බටහිර එක්සත් ජනපද කලාපයේ සහ කැනඩාවේ ප්‍රදේශ රැසක් මේ වනවිටත් ලැව් ගිනි හේතුවෙන් විනාශ වෙමින් පවතී. කලාපයේ අධික සුළං සහ උෂ්ණත්වය, ලැව් ගිනි සීග්‍රයෙන් ව්‍යාප්ත වීමට හේතු වී තිබේ.
මේ වසරේ, කැලිෆෝනියාවෙන් මෙතෙක් වාර්තා වන විශාලතම ලැව් ගිනි තත්වය මෙය ය.
කැලිෆෝනියා ආසන්නයේ පිහිටි පැරඩයිස් ප්‍රදේශයේ මීට පෙර, 2018 දී හටගත් ලැව්ගිනි හෙතුවෙන් පුද්ගලයින් 85ක් මියගොස් නිවාස 11000ක් මුළුමනින්ම ගිනිබත් විය. මේ වන විට, එහි නවතම ලැව් ගිනි තත්වය 2018 වසරට ද වඩා දරුණු තත්වයකට පරිවර්තනය වෙමින් තිබූ බවද වාර්තා විය. ඒ අනුව, කැලිෆෝනියා ප්‍රාන්තබද ජනපද රැසකට බලධාරීන් විසින් වහා ඉවත්වීමේ නිවේදන නිකුත් කර තිබේ.
එළඹෙන සතිය තුළ වඩා සිසිල් කාලගුණික තත්වයක් උදා වුවද, ඒ හේතුකොට ලැව් ගිනි තත්වය සහමුලින්ම සහ ක්ෂණිකව පහව යතැයි අපේක්ෂා නොකෙරෙන බව කාලගුණ බලධාරීහු ප්‍රකාශ කරති.
(සටහන : හර්ෂ උදයකාන්ත )
(APඇසුරිණි)
මුලාශ්‍රය :
Firefighters helped by cooler weather battle blaze that has scorched area larger than Los Angeles



