ජනාධිපතිවරයාට පැවති රෝග ලක්ෂණ මත සිදුකළ පරික්ෂාවකදී ඒ පිළිබඳ තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ජනාධිපතිවරයා ඩෙලවෙයාර්හි පිහිටි ඔහුගේ නිවසට ගොස් ඇති අතර, එහිදී ඔහු නිරෝධායනය වී සිටින එම කාලය තුළ සියලු රාජකාරි සම්පූර්ණයෙන්ම ඉටු කරන බව ඔහුගේ මාධ්‍ය ලේකම් කරීන් ජීන් පියරේ පවසයි.
ජෝ බයිඩන් ජනාධිපතිවරයාට මීට පෙර අවස්ථා දෙකකදී ද කොවිඩ් වෛරය ආසාදනය වී තිබිණි.
81 හැවිරිදි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය රෝගී තත්ත්වය හේතුවෙන් අද (18) ලාස් වේගාස් හි පැවැත්වීමට නියමිතව තිබු සිය දේශපාලන ප්‍රචාරක රැස්වීමක් ද අවලංගු කර තිබේ.



