BREAKING
Top Ad
විදේශ

හමාස් නායකයා ඝාතනය කෙරේ

T

The Leader

July 31, 2024 • 3:01 AM

හමාස් නායකයා ඝාතනය කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ (Ismail Haniyeh) අද (31) අළුයම ඉරානයේදී ඝාතනය කෙරිණි. ඒ බව හමාස් සංවිධානය අද උදෑසන නිවේදනය කළේය.
  •      ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට (Benjamin Netanyahu) එරෙහිව ද එවැනිම ඉල්ලීමක්ත් ජාත්‍යන්තර අධිකරණය විසින් සිදු කර තිබේ.  ඝාතනයට ලක් වූ හමාස් නායකයා, 2017 දී එම තනතුරට පත් විය.
  • ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ප්‍රහාර දියත් කර දස මසක් ඇතුලතදී මෙම ඝාතනය සිදු කර තිබේ. මෙම ඝාතනයත් සමග සමස්ත මැද පෙරදිග කලාපයම යුද බියෙන් ඇලලී ගොස් ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම ඝාතනයත් සමග ගාසා තීරය මුල්කොට පවතින ලෙබනනය ඇතුළු සමස්ත මැද පෙරදිග කලාපයේම යුද උණුසුම තව දුරටත් වර්ධනය වනු  ඇතැයි බිය පල  කෙරේ. 

ඉරානයේ නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමට සහභාගී වී පැය කීපයක් ගතවීමටත් මත්තෙන්, මෙම ඝාතනය කර තිබේ. ඊශ්‍රායලය මෙතෙක් ඒ පිලිබඳ කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නැත. 
 
612826එක්සත් ජනපද ආරක්ෂක ලේකම්, ලොයිඩ් ඔස්ටින්
මේ අතර, එක්සත් ජනපද රජය, ගාසා තීරයේ සහ අවට කලාපයේ යුද උණුසුම සමනය කිරීමට යුහුසුළු වන බවත්, යම් හෙයකින්, ඊශ්‍රායලයට පහර දුනහොත් ඊශ්‍රායලයේ ආරක්ෂාව උදෙසා අවශ්‍ය පියවර ගැනීමට පසුබට නොවන බවත් එක්සත් ජනපද ආරක්ෂක ලේකම්, ලොයිඩ් ඔස්ටින් (Lloyd Austin) ප්‍රකාශ කරයි. 
hisbullas
 
ඊශ්‍රායලය විසින් හිස්බුල්ලා හමුදා ප්‍රධානී ඝාතනය කර පැය 24ක් ඉක්ම යාමට පෙරාතුව හමාස් නායකයා ඉරානයේදී ඝාතනය  විය.

මෙම නව ඝාතනයත් සමග සිය ප්‍රහාර තව දුරටත් දැඩි කරන බවත්, ගාසාහි බලය තහවුරු කර සිටි තම සංවිධානය, අනිවාර්යයෙන් ජයග්‍රහණය කරන බවත්, ජ්‍යෙෂ්ඨ හමාස් ප්‍රධානියකු වන සමී අබු සුහ්රී (Sami Abu Zuhri) රොයිටර්ස් (Reuters) පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ. 

ඉරානයේ සමීප හිතවතකු වූ හමාස් නායකයාගේ ඝාතනයත් සමග ඊට සිය ප්‍රතිචාර දැක්වීමට ඉරානය සූදානම් වෙමින් සිටී. එරට ඉහල පෙළ ආරක්ෂක මණ්ඩලයේ හමුවක් අද දින පැවැත්වීමට නියමිතය. 
 
iol908
පලස්තීන නායක මහම්මුද් අබ්බාස් (Mahmoud Abbas) මෙම ඝාතනය හෙලා දැක තිබේ. ඝාතනයට ලක් වූ හමාස් ප්‍රධානී 'හනියේ', කටාර් රාජ්‍යයේ වාසය කළේය. මීට ප්‍රථම, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ඔහුගේ පුත්‍රයින් තිදෙනකු ජීවිතක්ෂයට පත්විය. ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් යුද අපරාධ සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබේ.     
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට (Benjamin Netanyahu) එරෙහිව ද එවැනිම ඉල්ලීමක්ත් ජාත්‍යන්තර අධිකරණය විසින් සිදු කර තිබේ. 

ඝාතනයට ලක් වූ හමාස් නායකයා, 2017 දී එම තනතුරට පත් විය. ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ප්‍රහාර දියත් කර දස මසක් ඇතුලතදී මෙම ඝාතනය සිදු කර තිබේ. මෙම ඝාතනයත් සමග සමස්ත මැද පෙරදිග කලාපයම යුද බියෙන් ඇලලී ගොස් ඇත.
 
ඊශ්‍රායලය ගාසා හි ජනාකීර්ණ කඳවුරට පහර දී හමාස් සෙන්පතියෙක් මැරූ බව කියයි  
ගාසා තීරයේ, ඊශ්‍රායල භූමි සහ ගුවන් ප්‍රහාරවලින් මේ වනවිට, පුද්ගලයින් 39,000 කට අධික පිරිසක් මියගොස් තවත් මිලියන 2කට අධික පිරිසක් අතිශය මානුෂීය අර්බුදයකට ගොදුරුව සිටිති.  

(සටහන : හර්ෂ උදයකාන්ත )

(Reuters ඇසුරිණි)  

මූලාශ්‍රය :    
Hamas chief Ismail Haniyeh killed in Iran, Hamas says


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...