 දශකයේ ජපානය සිය සමාජ - ආර්ථික අර්බුදයෙන් මිදීමට ගත් ප්‍රයත්නයන් විමර්ශනයට ලක් කිරීමේ කටයුතුවල  නිරත වූවාය.

වත්මන, බ්‍රිතාන්‍යය, ඊට නොදෙවෙනි අර්බුදයකට මුහුණ පා සිටී. 2008 මූල්‍ය අර්බුදයෙන් පසු, මේ වනවිට එරට ආර්ථික වර්ධනය කඩා වැටී ඇත. වික්ටෝරියා රැජිණ සමයෙන් පසු, මෙතෙක්, එරට නිසි සේවක වැටුප් වැඩි කිරීමක් සිදු කෙරී නැත.


2010 සිට මෙතෙක්, බ්‍රිතාන්‍ය ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය දෙවරක් අසාර්ථක විය. එය අස්ථාවර තත්වයක් තෙක් ඇද වැටී තිබේ. මූල්‍ය කප්පාදු ඔස්සේ, බැංකු පොලී අනුපාත සීග්‍රයෙන් පහත වැටී ඇත. එය ඓතිහාසික අතපසු කිරීමක් බව බ්‍රිතාන්‍යයේ නව මුදල් අමාත්‍යවරිය පවසයි.

 

skynews rachel reeves mp shadow chancellor 6495245මූල්‍ය කප්පාදු ඔස්සේ, බැංකු පොලී අනුපාත සීග්‍රයෙන් පහත වැටී ඇත. එය ඓතිහාසික අතපසු කිරීමක් බව බ්‍රිතාන්‍යයේ නව මුදල් අමාත්‍යවරිය පවසයි.

එහෙත්, 2010 වසරේදී, කොන්සවේටිව් රජය මුහුණ දුන් අභියගයන්ටත් වඩා බරපතල මූල්‍ය ගැටළු රැසකට කම්කරු පක්ෂයටද මුහුණ දීමට සිදුවනු ඇතැයි, විචාරකයෝ පෙන්වා දෙති. බ්‍රිතාන්‍යයේ උග්‍ර ණය පියවීම් අර්බුදය මෙම තත්වයට සෘජුව බලපා  තිබේ.  

මේ තත්වය හමුවේ වුව, නව මුදල් අමාත්‍යවරිය විසින් නිහඬ එහෙත්, අත්‍යන්ත මැතිවරණ පොරොන්දු ගණනාවක් ලබා දී තිබේ. අනාගත උද්ධමන කම්පන වලින් ගැලවීමට නම්, ශක්තිමත් සැපයුම් දාම පද්ධතියක් ඉදි කිරීම ඇගේ අරමුණයි.

මේ යටතේ, අභිනව බ්‍රිතාන්‍ය කම්කරු රජය, නව ආර්ථික ක්‍රියාන්විත දෙකක් හඳුන්වාදීමට සූදානම් වෙයි. එනම්, ජාතික ධන අරමුදල සහ මහා බ්‍රිතාන්‍ය බලශක්ති   ක්‍රියාන්විතයයි. පුද්ගලික අංශයේ ආයෝජන පෙරදැරිව, බ්‍රිතාන්‍යයේ කර්මාන්ත ක්ෂේත්‍රය යලි නගා සිටුවීම සහ 2030 වන විට, රජය සතු පවිත්‍ර බලශක්ති සමාගමක් බිහි කිරීම එහි අරමුණයි.  

 

manufactureපුද්ගලික අංශයේ ආයෝජන පෙරදැරිව, බ්‍රිතාන්‍යයේ කර්මාන්ත ක්ෂේත්‍රය යලි නගා සිටුවීම 

ඒ අනුව, බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂ රජය විසින් ජාතිය ප්‍රමුදිත කිරීමේ දශකයක් නම් කර තිබේ.

(සටහන: හර්ෂ උදයකාන්ත)

CNN ඇසුරිණි

මූලාශ්‍ර :
Keir Starmer is new UK prime minister after landslide election win

Rachel Reeves, 45, Becomes First Woman UK Finance Minister



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...