BREAKING
Top Ad
විදේශ

සැක සංකා සෝ සුසුම් මැද බලාපොරොත්තු දල්වන ගාසා නව සටන් විරාමය යතාර්ථයක් වේ ද?

T

The Leader Desk

July 7, 2024 • 9:52 AM

සැක සංකා සෝ සුසුම් මැද බලාපොරොත්තු දල්වන ගාසා නව සටන් විරාමය යතාර්ථයක් වේ ද? 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපදය විසින් යෝජිත සටන් විරාමයකට හමාස් සංවිධානය මූලික අනුමැතිය ලබා දී තිබේ.
  • එහෙත්, එවැනි සටන් විරාමයක්  පිළිබඳව කල් තබා සහතික විය නොහැකි බව  දෙපාර්ශවය වැඩි දුරටත්  ප්‍රකාශ කරයි.
  •       ප්‍රහාරයෙන්  අවම වශයෙන්, පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් තවත් 50 දෙනෙකු තුවාල ලබා තිබේ.
  • ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවලට අනුව ප්‍රහාරයෙන්  අවම වශයෙන්, පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් තවත් 50 දෙනෙකු තුවාල ලබා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


සටන් විරාමය, අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිතය. එය ක්‍රියාත්මක කිරීමට නම්, ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ යුද කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමිය යුතු බව හමාස් සංවිධානය ප්‍රකාශ කරයි. 

 

තමන්ගේ ආලින්දයට පෙනෙන 'හමාස්' සංවිධානය පලස්තීනය නොවේ - (කුසල් පෙරේරා)ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ යුද කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමිය යුතු බව හමාස් සංවිධානය ප්‍රකාශ කරයි. 
ඉකුත් ඔක්තෝබර් 7 නිරායුධ ඊශ්‍රායල වැසියන් ඉලක්ක කොට එල්ල කළ, ම්ලේච්ඡ ප්‍රහාරය තෙක් ගාසා තීරයේ වැඩි බලය හමාස් සංවිධානය සතු විය. 

යෝජිත නව සටන් විරාමය අනුව, එළැඹෙන නොවැම්බර් මස සිට, එහි පළමු අදියර ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ යටතේ, අවි ගැටුම් නතර කිරීමේ එකඟතා පවතී. ඉන් අනතුරුව, වහා සාකච්ඡා ආරම්භ කෙරේ. එහෙත්, එවැනි සටන් විරාමයක්  පිළිබඳව කල් තබා සහතික විය නොහැකි බව  දෙපාර්ශවය වැඩි දුරටත්  ප්‍රකාශ කරයි.    

 

gaza 65485ප්‍රහාරයෙන්  අවම වශයෙන්, පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් තවත් 50 දෙනෙකු තුවාල ලබා තිබේ.

මේ අතර, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ, අත් හරින ලද පාසලක පවත්වා ගෙන ගිය අවතැන් කඳවුරක් විනාශ වී තිබේ. ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවලට අනුව ප්‍රහාරයෙන්  අවම වශයෙන්, පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් තවත් 50 දෙනෙකු තුවාල ලබා තිබේ.  මියගිය හා තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් සිටින බව ද වාර්තා වේ. පාසල් කඳවුර ආශ්‍රයේ සිට ක්‍රියාත්මක ත්‍රස්තවාදීන් ඉලක්ක කොට, සිවිල් වැසියන්ට සිදුවිය හැකි හානි අවම කරමින්, ප්‍රහාරය දියත් කළ බව ඊශ්‍රායල හමුදාව පවසයි.  

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමය ඇරඹේමුලින්ම වයස්ගත, රෝගී සහ කාන්තා ප්‍රාණ ඇප කරුවන් නිදහස් කිරීමටත්, පිළිතුරු වශයෙන්, ඊශ්‍රායල හමුදා භාරයේ පසුවන සිය ගණනක් පලස්තීන සිර කරුවන් නිදහස් කිරීමටත් නියමිතය.

 

අදියර කිහිපයක් යටතේ යෝජිත, සය මසක කාලයක් සඳහා වන නව සටන් විරාමය ක්‍රියාත්මක වුවහොත්, ඒ යටතේ, මුලින්ම වයස්ගත, රෝගී සහ කාන්තා ප්‍රාණ ඇප කරුවන් නිදහස් කිරීමටත්, පිළිතුරු වශයෙන්, ඊශ්‍රායල හමුදා භාරයේ පසුවන සිය ගණනක් පලස්තීන සිර කරුවන් නිදහස් කිරීමටත් නියමිතය. එය, සටන් විරාමයේ පළමු දින 42 ඇතුළත සිදු කෙරේ. 

ඒ අනුව, එම  කාලය තුළ, ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ අධික ජන ගහනයක් පවතින කලාපයෙන් සම්පූර්ණයෙන් ඉවත් විය යුතු අතර, උතුරු ගාසා තීරයේ අවතැන් වුවන්ට යලි සිය පදිංචි ප්‍රදේශ කරා පැමිණීමේ අවස්ථා සැලසිය යුතුය. 

 

xdget4666පිළිතුරු වශයෙන්, ඊශ්‍රායලය භාරයේ පසුවන සිරකරුවන් සහ තවත් රැඳවියන් රැසක් මුදා හැරෙනු ඇත.

සටන් විරාමය යටතේ නිදහස් කෙරෙන පළමු කණ්ඩායමට, ඊශ්‍රායල හමුදා සාමාජිකාවන් ඇතුළත්වන බව හමාස් සංවිධාන නිලධාරියකු ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) පුවත් සේවයට පැවසීය. එම කාල වකවානුව තුළ, හමාස් සංවිධානය, ඊශ්‍රායලය සහ මැදහත් පාර්ශ්වකරුවන් අතර, අත්අඩංගුවේ පසුවන ඊශ්‍රායල සිවිල් වැසියන් සහ හමුදා භටයින් නිදහස් කිරීම පිලිබඳ සාකච්ඡා සිදු කෙරේ. පිළිතුරු වශයෙන්, ඊශ්‍රායලය භාරයේ පසුවන සිරකරුවන් සහ තවත් රැඳවියන් රැසක් මුදා හැරෙනු ඇත. සටන් විරාමයේ තෙවන අදියර යටතේ, ඉතිරි ප්‍රාණ ඇප කරුවන් සහ මිය ගිය අයගේ සිරුරු භාර දීමටත්, ඉදිරි වසර ගණනක ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමටත් නියමිතය. 

සෑම හමාස් සටන්කරුවෙක්ම 'මළ මිනිසෙක්' ඊශ්‍රායල් අගමැති කියයිබෙන්ජමින් නෙතන්යාහු

එහෙත්, ඊශ්‍රායලය විසින් සටන් විරාම එකඟතාව ලිඛිතව ලබා දිය යුතු බව හමාස් සංවිධානය පවසයි. මේ අතර, ගැටුම් තාවකාලිකව නතර කළද, හමාස් සංවිධානය මුලිනුපුටා දමන තෙක් සටන අත් නොහරින බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ප්‍රකාශ කර තිබේ. 

ප්‍රාණ ඇප කරුවන් නිදහස් කිරීමෙන් අනතුරුව, ඊශ්‍රායලය යලි සටන් ප්‍රහාර දියත් නොකරන බවට විශ්වාසයක් නැතැයි හමාස් සංවිධානය ද පවසයි. හමාස් සංවිධානය විසින් සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට ප්‍රථම, සටන් විරාමයෙන් ඉවත්විය හැකි බවට ඊශ්‍රායලය සැක  පල කරයි. 

නව සටන් විරාමයක් පිලිබඳ, හමාස් සටන්කාමීන් භාරයේ පසුවන ප්‍රාණ ඇපකරුවන් තුළ ද අපේක්ෂා හටගෙන තිබේ. ඔවුන් අපේක්ෂා භංගත්වයට පත් නොකරන්නැයි රජයට බල කරමින් ඊයෙත් (06) ඊශ්‍රායලය තුළ ජන විරෝධතා හට ගත්තේය. 

 

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 120ක් පමණ තවදුරටත් හමාස් භාරයේ පසුවන බවත්, දැනටමත් එම පිරිසෙන් තුනෙන් එකක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවටත් ඊශ්‍රායලය සැක පල කරයි. 

ඔක්තෝබර් 07 ගැටුමින් අනතුරුව, මේ වන විට, ඊශ්‍රායල ප්‍රහාර වලින් ගාසා හි සටන්කරුවන් ඇතුළු  38000ක් පමණ මරණයට පත් වී තිබේ. සමස්ත කලාපය තුළ වත්මන් තත්වය මානුෂීය අර්බුදයක් තෙක් වර්ධනය වී ඇති බවත්, සිය දහස් ගණනක් ගාසා වැසියන් පූර්ණ සාගත තත්වයකට පත්වෙමින් සිටින බවත් ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙයි. 

ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් 'භූගත උමං ජාලය' ඉලක්ක කරයිමුළුමනින්ම විනාශ වූ උතුරු ගාසා තීරය

 

නව සටන් විරාමය ක්‍රියාත්මක වුවහොත්, ඒ යටතේ දෛනිකව මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 600ක් ගාසා තීරයට අතුළු වීමට නියමිතය. ඉන් අඩක් පමණ, එහි මුළුමනින්ම විනාශ වූ උතුරු ගාසා තීරය වෙත යොමු කෙරෙනු ඇත. 

(සටහන: හර්ෂ  උදයකාන්ත - AP ඇසුරිණි )

මූලාශ්‍රය :

Hamas clears the way for a possible cease-fire in Gaza after dropping key demand, officials say


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...