BREAKING
Top Ad
විදේශ

ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් ! - රැලියේ ඡායාරූප

T

The Leader

July 13, 2024 • 10:38 PM

ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් ! - රැලියේ ඡායාරූප

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙන්සිල්වේනියාවේ මැතිවරණ රැළියක් අතරතුරේ, හිටපු ජනාධිපති ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය.
  • වෙඩි ප්‍රහාරය එල්ල වුණු සැණින් ආරක්ෂක අංශ වහා ට්‍රම්ප් වටකරගෙන ඔහුට ආරක්ෂාව දෙද්දී, සෙසු ආරක්ෂක නිලධාරීන්ගේ අවධානය වෙඩික්කරු යැයි සැක කළ පුද්ගලයා වෙත යොමු වූ බවත්, ආරක්ෂක අංශ නිලධාරීන් පෙරළා කළ වෙඩි තැබීමෙන් ඔහු මියගිය බවත් පැවැසෙයි.
  • වෙඩි හුවමාරුව අතරතුරේ රැලියට සහභාගී වී සිටි අයකු ද ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.
  • මට වෙඩි වැදුණු බව වැටහුණේ එවිටයි.' යැයි වෙඩි ප්‍රහාරයට ලක් වී කඩිනමින් රෝහල්ගත කළ ඇමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහලේ සිට සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහන් පළ කරමින් පැවැසුවේය.
අකුරු ප්‍රමාණය (Font Size):


එක් වෙඩි උණ්ඩයක් ට්‍රම්ප්ගේ දකුණු කණ අසල තුවාල වුණු බවත් ආරක්ෂක අංශ සාමාජිකයන් වහා මැදිහත් වී ට්‍රම්ප් ආරක්ෂිතව එතැනින් ඉවත් කළ බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

දහසකට වැඩි පිරිසක් එළිමහනේ පැවැති එම මැතිවරණ රැලියට පැමිණ සිටි අතර වෙඩි ප්‍රහාරය එම පිරිස අතරින් වේදිකාවේ සිටි ට්‍රම්ප් දෙසට එල්ල විය.

වෙඩි ප්‍රහාරය එල්ල වුණු සැණින් ආරක්ෂක අංශ වහා ට්‍රම්ප් වටකරගෙන ඔහුට ආරක්ෂාව දෙද්දී, සෙසු ආරක්ෂක නිලධාරීන්ගේ අවධානය වෙඩික්කරු යැයි සැක කළ පුද්ගලයා වෙත යොමු වූ බවත්, ආරක්ෂක අංශ නිලධාරීන් පෙරළා කළ වෙඩි තැබීමෙන් ඔහු මියගිය බවත් පැවැසෙයි.

මැතිවරණ රැලිය පැවැත්වූයේ පෙන්සිල්වේනියාවේ බට්ලර් නගරයේය. වෙඩි හුවමාරුව අතරතුරේ රැලියට සහභාගී වී සිටි අයකු ද ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.

 

trump1

පෙන්සිල්වේනියාවේ බට්ලර් නගරයේ පැවති රැලියක් අතරතුර ඩොනල්ඩ් ට්‍රම්ප් කඩිනමින් වේදිකාවෙන් පිටතට රැගෙන යනු ලැබුවේ වෙඩි හඬක් ඇසීමෙන් පසුවය

trump2

ආරක්ෂිතව ඔහුව වේදිකාවෙන් පිටතට ගෙන යන විට ඔහු අත එසවීය.

 

ට්‍රම්ප්ගේ තත්ත්වය බරපතළ නැහැ 

කණ අසල තුවාල වුවත් ට්‍රම්ප්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් ඔහු යහතින් සිටින බවත් පැවැසෙයි. 

ආරක්ෂක අංශ සාමාජිකයන් ට්‍රම්ප් වටකර ගනිමින් වේදිකාවෙන් රැගෙන යද්දී ඔහු තමා හොඳින් සිටින බව පෙන්වමින් රැස්ව සිටි පිරිසට අත වැනුවේය.

'මට වෙඩි තිබ්බා.‍ වේදිකාවේ කතා කරමින් සිටිද්දී, මට වෙඩි හඬ කීපයක් ඇසුණා. හිටිහැටියේ දකුණු කණ අසලින් වේදනාවක් දැනුණා. අතගාලා බලද්දී, මගේ දකුණු කණ් පෙත්ත තුවාල වෙලා. මට වෙඩි වැදුණු බව වැටහුණේ එවිටයි.' යැයි වෙඩි ප්‍රහාරයට ලක් වී කඩිනමින් රෝහල්ගත කළ ඇමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහලේ සිට සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහන් පළ කරමින් පැවැසුවේය.

නොවැම්හිබරයේ පැවැත්ටවෙන ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන්ගේ ප්‍රතිවාදියා වන ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයට ලක් වූයේ පෙන්සිල්වේනියා ජනපදයේ බට්ලර් ප්‍රාන්තයේ රිපබ්ලිකන් මැතිවරණ රැළියක් අමතද්දීය.

'මම මගේ ආරක්ෂක අංශ සාමාජිකයන්ටත් හමුදා සහ පොලිස් නිලධාරීන්ටත් ස්තුතිවන්ත කරනවා. ඔවුන් සැණින් මට ආරක්ෂාව දුන්නා. වහා ක්‍රියාත්මක වී වෙඩික්කරු මර්දනය කළා. රැලියට පැමිණ සිටි මගේ හිතවාදියෙක් වෙඩි වැදී මියගියා. ඒ ගැන මට කනගාටුයි. මම ඔහු වෙනුවෙන් කනගාටු වෙනවා. ඔහුගේ පවුලේ අයට කනගාටුව පළ කරනවා. මට දැනගන්න ලැබුණා තවත් බරපතළ තුවාල ලැබූවෙක් සිටින බව. ඇමෙරිකාවේ මැතිවරණ රැලියක මෙවැනි දෙයක් සිදුවීම බරපතල අර්බුදයක්.' යැයි ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය සටහනේ වැඩි දුරටත් සඳහන් වී ඇත.

 

තිරිසන් ක්‍රියාවක් !

මැතිවරණ රැළිය අතරතුරේ, ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක, හිටපු ජනාධිපති ජොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වුණු වෙඩි ප්‍රහාරය, තිරිසන් ක්‍රියාවක් බව ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

සිද්ධිය සැලවුණු සැණින් ජනාධිපති බයිඩන්, රිපබ්ලිකන්වරන් අමතා ට්‍රම්ප්ගේ තත්ත්වය විමසා බැලූ බව ද වාර්තා වේ. මෙවැනි තිරිසන්, පිළිකුල් දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා තමන් අනුමත නොකරන බව ද ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

trump3trump5trump6
 
ඡායාරූප - BBC සිංහල සේවය 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...