BREAKING
Top Ad
විදේශ

මැදපෙරදිග අන්තරායකර ගුවන් කලාප ඔස්සේ ගුවන් ගමන් නවතා දමයි

T

The Leader

August 2, 2024 • 6:37 AM

මැදපෙරදිග අන්තරායකර ගුවන් කලාප ඔස්සේ ගුවන් ගමන් නවතා දමයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර ගුවන් සේවා රැසක් ඉරාන සහ ලෙබනන් ගුවන් කලාප මගහැර පියාසර කිරීමට පියවර ගෙන තිබේ.
  • ලෙබනනය, ඉරාකය සහ යේමනය ඇතුළු සිය කලාපීය එකමුතුව සමග, ඊශ්‍රායලය වෙත ප්‍රතිචාර දැක්වීමට ඉරානය මේවනවිටත් සූදානම්ව සිටී.  එක්සත් ජනපද සහ යුරෝපා ගුවන් සේවා රැසක් මීට පෙර සිටම, ඉරාන ගුවන් කලාපය මගහැර ගුවන් ගමන් සිදු කිරීමට පියවර ගෙන තිබිණි.
  • ඉතිහාඩ්, ෆ්ලයි ඩුබායි, කටාර් සහ තුර්කි ගුවන් සේවා ද ඒ අතර විය.  ඉකුත් දෙදින ඇතුලත, එයාර් ඉන්දියා, ජර්මනියට අයත් ලුෆ්තන්සා සහ ඉතාලි අයි.ටී.ඒ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊශ්‍රායලය සහ ලෙබනන් වෙත සිදුකෙරෙන ගුවන් ගමන් ද අවලංගු කර ඇත.

ඉකුත් සතියේ සිදු වූ මුල් පෙළ, හමාස් සහ හිස්බුල්ලා ප්‍රධානීන්ගේ ඝාතන හේතුවෙන් කලාපයේ යුද උණුසුම තවදුරටත් වර්ධනය වීම හමුවේ මෙම තීරණ ගෙන තිබේ. 

සිංගප්පූරු ගුවන් සේවය, සිකුරාදා (26) උදෑසන සිටම ඉරාන ගුවන් කලාපය හරහා ගුවන් පියාසැරි අත්හිටුවීමට කටයුතු කළේය. තායිවානයේ ඊවා (EVA) ගුවන් සේවය  සහ චීන ගුවන් සේවයද, ඉරාන ගුවන් කලාපය ඔස්සේ ඇම්ස්ටඩෑම් වෙත කෙරෙන ගුවන් ගමන් වහා නවතා දමා තිබේ. 

මේ අතර, ගුවන් අන්තරායයන් පිලිබඳ තොරතුරු දක්වන සංවිධාන කිහිපයක් විසින්ම, ආසියා-යුරෝපා ගුවන් ගමන්, ඉරාන සහ ඉරාක  ගුවන් කලාපයනේගෙන්  බැහැරව සිදුකරන ලෙස ගුවන් සේවාවන් දැනුම්වත් කර තිබේ. ලෙබනනය, ඉරාකය සහ යේමනය ඇතුළු සිය කලාපීය එකමුතුව සමග, ඊශ්‍රායලය වෙත ප්‍රතිචාර දැක්වීමට ඉරානය මේවනවිටත් සූදානම්ව සිටී. 

එක්සත් ජනපද සහ යුරෝපා ගුවන් සේවා රැසක් මීට පෙර සිටම, ඉරාන ගුවන් කලාපය මගහැර ගුවන් ගමන් සිදු කිරීමට පියවර ගෙන තිබිණි. ඉකුත් සිකුරාදා (26) සිංගප්පූරු ගුවන් සේවය, ලන්ඩන් නුවර  හීත්රෝ ගුවන් තොටුපොල  වෙත සිදුකෙරෙන සියලු ගුවන් ගමන්, ඉරාන ගුවන් කලාපය මගහැර ටර්ක්මෙනිස්තානය (Turkmenistan) සහ අසර්බයිජානය හරහා සිදු කිරීමට පියවර ගත්තේය. 

එහෙත්, එමිරේට්ස් ගුවන් සේවය ඇතුළු තවත් ජාත්‍යන්තර ගුවන් සේවා කිහිපයක්ම, ඉකුත් සිකුරාදා වන විටත් සිය ගුවන් ගමන් සඳහා ඉරාන ගුවන් කලාපය තව දුරටත් භාවිතා කරනු නිරීක්ෂණය විය. ඉතිහාඩ්, ෆ්ලයි ඩුබායි, කටාර් සහ තුර්කි ගුවන් සේවා ද ඒ අතර විය. 

ඉකුත් දෙදින ඇතුලත, එයාර් ඉන්දියා, ජර්මනියට අයත් ලුෆ්තන්සා සහ ඉතාලි අයි.ටී.ඒ. ගුවන් සේවාද, ටෙල් අවිව් දක්වා සිදු කෙරෙන සියලු ගුවන් ගමන් වාර අත්හිටවූ බව නිවේදනය කළේය. 

ගුවන් පියාසැරි සඳහා ලෙබනන ගුවන් කලාපය භාවිතා කිරීම තවත් මසකට නවතා දමන ලෙස කැනඩාව ද සිය ගුවන් සේවාවන්ට උපදෙස් ලබා දී තිබේ. 

මේ අතර, බ්‍රිතාන්‍යයද ලෙබනන ගුවන් කලාපය තුල සිදුවිය හැකි ගුවන් යානා නාශක ප්‍රහාර සහ වෙනත් අන්තරායයන් පිලිබඳ සිය ගුවන් නියමුවන් දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇත. 

යුද උණුසුම ලබා ඇති මෙම අන්තරායකර ගුවන් කලාප ඔස්සේ ප්‍රහාරක ඩ්‍රෝන සහ මිසයිල ගමන් කළ හැකි බවට දැනුම් දී තිබේ. 

ඊශ්‍රායලය සහ ලෙබනනය, සිය ගුවන් කලාප තුළ  ගුවන් යානා ජී.පී.එස්. පද්ධතීන් වෙත ව්‍යාජ සංඥා නිකුත් කර එම ගුවන් යානා ගුවනේ අතරමං කිරීමේ උපක්‍රමික ක්‍රමෝපායයන් දියත් කර ඇතැයි ද වාර්තා වෙයි. 

ජාත්‍යන්තර ගුවන් සේවා රැසක් මේ වවන විටත්, ලබනනයේ බීරූත් වෙත කෙරෙන ගුවන් ගමන් ප්‍රමාද කිරීමට හෝ මුළුමනින්ම අත්හිටුවීමට පියවර ගනිමින් ඉසිටින බව රොයිටර් (Reuters) පුවත් සේවය වාර්තා කරයි. 

(සටහන : හර්ෂ උදයකාන්ත)


( Reuters ඇසුරිණි)  

මූලාශ්‍ර :   

Airlines avoid some Mideast airspace, cancel Israel flights as tensions mount


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...