යුක්රේනයේ කිව් (Kyiv) අගනුවර පිහිටි ළමා රෝහලක කොටසක් ද ඊයේ (08) සිදුකළ මෙම ප්‍රහාර මාලාවෙන් විනාශයට පත්ව තිබේ.
රෝහලට එල්ලවූ රුසියානු මිසයිල ප්‍රහාරයෙන් 190 දෙනකුට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
එහෙත්, යුක්රේන ළමා රෝහලට ප්‍රහාර එල්ල කළ බවට චෝදනා රුසියාව තරයේ ප්‍රතික්ෂේප කරයි.
ඇමරිකානු ජනපති ජෝ බයිඩ්න් (Joe Biden) ද මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙලා දැක තිබේ. එය, රුසියාවේ ම්ලේච්ඡත්වය යළි ලොවට විදහා පෑ අවස්ථාවක් බව ඔහු ප්‍රකාශ කරයි.
අද වොෂින්ටනයේ නේටෝ හමුවක්ද කැඳවා තිබේ. නේටෝ සාමාජික රටවල් 32 ක නායකයින් මුණගැසෙන අද හමුවට යුක්රේන ජනපති වොලොද්මීර් සෙලෙන්ස්කි (Volodymyr Zelensky) ද සහභාගී වෙයි. වත්මන, යුක්රේනය, නේටෝ සාමාජිකයකු නොවුණද, රුසියාව හා පවතින යුද ගැටුම් අවසන් වූ වහා ඊට ඇතුලත් කර ගැනීමට අපේක්ෂිතය.
යුක්රේනයේ ගුවන් ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීමට ඇමෙරිකානු සහාය ලබා දෙන බවද බයිඩ්න් ප්‍රකාශ කරයි. ඒ පිළිබඳව, අද පැවැත්වෙන නේටෝ හමුවේදී නිවේදනය කෙරේ.
යුක්රේනයේ විශේෂ ඉල්ලීමකට අනුව, අද (09) එක්සත් ජාතීන්ගේ ආරක්ෂකද කවුන්සිලයද රැස්වෙයි. යුක්රේන අගනුවරට එල්ලවූ දැඩි ප්‍රහාරයෙන් අනතුරුව අද දින විශේෂ ශෝක දිනයක් ලෙස නම් කර තිබේ.
වසරක පමණ යුද ගැටුම් වලින් යුක්රේනයේ වැඩිම මරණ හා තුවාලකරුවන් සංඛ්‍යාවක් වාර්තා වුයේ ඉකුත් මැයි මාසයේදීය.
ඊයේ මෙම ප්‍රහාරය එල්ලවූ යුක්රේනයේ ඔහ්මාදිත් (Ohmatdyt Children's Hospital) ළමා රෝහල එරට පිහිටි විශාලතම ළදරු හා ළමා රෝහලයි. ප්‍රහාරයෙන්, එහි කොටසක් මුළුමනින්ම විනාශ වී තිබේ.
රෝහල ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමක් සිදුවී නැතත්, අත් වැරදීමකින් මුදා හළ ගුවන් ආරක්ෂක මිසයිලක් මගින් එම අනතුර සිදුවී ඇති බව, රුසියාව ප්‍රකාශ කරයි.
එහෙත්, එය ගුවන් ආරක්ෂක මිසයිලයක් නොව, Kh-101 වර්ගයේ, රුසියානු ප්‍රහාරක මිසයිලයක් බව යුද විශේෂඥයින් විසින් තහවුරු කොට ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
(සටහන: හර්ෂ උදයකාන්ත)
BBC ඇසුරිණි
මූලාශ්‍රය :
Biden condemns 'Russian brutality' after deadly Ukraine strikes



