BREAKING
Top Ad
විදේශ

ඉන්දියානු සෙබළුන්ට යුද බිමෙන් ඉවත්වීමට රුසියාව අවසර දෙයි (වීඩියෝ)

T

The Leader Desk

July 10, 2024 • 4:35 PM

ඉන්දියානු සෙබළුන්ට යුද බිමෙන් ඉවත්වීමට රුසියාව අවසර දෙයි (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුක්රේනයට එරෙහිව සටන් කරමින් සිටින ඉන්දියානුවන්ට රුසියානු හමුදාවෙන් ඉවත්වීම සඳහා අවසර දීමට
  • The Hindu පුවත්පත පවසන අන්දමට ඉන්දියානුවන් 50 දෙනෙකු පමණ තැරැව්කරුවන් විසින් රවටා රුසියානු හමුදාවට බඳවාගෙන තිබුණා.
  • Times of India පුවත්පත පවසන්නේ ඒ සංඛ්‍යාව 35කට ආසන්න බව.
  • ඉන්දියානුවන් සිව් දෙනෙකු යුද බිමේදී මියගොස් ඇති බවත් හින්දු පුවත්පත පවසනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපති ව්ලදිමීර් පූතින් අනුමැතිය පළ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, රුසියාවේ සංචාරයක නිරත වූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්.

The Hindu පුවත්පත පවසන අන්දමට ඉන්දියානුවන් 50 දෙනෙකු පමණ තැරැව්කරුවන් විසින් රවටා රුසියානු හමුදාවට බඳවාගෙන තිබුණා. Times of India පුවත්පත පවසන්නේ ඒ සංඛ්‍යාව 35කට ආසන්න බව. ඉන්දියානුවන් සිව් දෙනෙකු යුද බිමේදී මියගොස් ඇති බවත් හින්දු පුවත්පත පවසනවා.

ඒ අතර මෙසේ රවටා හමුදාවට බඳවාගත් බව පැවසෙන ඉන්දියානුවන් අතරින් දස දෙනෙකු පමණ රුසියානු හමුදාවෙන් පැනගොස් ඉන්දියාව බලා ගොස් තිබෙන බවත් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.


රුසියාව ඉන්දියානුවන් වෙනුවෙන් එවැනි ලිහිල් ආකල්පයක් දැක්වීමත් සමග තමන්ටත් එවැනි බුරුලක් ලැබේ දැයි රුසියාවේ කොටු වී සිටින සිය ගණනක් ශ්‍රී ලාංකිකයින් බලා සිටිනවා.


ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් යුද බිමේදී තුවාල ලබා රෝහල්ගතව සිටින අතර, සිය ඥාතියාට යළිත් ශ්‍රී ලංකාවට යාමට අවස්තාව සලසා දෙන මෙන් 460කට ආසන්න විශ්‍රාමික සෙබළුන්ගේ පවුල්වල සාමාජිකයින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබෙනවා.

වසරක කොන්ත්‍රාත් කාලය අවසන් වීමට කලින් ඔවුන්ට හමුදාවෙන් ඉවත්වීමට අවසර දීම මීට ඉහතදී රුසියාව ප්‍රතික්ෂේප කළා.

රුසියානු හමුදාවට බැඳී සිටි 60කට වැඩි ශ්‍රී ලාංකිකයින් මේ වනවිට යුද බිමෙන් පලා ගොස් යළිත් ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා.

(සරෝජ් පතිරණ )
බීබීසී ලෝක සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...