ඒ රිපබ්ලිකන් පක්ෂ සම්මේලනයේ දී ය.
ඒ අනුව ඔහුගේ උපජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස සෙනෙට් සභික ජේඩී වාන්ස් නම් කර තිබේ.
පෙන්සිල්වේනියාවේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර දී එම වෙඩි තැබීම වාර්තා වූ අතර ඉන් හිටපු ජනාධිපතිවරයාගේ කනක් තුවාල වී තිබුණි.
රිපබ්ලිකන් පක්ෂය මෙම තීරණයක් ගෙන ඇත්තේ, පසුගිය දා ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ මැතිවරණ රැළියකට වෙඩි ප්‍රහාරයක් පවා එල්ල වී ඇති පසුබිමකය.
පෙන්සිල්වේනියාවේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර දී එම වෙඩි තැබීම වාර්තා වූ අතර ඉන් හිටපු ජනාධිපතිවරයාගේ කනක් තුවාල වී තිබුණි.
එහිදී වෙඩි ප්‍රහාරය එල්ල කළ බවට සැක කෙරෙන අයෙකු බුද්ධි අංශ ස්නයිපර් වෙඩික්කරුවෙකු විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබුණි.
තෝමස් මැතිව් කෲක්ස්
සැකකරු 20 හැවිරිදි තෝමස් මැතිව් කෲක්ස් නැමැත්තෙකි.
මෙම සිද්ධියේදී රැලිය නැරඹීමට පැමිණ සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලැබීය.
ඇමෙරිකන් ජනාධිතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ දෙවැනියා මෙන්ම උප ජනාධිති අපේක්ෂකයා ලෙස ඔහියෝ ජනපද සෙනෙට් සභික ජේ.ඩී. වැන්ස් තෝරා ගත්තේය.
ඇමෙරිකන් ජනාධිතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ දෙවැනියා මෙන්ම උප ජනාධිති අපේක්ෂකයා ලෙස ඔහියෝ ජනපද සෙනෙට් සභික ජේ.ඩී. වැන්ස්
රිපබ්ලිකන් පක්ෂ සම්මේලනය විස්කොන්සින් ජනපදයේ, මිල්වෝකී නුවරදී පැවැත්වුණු අතර, ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රධාන රිපබ්ලිකන් අපේක්ෂයා ලෙස ට්‍රම්ප් නිල වශයෙන් පිළිගැනීම එහිදී සිදුවිය. ට්‍රම්ප් සිය දෙවැනියා ලෙස ජේ.ඩී. වැන්ස් තෝරා ගත්තේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේය. ඒ අනුව, නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන්, වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පරදවා ට්‍රම්ප් ජනාධිති ධුරයට පත්වුවහොත්, උප ජනාධිපතිවරයා වනු ඇත්තේ ජේ.ඩී. වැන්ස්ය.
39 හැවිරිදි ජේ.ඩී. වැන්ස්, ඇමෙරිකානුවන් අතරේ කීර්තියට පත් වූයේ 2016 වසරේදීය. ඒ, වැන්ස්, ඔහුගේ මතක සටහන් එකන් කරමින්, ට්‍රම්ප් වර්ණනා කර ‘හිල්බිලි එලෙජ්’ නමැති කෘත්‍රිය එළිදැක්වීමෙනි.
වැන්ස් ඇමෙරිකන් සෙනෙට් සභිකයකු ලෙස තේරී පත් වූයේ 2022 වසරේදීය. ට්‍රම්ප්ගේ ‘ඇමෙරිකාව යළි ශ්‍රේෂ්ඨ තැනක් කරමු’ සංකල්පයට කැපී පෙනෙන ලෙස දායක වූ තැනැත්තකු වන්නේ ද වැන්ස්ය. එසේ වුවත්, මෙවර ජනාධිපතිවරණයේ උප ජනාපධිති අපේක්ෂකයා ලෙස ට්‍රම්ප්, වැන්ස් තෝරා ගනීවි යැයි බොහෝ දෙනකු අපේක්ෂා නොකළ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ට්‍රම්ප් සිය දෙවැනියා ලෙස වැන්ස් තෝරා ගැනීම සම්බන්ධයෙන්,ජනාධිපති ජෝ බයිඩන් පාර්ශ්වය කනස්සල්ල සහ අප්‍රසාදය පළ කර ඇත.
ට්‍රම්ප් සිය දෙවැනියා ලෙස වැන්ස් තෝරා ගැනීම සම්බන්ධයෙන්, ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා මෙන්ම ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජනාධිපති ධුරය වෙනුවෙන් තරඟවදින වත්මන් ජනාධිපති ජෝ බයිඩන් පාර්ශ්වය කනස්සල්ල සහ අප්‍රසාදය පළ කර ඇත. ඒ, වැන්ස් දැඩි දක්ෂිණංශික අදහස් ඇති දැඩි අන්තවාදියකු බව පෙන්වා දෙමිනි.
ආචාර්ය මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් සටහනක්

'' ඇසෝසියේට් ප්‍රෙස් (AP) එකේ එවාන් වුචි Evan Vucci) ගත්ත මේ පින්තුරයම ඇති ට්‍රම්ප්ට ආයෙත් බලයට එන්න. එක අතකින් ලේ පෙරාගත්ත කණ සහ කම්මුල අනික් පැත්තෙන් ඇමෙරිකන් කොඩිය. ඒ එක්කම අත මිට මොළවාගෙන අපි දිගටම සටන් කරමු කියල කියන ට්‍රම්ප්....ලේ තැවරුණ ඇමෙරිකන් දේශපාලන ඉතිහාසයට තවත් එක සළකුණක්...''



