ඒ බව එරට මැතිවරණ අධිකාරිය අද (06) නිවේදනය කළේය.
ඉරානය පිලිබඳ දැඩි දේශීය හා ජාත්‍යන්තර අභියෝග රැසක් මධ්‍යයේ පැවති, තීරණාත්මක ජනාධිපතිවරණයේදී වැඩි ඡන්ද 9.3% කින් සිය ප්‍රතිවාදියා පරාජය කරමින් පෙසෙස්කියාන් මෙම ජයග්‍රහණය ලබා ගත්තේය.
ඊයේ දිනයේ පැවති ඡන්ද විමසීමේ දී ගණනය කෙරුණු ඡන්ද මිලියන 30.5 කින්, පෙසෙස්කියාන් 53.6% ක ප්‍රතිශතයක් ලබා ගත්තේය. ඔහුගේ ප්‍රතිවාදියා වූ කොන්සර්වේටිව් අපේක්ෂක සයීඩ් ජලීලි (Saeed Jalili) ට ලබා ගත හැකි වුයේ, 44.3% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.
මෙවර ජනාධිපතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 49.8%ක් බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

"අපි, සැමට මිත්‍රත්වයේ දෑත් දිගු කරන්නෙමු. මන්ද, අප සියල්ලෝම එකම බිමෙක මිනිසුන් වන නිසාවෙනි. මෙය, අප ජාතියේ ප්‍රගතිය උදෙසා සියලුදෙනාගේ සහාය අවශ්‍ය මොහොතයි. එබැවින්, දේශ මාමකත්වයෙන්, රට වෙනුවෙන් ඡන්දය දුන් සියලු දෙනාට ස්තුතියි," යයි ජයග්‍රහණයෙන් පසු ඔහු පැවසීය.
පෙසෙස්කියාන් ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට පෙර 12 දෙනකුගෙන් යුත් ඉරාන මැතිවරණ, නීති ප්‍රසම්පාදන හා අධීක්ෂණ කටයුතු පිලිබඳ භාරකාරීත්ව කවුන්සිලය විසින් ඔහුගේ ජයග්‍රහණය නිල වශයෙන් තහවුරු කළ යුතුය.
ඒ අනුව, දිනෙන් දින, ජාත්‍යන්තර වශයෙන් හුදෙකලා වන මෙන්ම, රට අභ්‍යන්තරයේ ජනතා අසන්තෘප්තිය වර්ධනය වන, දුර්වල ආර්ථිකයක් සහිත සහ කලාපයේ සිය ප්‍රබල ප්‍රතිවාදියා වන ඊශ්‍රායලය සමඟ සෘජු ගැටුමකට අරඅදිමින් සිටින ඉරානයේ මීළඟ අපේක්ෂාව පෙසෙස්කියාන් ය.
මීට පෙර, පෙසෙස්කියාන් ඉරානයේ හිටපු ප්‍රතිසංස්කරණවාදී ජනාධිපති මොහම්මද් කටාමි (Mohammad Khatami) ගේ රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයාව කටයුතු කළේය. ඔහු විශේෂඥ හෘද ශල්‍ය වෛද්‍යවරයෙක් සහ නීති සම්පාදකයෙක් ද වෙයි.
69 හැවිරිදි නව ඉරාන ජනාධිපතිවරයා ජනවාර්ගිකව, මිශ්‍ර පවුල් පසුබිමකින් පැවත එන්නෙකි. ඔහුගේ පියා අසේරි (Azeri) ජාතිකයකු වන අතර, මව කුර්දි (Kurdish) ජාතික කාන්තාවකි.

2009 වසරේ ඉරානයේ හටගත් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවන්ට එක්ව, ජනතාවාදී ප්‍රජාතන්ත්‍රවාදයක් උදෙසා, පෙසෙස්කියාන්, කැපීපෙනෙන කාර්ය භාරයක් ඉටු කළේය.
එමෙන්ම, 2022 දී ඉරාන තරුණියක් එරට පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්වීම ඔහුගේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය. එම මරණයත් සමග ඉරානයේ දැවැන්ත විරෝධතා රැල්ලක් ඇරඹිණි. එක්සත් ජාතීන්ගේ වාර්තාවන්ට අනුව, ඉන් සියයකට අධික පිරිසක් මරණයට පත්වී, තවත් දහස් ගණනක් පොලිස් අත්අඩංගුවට පත්වූහ. බලය යොදා ආගමික විශ්වාස තහවුරු කිරීම, විද්‍යාත්මකව අපහසු පෙසෙස්කියාන් ගේ මතයයි.
(සටහන: හර්ෂ උදයකාන්ත)
CNN ඇසුරිණි
මූලාශ්‍රය :
Reformist lawmaker Masoud Pezeshkian wins Iran’s presidential vote



